IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


වැසිකිළි යන්න වතුර බාල්දියක් ඉල්ලූවාම වීදුරුවක් දීලා

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ බිමේ සිටි චීන ජාතිකයකු පසුගියදා ආසන්නයේ වූ නිවෙසකට කඩිමුඩියේ දිව ගියේ වතුර අවශ්‍යතාවක් නිසාය.

පෙර දින රාත‍්‍රියේ ආහාරයට ගත් මස් වර්ගයක් නිසා ඔහුට දැඩි බඬේ අමාරුවක් ඇතිව තිබිණි. සිංහල හරි හැටි නොදත් ඔහු නිවසේ වැසිකිළිය අසල වූ පයිප්පයට අත දිගු කරමින් නිවාස හිමියාගෙන් අභිනයේ යෙදෙමින් ඉල්ලූවේ එම වතුර ගෙන යාමට භාජනයකි. ”වෝටර් වෝටර්” යනුවෙන් ද ඔහු කීය.

තත්ත්වය තේරුම් නොගත් ගෙහිමියා දුවට කීවේ ”මේ මනුස්සයට පිපාසය වගේ. වතුර වීදුරුවක් දෙන්න” කියාය. ඇය ගෙනා වතුර වීදුරුව දුටු චීන ජාතිකයාට තරු පෙනිණි.

කලබලයට පත් ඔහු ”නෝ... නෝ.. බිග්වන් බිග්වන් ලොකු එකක්” කියා අමාරුවෙන් සිංහල වචනය කීවේ කලිසමේ පස්ස පැත්ත වම් අතින් තවත් තදකරගෙනලූ.


මාතර ගොඩගම ප‍්‍රදේශයෙන් අසන්නට ලැබුණු සත්‍ය පුවතකි.



අදහස් (0)

වැසිකිළි යන්න වතුර බාල්දියක් ඉල්ලූවාම වීදුරුවක් දීලා

සමන් Saturday, 31 January 2015 08:37 AM

චීන ජාතිකයින් වැසිකිලි යාමට වතුර නොව කොළ භාවිතා කරන්නේ.(හේ)

:       0       0

නුවන් Saturday, 31 January 2015 08:42 AM

මෙයාට ඒ වේලාවේ මොනවා හිතෙන්න ඇතිද?(හේ)

:       0       0

රසික විතාන Thursday, 29 January 2015 04:24 AM

චීන ජාතිකයන් වැසිකිළි භාවිතයට කඩදාසි භාවිතා කරන්නේ නැද්ද? (නි)

:       0       0

අසෝක Sunday, 01 February 2015 09:56 PM

දැන් බලමුකෝ එතකොට, අපේ කෙනෙකුට ඉංග්‍රීසි එහෙම දන්නේ නැතුව මේ වගේ දෙයක් එංගලන්තයේදී වගේ වුණා නම් අපේ සිංහල අය කී දෙනෙක් එයාට ඉංග්‍රීසි බැහැ කියලා හිනාවෙයිද? (නි)

:       0       0

දුමින්ද Monday, 02 February 2015 09:05 AM

ශාරීරක අවශ්‍යතාවයක් මේ වගේ කතා කිරීම හොඳද ? (නදී)

:       0       0

රුවන් Thursday, 29 January 2015 06:57 AM

මටත් ඔවැනිම දෙයක් වුනා පිටරටදී. (ර)

:       0       0

සූජිව Thursday, 29 January 2015 07:08 AM

අතින් නවත්තගන්න පලුවන් එකක්ද ඕක.(හේ)

:       0       0

අබරන් Thursday, 29 January 2015 08:36 AM

චාරු බලාගෙන ඔයාත් පරෙස්සමෙන් ලෑස්ති පිට ඉන්න බඩ දඟලනවා නම් වතුර වීදුරුවක් ලෑස්ති කර ගන්න. (නදී)

:       0       0

සංජය Monday, 02 February 2015 04:24 AM

අයියෝ ඕක මොකක්ද ? කැරපොත්තෝ, ගෙම්බෝ, කඳ පනුවෝ, පුසෝ ගැඩවිලෝ බල්ලෝ ගැරඬි. ඔය චීන්නු නොකන දෙයක් නැහැ (නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 31 January 2015 08:18 PM

මම නම් ඔච්චරම තදියම් උනොත් වතුර සොයා සොයා ඉන්නේ නැහැ (නදී)

:       0       0

දිල්ෂාන් Thursday, 29 January 2015 01:50 AM

පවු අනේ! සිංහල දන්නේ නැතුව ඇති (නි)

:       0       0

නිහාල් Thursday, 29 January 2015 01:52 AM

මේක නම් නියම කතාව! (නි)

:       0       0

සිරිපාල Thursday, 29 January 2015 01:54 AM

කිසිම කතාවක් නැහැ, බලු මස් වෙන්න ඇති. අපි දන්නවනේ බල්ලො අල්ලලා ගිහින් දීපු අය ගැනත්. තලගොයි, ඉත්තෑවෝ, බල්ලො, පූසො, කොක්කු මේ හෑමදෙයක්ම කෑවා ගාල්ලේ හරිය හදනකොට. ඒකට ඉතින් වරදක් කියන්නත් බැහැ... (නි)

:       0       0

චාරු Thursday, 29 January 2015 02:06 AM

සිරිපාලගේ ලිස්ට් එක දැක්කම මට අප්පිරියාවේ බැහැ. ඇත්තටම මේ මිනිස්සු සතුන්ව ඔහොම කෑවාද? තවමත් මගේ බඩ දඟලනවා. (නි)

:       0       0

සරත් Thursday, 29 January 2015 02:35 AM

අම්මෝ, මට නම් ඔය වෙලාවට වතුර නැතත් කමක් නැහැ. (නි)

:       0       0

පබසරා Thursday, 29 January 2015 10:02 AM

"ලැබුණු සත්‍ය පුවතකි." (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site