(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දරු මල්ලන් සිව් දෙනෙකු සමග වසර විස්සක් තිස්සේ පවුල් දිවිය ගත කර විසි දෙවසරකට පෙරදී දික්කසාද කළ බිරිය හා යළි විවාහවී මාස දෙකකින් බිරිය නිවසින් පන්නා දැමූ හැට හැවිරිදි සැමියෙකු පිළිබඳව වැව් බැඳි රාජ්‍යයේ ගම්මානයකින් පසුගිය දා වාර්තාවිය.

වැව් තාවුල්ලක දිවි ගෙවූ මෙම පවුල සාමයෙන් සාමදානයෙන් කල් ගත කළත් සැමියා අන් ළඳුන් කෙරේ වැඩි සෙනෙහසක් දැක්වීම නිසා පවුල් දිවිය කෙමෙන් කෙමෙන් කඩා වැටෙන්නට පටන් ගත්තේය.
එහි ප්‍රතිඵලයක් ලෙස දරුමල්ලන් සැමියාට බාරදී බිරිය සැමියාගෙන් වෙන්වූයේ දික්කසාදය ලබා ගනිමිනි. මෙසේ වසර විසි දෙකකටත් වැඩි කලක් ගතවිය. මේ අතර සැමියා නිවසේ හුදකලා විය. දරු මල්ලෝ විවාපත්වී වෙන්වී ගියහ. ඔහු හා ඇසුරට වැටී සිටි කතුන් ද ටිකෙන් ටික ඈත්වූයේ කපුටන් ඵල නැති රුකක් අත්හැර යන අයුරිනි.
මෙසේ කාලයක් හුදෙකලාව කල්ගතකළ සැමියා පැරණි බිරියට කතා කළේය. කතා බහ ටිකෙන් ටික වැඩීවීමෙන් පසු අපි දෙන්නා ආපහු බඳිමු සැමියා යෝජනා කළේය. කළ වැරදි තේරුම් ගිහින් වගෙයි සිතූ බිරිය ඊට කැමැත්ත දුන්නාය. අවසානයේ දෙන්නා යළි විවාහවී සැමියාගේ නිවසේ පදිංචියට ආ අතර හොදින් කල්ගත කළේ මාස දෙකක් පමණි.
සැමියා හා ඇසුරු කළ කාන්තාවකට මේ බව ආරංචිවීමෙන් පසු ඇය ඔහු සොයා නිවසට ආවාය. ඇය දබර කළාය. සැමියා අනියම් බිරිය සමග දබර කරන අන්දම බිරිය ඉහළ මහලට වී බලා සිටියාය. පැය කිහිපයක් ගතවිය. කිසියම් ආකාරයක තර්ජනයක් කළ කාන්තාව නිවසෙන් පිටත්ව ගියාය.
ඒ සමගම සැමියා බිරිය සොයා උඩු මහලට ආයේය. ඔහු සමාව අයදින්නට සූදානම්ව ඇතැයි බිරිය සිතුවාය. කමක් නැහැ මම ඕවා ගණන් ගන්නේ නැහැ ඇය කීවාය. ඒකට කමක් නැහැ. උඹ දැන්ම මගේ දෑහැට නොපෙනී මෙතනින් පලයන්. සැමියා ගෝරනාඩු කරද්දී කළ හැකි දෙයක් නොවූ බිරිය රෙදි ටිකත් කර පින්නාගෙන නිවසින් පිටත්වූවාය.
ඇයට වසර විසි දෙකක් සිටි නිවසටත් යන්නට බැරිය. ඒ ඔවුන් එපා කියද්දී යළි විවාහවීම නිසාය. මෙසේ වනු ඇති බව ඔවුන් කී බව සිහිපත්වීමෙන් පසු බිරිය දැන් දවසින් දවස තැනින් තැන කල් ගත කරමින් සිටිද්දී සැමියා යළි හුදකලාව නිවසේ කල් ගත කරන්නේ කිසිවෙකුගේ හව් හරණයක් නැතිවය.
2025 ඔක්තෝබර් මස 08
1699
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
වසර 22 ක් වෙන්වී සිට යළි පවුල් කන්න ඇවිත් ජංජාලයක්
රවින් Monday, 04 March 2019 07:18 AM
දේපල ටික එහෙම ලියලද? හොර අඹුව බලාගෙනයි ඉන්නේ...
sampath Wednesday, 06 March 2019 11:30 AM
ඔය තරම් බය වෙන්නේ මොකටද?