විහාරාධිපති හිමියන් රාත‍්‍රී නින්දට ගිය පසු වටිනා බඩුමුට්ටු සොරකම් කිරීමේ අරමුණින් රෑ බෝ වන තෙක් දහවල් පන්සලේ කාමරයක වහලයේ සැඟව සිටි හොරා දුටු විහාරාධිපති හිමියෝ නොදැක්කා සේ ඉඳ අසල්වාසීන් ගෙන්වා හොරා අල්ලා දුන් සිද්ධියක් කොළඹට ආසන්න විහාරස්ථානයකින් වාර්තා විය.
හොරා ගමේම එකෙකි. දහවල් කාලයේ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බව අන් අයට අඟවා එහි විහාරාධිපති හිමියන්ට හොරෙන් පන්සල ඇතුළට ගොස් කාමරයකට රිංගා ගෙන ඇත. විහාරාධිපති හිමියන් පමණක් එදින පන්සලේ වැඩ සිටින බව දැන ගත් හොරා වටිනා බඩු මුට්ටු සොරකම් කිරීමට සිතාගෙන රාත‍්‍රිය එළඹෙන තෙක් එහි වහලයකට නැග නොපෙනෙන සේ ඉඳ ඇත.
විහාරාධිපති හිිමියන් කළුවර වීමට කලින් දෙරගුළු වසා ගබඩා කාමරයක දොර වැසීමට යද්දී කිසිවකු වහලයෙ බාල්ලකයක සිිටිනු දැක ඇත.
පන්සලට හොරෙක් ඇතුල් වී සිටින බව වටහා ගත් උන්වහන්සේ, කලබලනොවී හොරා ගැන අවධානයක් නොකර පන්සලේ පිටත සිටි කෙනෙක් මාර්ගයෙන් තරුණ පිරිසක් ගෙන්වා හොරා ඉන්නා තැන පවසා ඇත.
වහා ක‍්‍රියාත්මක වූ තරුණයින් හොරා බිමට බස්සවා අමතක නොවන ගුටි සංග‍්‍රහයක් දී අදට සමාව දෙනවා, මීටපස්සේ අහුවුණොත් දෙන දඬුවම මීට වඩා වෙනස් යැයි කියමින් මුදාහැර ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
විහාරාධිපතිගේ කනෙන් රිංගන්න හැදු හොරාට අපූරු පාඩමක්
කාස්සප Friday, 18 July 2014 07:13 AM
දයා අලහකෝන් මහතාගේ අදහස අනුමත කරමි. (අ)
එරංග Tuesday, 22 July 2014 10:38 AM
හොරාට දැලි පිහියෙනුත් කිරිකන්න පුළුවන්. නමුත් හැමදාම බැහැ.හොට පැටලුනදාට ඉවරයි, ඔක්කොම සෙල්ලම් (නි)
බමුණු Friday, 18 July 2014 07:52 AM
"ගුටි බැට දෙන්නේ නැතුව බුදු බණ ටිකකින් හොරාව ඇරියා නම් ගොඩක් වටිනවා" ඒ අවුරුදු 2500 ට කලින් උනානම්. දැන් හොරුන්ට ඔය දීපු දඬුවම හොඳටම මදි. (නදී)
ලෝචන අසංක Friday, 18 July 2014 08:26 AM
මීට වඩා හොද දඩුවමක් දෙන්න තිබ්බේ!! (අ)
ජෝන් Friday, 18 July 2014 08:36 AM
අද කාලේ හොරුන්ට බුදු බණ කියලා වැඩක් නැහැ. (නි)
කුමාර Friday, 18 July 2014 08:42 AM
මට මතක් වෙනවා මනුතාපයේ කතාව (නි)
ෆෛරූස් Saturday, 19 July 2014 09:29 PM
කෝ බල සේනාව මේකට මැදිහත් වෙන්නේ නැද්ද? (නදී)
සමන් Tuesday, 22 July 2014 05:36 AM
, මේ කොලුවා පන්සලේ හැංගිලා තියෙන්නේ නොනාගෙන් තියෙන කරච්චලේ හින්ද වෙන්න බැරිද ? (අ)
සඳුන් පෙරේරා Saturday, 19 July 2014 04:00 AM
ශාන්ත, ඒ හොරා කන්ගැට්ටෙක් සෙට් කර ගත්තානේ. මේක මේ පොඩි හොරකමක්. (නි)
රුවන් Friday, 18 July 2014 02:29 PM
කවුද දන්නේ භික්ෂුන් වහන්සේ තනිවම ඉන්නා නිසා භික්ෂුව ඝාතනය කරලාම සොරකම කරන්න සැලසුම් කළාද කියලා? (නි)
රුවන් Friday, 18 July 2014 02:29 PM
පොලිසියට බාරදුන්නා නම් සුලමුල හොයාගන්න තිබුනා.හොරුන්ට නම් කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි. (නි)
චන්ද්‍රසිරි Friday, 18 July 2014 09:20 AM
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර! (නි)
වික්‍රම Friday, 18 July 2014 02:44 PM
හාමුදුරුවන්ට කරදරයක් නොවීම ගැන හිතට දැනෙන්නේ පුදුම සහනයක් (නි)
බමුණු Sunday, 20 July 2014 02:24 AM
"සොරා යහමගට ගත්ත හැටි මතකද ?"එහෙම හොරු ඉන්නේ පොත් වල පමණයි (නදී)
නයනා Friday, 18 July 2014 09:28 AM
හාමුදුරුවෝ නුවණක්කාරව වැඩ කරලා තිබෙනවා (නි)
නුවන් Saturday, 19 July 2014 05:15 AM
සමහර අයට තේරුම් කරන්න ඒ ගොල්ලන්ගෙම බාසාව යොදා ගන්න වෙනවා.(අ)
මිලානො ජයන්ත Sunday, 20 July 2014 09:06 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
අජිත් Friday, 18 July 2014 10:03 AM
මනුතාපය කියවලා තිබෙනවද? එහෙම අය ඉන්නේ පොත්වල වෙන්න ඇති. (නි)
මහේෂ් Thursday, 24 July 2014 09:45 PM
අනේ මෙහෙමත් හොරු! (නි)
පිටබැද්දර ජයා Saturday, 19 July 2014 07:45 AM
සාන්ත එහෙනම් කන්ගැට්ටද දන්නේ නැහැ නේද ? (නදී)
දයා අලහාකෝන් Friday, 18 July 2014 05:36 AM
ගුටි බැට දෙන්නේ නැතුව බුදු බණ ටිකකින් හොරාව ඇරියා නම් ගොඩක් වටිනවා (නදී)
ලසිත් Friday, 18 July 2014 10:15 AM
බණ කියලා හික්මවන්න පුළුවන් හොරුන් ඉන්නවද ලංකාවේ? (නි)
කුමාරි Friday, 18 July 2014 06:09 AM
ලොකු හාමුදුරුවොත් තරුණයනුත් අගය කරමි. නිසි දඬුවම හොරාට ලැබිල. (නදී)
ලලිත් ලියනගේ Monday, 21 July 2014 02:45 AM
මට මතක් වෙන්නේ මනුතාපය. එහි භික්ෂූන් වහන්සේ සහ ජනවර්ජන. (නි)
සෑම් Saturday, 19 July 2014 09:21 AM
මම උපතින් සිංහල බුද්ධාගමේ කෙනෙක්. නමුත් කාටහරි "මනුතාපය" ( වික්ටර් හියුගෝ ගේ ලේ මිසරාබ්ලේ ) කෘතියේ එන පාදිලි තුමා තම දේවස්ථානයෙන් සොරකම් කර අසුවූ සොරා යහමගට ගත්ත හැටි මතකද ? (නදී)
කලීල් Friday, 18 July 2014 09:23 PM
ඒ සැළකීම නම් නියමයි (නි)
ශාන්ත Friday, 18 July 2014 09:31 PM
අර කාලෙකට ඉස්සර කොළඹ කටුගෙට හොරකමට ආවෙත් මේ වගේම හොරෙක් නේද? (නි)
ඉසුරු Monday, 21 July 2014 03:50 AM
දැන් කාලේ හොරුත් බණ කියනවනේ. එහෙම එකේ හොරුන්ට බණ කියලා වැඩක් තියෙයිද ? (නි)
රණා Thursday, 24 July 2014 05:12 AM
ෆෛරූස් සහෝදරයාගෙන් අහන්න කැමතියි පන්සලකට හොරෙක් පනින එකටත් බල සේනාවද වගකියන්න ඕනා කියලා. එතකොට පලස්තීනයේ බුරුතු පිටින් මිනිස්සු මරණ එකට කව්ද වග කියන්නේ. (නදී)
පිටිගල Saturday, 19 July 2014 09:49 AM
විහාරාධිපතීන් වහන්සේ මේ හොරාව දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? එදා රෑ උන් වහන්සේවත් මරලා පන්සලත් කොල්ල කනවා නේද? අඬු කඩලා පොලිසියට බාර දෙන්නයි තිබුනේ. (නදී)
තේජාන්විත Monday, 21 July 2014 04:17 AM
දය අලහකෝන් ඇතුළු ඒ අදහස අනුමත කරන සියලු දෙනාම සිල් ගත් නයාගේ කතාව අහලා තියනවද? දැලි පිහියෙන් කිරි කන්න පුළුවන් වුණාට මොළය තියන අය ඒකෙන් කිරි කන්නේ නැහැ (නි)