IMG-LOGO

වාසියට නිරෝධායනය වෙලා: පෙරේත තටුවක් ගෙදර ඇවිත්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ ඇත්කදුර ජනක් ද සිල්වා)
කොරෝනාවෙන් මියගිය තැනෙත්තෙකුගේ සෘජු ආශ්‍රිතයකු බව පවසා ස්වයං නීරෝධායනයට යොමුවූ අයකුට ලැබූණ අපූරු බඩු මල්ලක් පිළිබඳව දකුණේ ගමකින් අහන්නට ලැබේ.


හේ කාට හෝ හෙනපතයක් පාත් කර ජීවත්වන්නකු ලෙස ගම පුරාම ප්‍රචලිතව සිටියේ අද ඊයක සිට නොවේ. කොවිඩ්-19 ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කරන ලද පසු  ඔවුනගේ හිතවතුන්ගෙන් හා ඥාතීන්ගෙන් ලැබෙන බඩු මලු පිළිබඳ ඔහුට ආසාවක් උපන්නේය. 


කවර හෝ උප්පර වැට්ටියක් යොදා ස්වයං නිරෝධායනයට යොමු වුව හොත් තමාට ද සති කිහිපයක් නිවසේ සිටම කරදරයක් නොමැතිව ජීවත්විය හැකි බව හේ සිතුවේය. මේ අල්ල පනල්ලේ  ඔහුගේ නිවස ආසන්නයේ පදිංචි අයකු කොවිඩ්-19 ආසාදිතව මිය ගියේය. ඔහු මෙය වාසියට හරවා ගත්තේ ප්‍රදේශය බාරව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මිය ගිය අයගේ ආශ්‍රිතයන් කවුදැයි සොයමින් සිටි අවස්ථාවේදීය. මියගිය අයත් මොහුත් ආශිතයන් බව දන්නේ ඔවුන් දෙදෙනා නිසා සිය උපාය යොදා ගැනීමට මෙය තවත් පහසුවක් විය.


මිය ගිය අයගේ ආශ්‍රිතයන් සැබෑ ආශ්‍රිතයන් සැඟව සිටි අවස්ථාවක මොහු ස්ව කැමැත්තෙන්ම ආශ්‍රිතයකු ලෙස පෙනී සිටියේ යටි සිතේ ලැගුම් ගෙන තිබූ උපාය ක්‍රියාත්මක කිරීමටය. ඒ අනුව ඔහු නිරෝධායනයට යොමු කෙරිණි. ඒ අනුව ඔහු නිවස ස්වයං නීරෝධායනයට ලක් කෙරිණි


ඒ සමගම ඔහු තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට තමා නිරෝධායනයට යොමු කර ඇති බව දැන්වූයේ ඔවුන්ගෙන් ලැබෙන වාසි ලබා ගැනීමටය. ඒ සඳහා ඔහු හිස් පුටුවක් සිය නිවසේ ඉදිරිපිට වැට අයිනේ තබා තිබුණේය. අසල්වාසීන්, නෑ හිතවතුන් තමන්ට හැකි පමණින් බඩු ගෙනත් පුටුවේ තැබුවේය.


ඔහුගේ මේ කූට උපාය ගමේ තරුණ පිරිසට දැන ගන්න ලැබෙන්නේ ඔහුගේ කටේ වූ වරදකිනි. එදා හිමිදිරියේම ඔහුගේ පුටුව උඩ පෝර ගෝනියක බඩු මල්ලක් දක්නට ලැබුණි. අද නම් කවුරු හරි හොඳට සලකා තියෙනවා, යැයි සිතමින් හේ සතුටින් බඩු මල්ල ගෙන ඉතා අපහසුවෙන් නිවසට උස්සගෙන ගොස් එය ලිහා බැලු‍‍වේ එහි ඇති දෑ මොනවා දැයි යන්න දැන ගැනීමට තිබූ නොතිත් ආසාව නිසාමය.

කැපූ දෙහි බෑ, හිල් කරන ලද තැඹිලි ගෙඩියක්, පත්තුවී නිවුනු පන්දම් කොට කිහිපයක් ආදී පෙරේත තටුවක දෑ එම පෝර උරයේ තිබෙනු දැකීමෙන් ඔහු බය විය. වහාම ඔහු ඒවා විසිකර දැමූවේ ආයේ නම් නිරෝධායනයට  යොමු නොවන බව සිතමිනි.



අදහස් (0)

වාසියට නිරෝධායනය වෙලා: පෙරේත තටුවක් ගෙදර ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 657 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site