IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වාහනය ඇඟේ හැපුණැයි බොරු චෝදනා කළ ‘අපතයාට’ වැඩ වරදී

වාහනය තමාගේ ඇඟේ ගැටුණු බවට බොරුවට චෝදනා කරමින් රියැදුරන්ගෙන් මුදල් ගසා කෑමේ කූට ජාවාරමේ නිරත පුද්ගලයන් පිළිබඳව කොළඹ පමණක් නොව වෙනත් නගරවලින්ද නිරන්තරව අසන්නට ලැබේ.


එවැනි වංචාකාරයකුගේ ව්‍යාජ රංගනයකට ගොදුරුවී මුදල් අහිමිවන්නට ගිය පුද්ගලයකුට යහපත් මිනිසෙකුගේ ඉදිරිපත්වීම නිසා ඉන් බේරීමට හැකිවූ පුවතක් පසුගියදා බම්බලපිටිය ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.


සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා ඈත ප්‍රදේශයක සිට පැමිණි අයෙකි.
 ඔහු  අවශ්‍යතාවක් සඳහා කොළඹ නගරයට මෝටර්   රථයෙන් ගොස් සමුද්‍රාසන්න (marine drive) මාර්ගය ඔස්සේ පැමිණ ගාලු‍ පාරට පිවිසීම සඳහා අතුරු මාර්ගයකින් පැමිණෙමින් සිටිය දී පසුපසින් හඹා ආ ත්‍රිරෝද රථයක් මෝටර් රථයේ ගමන් මග හරස් කරමින් නතර කළේය. ඒ සමඟම හැඩිදැඩි පුද්ගලයෙකු ඉන් බැසගත් අතර ත්‍රිරෝද රිය ඉවත්ව ගොස් ඇත.


එම පුද්ගලයා මෝටර් රථය අසලට පැමිණ වීදුරුවට වේගයෙන් තට්ටු කරමින්  උස් හඬින් පවසා ඇත්තේ මෝටර් රථය අතුරු පාරට හරවන විට තමා එහි ගැටුණු බවයි.


එහෙත් එවැනි කිසිම ගැටීමක් නොවුණු බව රියැදුරාට ඉතා විශ්වාස බැවින් ඔහු රථයෙන් නොබැසම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය . එවිට අසභ්‍ය වචනයෙන් කතාකළ එම පුද්ගලයා ‘‘නෑ කියල පැනල යන්නද හදන්නෙ,  මගේ අතටත් තුවාලයි, තමුසෙගෙ වාහනේටත් ඩැමේජ් වෙලා”‍ යැයි කීවේය.


 තමාට නොදැනෙන්ට හෝ ගැටීමක් සිදු වූයේ දැයි සැක සිතූ රියැදුරා රියෙන් බැස වාහනය පරීක්ෂා කර බැලු‍වේය. එවැනි කිසිම ගැටීමක සලකුණක්වත් නැත.


   වංචාකරුගේ කන්දොස්කිරියාවේ අවසානයක් නැත. ඔහුගේ අතක ලේ තැවරී ඇති ආකාරයක් පෙනෙන්නට තිබුණත් එය ඔහු විසින් පැහැදිලිව නොපෙන්වන ආකාරයක් ද රියැදුරාට හැඟී ගියේය. එය කිසියම් සායම් වර්ගයක් ආලේප කර ගැනීමක් බවට රියැදුරාට පසුව  ප්‍රත්‍යක්ෂ විය.


‘‘අපි එහෙනම් පොලීසි යමු”‍ රියැදුරා යෝජනා කළේය .
‘‘බෑ,  බෑ  පොලිසිවල ගිහින් මට රස්තියාදු වෙන්න බෑ, , මම  බාස් කෙනෙක්, රස්සාවෙන් දවසට හාර පන්දාහක් හම්බ කරනවා. එහෙම නෙවෙයි මේක ගොඩින් බේරගමු ,මට පන්දාහක් දෙනවා”‍
ඔහු දිගින් දිගටම අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් ගෝරනාඩු කළේය.


‘‘නෑ නෑ පන්දාහක් දෙන්න මගේ ළඟ සල්ලි නෑ”‍ කී රියැදුරා මුදල් දීම තරයේ ප්‍රතික්ෂේප කළත් ඔහුගෙන් බේරුමක් නැත. කේවල් කර කේවල් කර අවසාන⁣⁣යේ  මුදල රුපියල් දහසකට අඩුකර ගැනීමට ඔහු සමත්විය.  රස්තියාදු වනවාට වඩා රුපියල් දාහක් දී මේ හිසරදයෙන් බේරීයාම නුවණට හුරු  බව  ඔහු කල්පනා කළේය.


 ඒ අවස්ථාවේ ඔහුගේ පසුම්බියේ  තිබී ඇත්තේ රුපියල් එකසිය පනහක පමණ මුදලකි. ඒ බව සනාථ කිරීම සඳහා  රියැදුරා පසුම්බිය විවෘත කර ඔහුට පෙන්වීය.


‘‘ඕකෙ නැතිවුණාට කමක් නෑ, අන්න අතන ඒටීඑම්එක තියෙනව ගිහිල්ල ගේනවා.”‍යැයි කියා  ඔහු ඒටීඑම් යන්ත්‍රය තිබෙන දිසාව පෙන්වීය.


මදක් ඈතින් තිබූ  ඒටීඑම් යන්ත්‍රය වෙත යනතුරුම එම පුද්ගලයා මෝටර් රිය අසල සිට  තමා දෙස ඇස ගසා සිටින බැව්  රියදුරා  දුටුවේය.


කෙසේ වෙතත් ඒටීඑම් යන්ත්‍රය අසල සිටි මැදිවියේ මහත්මයකුට රියැදුරා කෙටියෙන් සිද්ධිය කීවේය.


සැබවින්ම අසාධාරණයට එරෙහිවන පුද්ගලයෙකු වූ ඔහුට  මේ  කතාව ඇසීමෙන් බලවත් සේ කේන්ති ගියේය.
‘‘ඔය වගේ අපතයො ඉන්නව මේ හරියෙ, දෙන්න එපා එක සත පහක්. ඔයා යන්න පොලීසියට. යං මමත් එන්නම්”‍ කියා ඔහු ද රියැදුරා  සමඟ මෝටර් රථය දෙසට ගමන් කළේය.


ඔවුන් දෙදෙනා මෝටර් රථය අසලට එන විට  අර පුද්ගලයා අතුරුදන්ව තිබිණ.


අයුක්තිය අසාධාරණය දැක දැක ඉවත බලාගන්නා මිනිසුන් බහුල මෙවන් යුගයක නන්නාඳුනන තමා වෙනුවෙන් ඉදිරිපත්වීම පිළිබඳව මුව නොසෑහෙන්න මහත්මයාට ස්තූති කළ රියැදුරා තම ගමනාන්තය බලා පිටත්ව ගියේය.

පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි



අදහස් (0)

වාහනය ඇඟේ හැපුණැයි බොරු චෝදනා කළ ‘අපතයාට’ වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site