IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


වේලාව අහලා බෑණාට තරු පෙනිලා

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා) 
ඔහු පිටිසර බද පෙදෙසක තරමක් වයසැති මෝඩ පහේ අයෙකි. දිනක් ඔහු අසල්වැසියකු සමඟ තම ගෙවත්තේ ගඩොල් කැපීමේ නිරත විය. 


එක දිගටම ගඩොල් කැපීමේ නිතරව සිටි අසල්වැසියාට වේලාවද නෙදැනුණි. ඔහුට කුසගින්නක් දැනෙන්නට වූයෙන් වේලාව දැනගැනීමට අවශ්‍ය විය. ඔහු සමඟ ගඩොල් කැපීමේ නිතරව සිටි මාමාට කතා කර ඔහුගේ ගෙදරට ගොස් වේලාව බලාගෙන එන ලෙස දැන්වීය. 


’මාමේ මට නම් බඩගිනියි දවල් වෙලාද දන්නේ නෑ. වෙලාව බලන් එනවද?’ යැයි ඔහු කීය. 


‘අනේ කොල්ලෝ මං වේලාව බලන්න දන් නෑනේ’ මාමා පිළිතුරු දී ඇත. 


‘කමක් නෑ මාමේ ඔරලෝසුවේ කටු තියන තැන බලන් එන්නකෝ’ යැයි අසල්වැසියා කීය. 


ඒ සැනින්ම මඩ සෝදාගත් මාමා අසල වූ තම නිවසට ගියේ තමාටද වෙලාව බැලීමේ හැකියාව ඇතැයි යන ප්‍රීතියෙනි. 


සුළු වෙලාවකින් මාමා වේලාවද බලාගෙන අසල්වැසියා සිටි ස්ථානයට පැමිණියේ වේලාව ඔහුට කියන අටියෙනි. 


‘කොල්ලෝ ලොකු කටුව උඹලගේ ගේ පැත්තට, කුඩා කටුව අපේ ගේ පැත්තට’ මාමාගේ පිළිතුරින් අසල්වැසියාට සිනාව නවතා ගැනීමට නොහැකිව ගඩොල් කැපීමද පසෙක දමා යන්නට ගියෙලු. 



අදහස් (0)

වේලාව අහලා බෑණාට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1703 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1421 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site