IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෙල් ගහල ගෙ​ාබෙන් පිළිකන්නේ හොරේ අහුවෙලා

(මාවරල පී.එස්. මද්දුමගේ)
මොරවක් කෝරළයේ නැගෙනහිර පිහිටි ගැමි ගම්මානයකි. මේ කතාව ඒ ගම්මානයේ විවාහක තරුණයකු මුල්කර ගෙන වූ සිදුවීමකි.


අපි ඔහු සපතේරිස් ලෙස හඳුනා ගනිමු. පාසල් ගමන අතර මග නතර කළ මොහු ගමේ ප්‍රභූ පවුලක මෙහෙවර කරමින් සිටියේය. නිවෙස් හිමියා තම මෝටර් රථයේ රියදුරා ලෙස සපතේරිස් යොදා ගැනීමේ අරමුණින් ඔහුට රියදුරු බලපත්‍රයක් ලබා දී තිබුණි. වැඩි උගත් කමක් නොතිබුණ ඔහු සුළු දෙයකින් පවා කේන්ති ගන්නා පුද්ගලයෙකි. රියදුරු බලපත්‍රය ලබාගෙන වසරක පමණ කාලයක් එම නිවසේ සේවය කළ ඔහුට, වයඹ පළාතේ පොල්වත්තක මුර සේවයට යාමට අවස්ථාව උදා වූයේ මිතුරකුගේ මාර්ගයෙනි. 


පොල්වත්තේ සේවය කිරීමේදී එම වත්ත ආසන්නයේ ජීවත් වූ   උගත් නාගරික තරුණියක සමග ඇසුරක් ගොඩ නගා ගැනීමට මොහු සමත් වූයේය. පෙනුම ඇති හැඩකාර නාඹර තරුණයකු වූ මොහුගේ හැඩිදැඩි පෙනුමට කාන්තාවන් ඇලු‍ම් කිරීම රහසක් නොවීය.


කාලය ගෙවී යද්දී ඇසුරට සම්බන්ධ නාගරික තරුණිය සමග තම උපන් ගමට යාමට තීරණය කළ සපතේරිස් සහ තරුණිය දිනක් සවස් කාලයේ ගම රට බලා පැමිණියහ.


තරුණියක සමග පැමිණි සපතේරිස් දුටු මව, සිදුව ඇති දේ ගැන අසා දැන ගැනීමෙන් පසුව, ලේලිය ආදරයෙන් පිළිගත්තාය. පවුල් ජීවිතයක් ගත කිරීමට සුදුසු පසුබිමක් නොතිබුණද, සපතේරිස් පියාගේ  කුඹුරක් අසල වූ කමතේ පැල්කොටයක් අටවාගෙන තරුණිය සමග ගත කිරීමට පියවර ගත්තේය. හේන් ගොවිතැනත්, අනුන්ගේ කුලියකුත්  කරගෙන සැමියා ජීවිකාව ගෙන ගියද, තරුණ බිරිඳට ගැමි පරිසරය  සහ නිවස සිත් ගත් තැනක් නොවීය.


සපතේරිස්ගේ බාප්පාගේ නිවසද මේ නිවස අසල පිහිටා තිබූ අතර බාප්පාගේ පුතාද සපතේරිස්ගේ ගෙදරට නිතර යාමට ඒමට පුරුදුව සිටියේය. සපතේරිස් නිවසේ නැති  අවස්ථාවන්හි පැමිණෙන බාප්පාගේ පුතා තරුණිය සමග සතුටු සාමිචියේ යෙදී අල්ලාප, සල්ලාප බස් දොඩමින් කාලය ගත කළාය. මේ අතර ඔහු සමග අනියම් ඇසුරක් ගොඩනගා ගැනීමට තරුණ බිරිඳ පෙළඹුණේ කාන්සියත්, පාළුවත් මගහැර ගැනීමටය.


කුඹුරු වැඩට දක්ෂයකු වූ සපතේරිස් කුලියට කුඹුරු වැඩ කළ අතර  තලප සහ වෙල්ගහල ගොබ ව්‍යංඤ්ජනයට දැඩි ගිජුකමක්  දැක්වූයේය. දිනක්  ඇඳිරි වැටීගෙන එන අතර නිවසට පැමිණි සපතේරිස් වෙල්ගහල ගොබ මිටියක්ද, කුරක්කන් පිටි ටිකක්ද රැගෙන ආවේය. “අද කමු තලප ටිකක්” කියා  සපතේරිස් වෙල්ගහල ගොබ මිටියත්, කුරක්කන් පිටි ටිකත් බිරිඳ අතට දුන්නේය. සපතේරිස් බුලත් විටක් කෑමට ඉස්තොප්පුවට පැමිණ බංකු පුටුවේ ඉඳගත් අවස්ථාවේ, බිරිඳ විමසා සිටියේ “සපේ. වෙල්ගහල ගොබ වල පිලි කනවද?,, කියා ය. ඇය වෙල්ගහල මාලු‍ව පිසින අන්දම නොදැන සිටි නිසා එසේ ඇසුවාය.


“කව්ද බොල පිලිකන්නේ?, යයි මහ හඬින් තම බිරිඳට සැර කළ සපතේරිස්, ගහල පිලි (අත්ත) කෑමට නොගන්නා බව බිරිඳට දැනුම් දී, මිදුලට බැස බුලත් කෙළ පාරක් ගැසීය. “අයියේ මේ මම පිළිකන්න පැත්තෙන් ආවෙ බුලත් විටකට හුණු ටිකක් ඉල්ල ගන්න’’ යයි කියමින් සපතේරිස්ගේ බාප්පගෙ පුතා කළුවරේම  සපතේරිස් ඉදිරියට පැමිණෙමින් පැවැසීය. 


අනියම් ඇසුර නිසා සමහර දිනක මොහු රාත්‍රී කාලයේ සපතේරිස්ගේ නිවස පිළිකන්නට පැමිණ බිරිඳ සමග අනියම් ඇසුර පැවැත්වීම පුරුද්දක් කරගෙන තිබූ නිසා, අද තමා අයියාට මුලිච්චි වුණාදැයි සැකයෙන් ඉදිරියට පැමිණ ඔහු එසේ  පෙනී සිටියාය.


උඹ වෙනද මේ වෙලාවට එන්නෙ නෑ නේද? කී  සපතේරිස්  හුණු ටිකක් දී මල්ලීව පිටත්කර හැරියේය. අවේලාවේ පිළිකන්න පැත්තට එන්න මොකක් හෝ හොරයක් ඇති බව තේරුම්ගත් සපතේරිස්, මට ඇත්ත කියාපන්, යයි බිරිඳට තරවටු කළේය.

 



අදහස් (0)

වෙල් ගහල ගෙ​ාබෙන් පිළිකන්නේ හොරේ අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site