(අම්බලන්තොට සනත් ගමගේ)
මුහුණුපොත මගින් දැන හඳුනගත් පුද්ගලයෙකු සැමියාගේ ද අනුදැනුම මත බිරිඳ සිය නිවසට ගෙන්වා ගෙන සිටිය දී නාඳුනන පුද්ගලයා ගැන අහල පහළ අයට සැක සිතී
පොලිසියට දැනුම් දීමෙන් පසු පේස් බුක් මිතුරා සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. පහත හේවාහැට ප්‍රදේශයේ පුද්ගලයකු සමග අම්බලන්තොට ලෝරන්ස්වත්ත පදිංචි විවාහක කාන්තාවක මුහුණුපොත මගින් දැන හඳුනාගෙන එම පුද්ගලයා පෙර ආත්මයේ තමාගේ සහෝදරයකු බව පවසා සැමියාට ද මේ බව දැනුම් දී නිවසට ගෙන්වා ගෙන ඇති බව පොලිස් පරික්ෂණවලින් හෙළිවී තිබේ. මෙම නාඳුනන පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් පසු අම්බලන්තොට පොලිසියේ නිලධාරින් නිවසට ගොස් සැකකාර පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා පෙර ආත්මයේ තමාගේ සහෝදරයකු බව දේවාලයකින් පවසා ඇති බව කාන්තාව පොලිසියට පවසා ඇත. මෙම සැකකාර පුද්ගලයාට තැඹිලි ගෙඩියක වතුර පෙවීමට මෙම කාන්තාව උත්සාහයක් ගෙන ඇතත් එය ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව ද පොලිසිය කියයි. මෙම පුද්ගලයා ද විවාහක අයකු වන අතර කාන්තාවගේ ස්වාමිපුරුෂයා ත්‍රිරෝද රථ රියැදුරෙකු බව ද මෙම සැකකාර පුද්ගලයා නිවසට පැමිණි පළමු දිනයේ දීම මෙලෙස අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරික්ෂණ සිදුකරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
විවාහක කතකට මුහුණු පොතෙන් ගිය ආත්මයේ සොයුරා හමුවෙලා
sudda Friday, 07 June 2019 09:39 AM
දැන් බැලුවම ඒ මිනිහටනේ අතවරේ වෙන්න ගිහින් තියෙන්නේ ඕන නැති ගමන් ගිහින්. තැඹිලි වතුර පොවන්න ගියාම තමයි තරු පෙනෙන්න ඇත්තේ.
himal Friday, 07 June 2019 03:43 PM
තුන්දෙනාගේම කැමැත්තෙන් නම් මුණගැහිලා තියෙන්නේ, අල්ලපු ගෙදර මනුස්සයට තියෙන ප්‍රශ්නේ මොකක්ද? පොලිසිය මොන චෝදනාව යටතේද ගෙවල් වලට පැනලා අත්අඩංගුවට ගන්නේ?