IMG-LOGO

වැලන්ටයින් දා පෙම්වතා කූඩුවේ පෙම්වතිය මහ පාරේ

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
පෙම්වතුන්ගේ දිනයේ හොර රහසේ බාලවයස්කාර පෙම්වතිය රැගෙන යාමට පැමිණි පෙම්වතා යතුරුපැදි අනතුරක සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පෙම්වතිය මහ මග අතරමං වූ පුවතක් පොල්පිතිගම පොලිසියේ රථවාහන අංශයෙන් වාර්තා වේ.

පොලිසියේ රථවාහන අංශය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.


පොල්පිතිගම, කුඹුකුළාව සීමාවේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ඉකුත් 13 වැනිදා රාත්‍රී අටට පමණ සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවකු තුවාල ලබා පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.


අනතුර සිදු කළ අනෙක් යතුරුපැදිකරු සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බාලවයස්කාර වියේ පසුවන්නකු බව හෙළිවී යැයි පොලිසිය සඳහන් කරයි.


පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන සිටින අවස්ථාවේදී ඉකුත් 13 වැනිදා මැදියම් රැයේ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර තම දියණිය නිවසේ නොමැති බවට පැමිණිල්ලක් කිරීමට මවක පැමිණි බව පොලිසිය කියයි.


මෙම සැකකරු පෙම්වතියට ඊයේ පෙර දිනයක ජංගම දුරකතනයක් ලබාදී ඇත. මව ඒ බව දැන දුරකථනය ලබාගෙන ඇතත්, එහි සිම්පත දැරිය බාරයේ තිබී ඇති බව අනාවරණය වූ බව පොලිසිය කියයි.


ඉන් අනතුරුව ඇය වෙනත් දුරකතනයකට සිම්පත දමා පෙම්වතාට ඉකුත් 13 වැනිදා රාත්‍රියේ අතරමගට එන්නට කියා දැනුම් දී තිබේ. ඒ අනුව ඇය රැගෙන යාමට සැකකරු පැමිණෙන අවස්ථාවේදී මෙම අනතුරට පත්ව ඇති බවට තොරතුරු හෙළිකර ගැනීමට ද පොලිසියට හැකි වී තිබේ.


පොලිසියේ සිටින සැකකරුගෙන් තම දියණිය සිටින ඉසව්ව දැන ගත් මව ඇය සෙවීමට යාමට මත්තෙන් මහ මග ගමන් ගත් සිල් මාතාවන් පිරිසක් අතරමංව සිටි බාලවයස්කාර දියණිය මැදියම් රාත්‍රියේදී නිවෙසට ගෙනැවිත් බාරදී තිබෙන බව දැනගන්නට ලැබිණි. 


මෙම යතුරුපැදි  අනතුර සිදු නොවන්නට බාලවයස්කාර දියණියට සිදුවන්නට තිබූ අනතුරුදායක තත්ත්වය ඉන් වැළකී තිබෙන බවත් පොලිසිය කියයි.


සැකකරු වෙනුවෙන් පවුලේ කිසිවකුත් ඉදිරිපත් වී නැති බවත්, යතුරුපැදියක් පැදවීම සඳහා කිසිදු සුදුසුකමක් නැති මෙවැනි බාල වයස්කාරයකුට යතුරුපැදිය දුන් තැනැත්තාට එරෙහිව ද සැකකරුට අමතරව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය පැවසීය.

 



අදහස් (0)

වැලන්ටයින් දා පෙම්වතා කූඩුවේ පෙම්වතිය මහ පාරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site