IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වැලන්ටයින් දා පෙම්වතිය වෙනුවට අම්මා ඇවිත්

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
පෙම්වතුන්ගේ දිනය දා පෙම්වතිය එනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි පෙම්වතා හමුවීමට ඇගේ මව පැමිණ එකම අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ අගනගරයෙන් වාර්තා වේ.


ඔවුන් දෙදෙනා පෙමින් බැඳුණත් පෙම්වතාට පෙම්වතියගේ පාර්ශ්වයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. තදබල අකැමැත්තකි. ඒ සිය දියණියට ඔහු නොගැළැපේ යයි හේතු කාරණා කිහිපයක්ම මුල් කරගනිමින්ය. මේ නිසාම ඔහු සමග පවත්වාගෙන යන ප්‍රේමය නතර කර දමන ලෙසට මවුපියෝ ඇයට තදින්ම දැනුම් දුන්නහ.


පෙම්වතුන්ගේ දිනය දා හිමිදිරියේම පෙම්වතියගේ ජංගම දුරකතනයට ඇමතුමක් එනුයේ ඇය නානකාමරයට ගොස් සිටියදීය. ඇයගේ ජංගම දුරකතනය තිබුණේ නානකාමරය ඉදිරිපිට ඇති කෑම කාමරයේ මේසය උඩය. ඇය නානකාමරයට ගොස් වතුර සමග අවශ්‍ය කටයුතු සිදු කෙරුණු නිසා ජංගම දුරකතනය නාදවනු නොඇසිණ.
තමා පුල පුලා බලා සිටි ජංගම දුරකතන අංකය බව දැනගත් පෙම්වතියගේ මව ඊට සම්බන්ධ වූවාය. ඇය කටහඬ ඉතාම පහත් කොට ඊට සම්බන්ධ වූවාය. දුරකතන ඇමතුම ලැබුණේ දියණියගේ පෙම්වතාගෙනි. පෙම්වතියගේ කටහඬ යයි රැවැටුණු පෙම්වතා පෙම්වතුන්ගේ දිනය සැමරීමට තමා හමුවන්නට එන්න යයි ඔහු කී විට මව එයට පිළිතුරු දෙමින් එන වෙලාව හා එන තැන අසා ගත්තේ ගෙදරින් පැන ගන්න ලැබුණොත් එන්නම් යයි ඉතා රහසින් පවසමින්ය.


‘මොකෝ මේ කවදාවත්ම නැතිව රහසින් කතා කරන්නේ’ යයි පෙම්වතා ඇසූවිට ඇය පැවැසුවේ නිවාඩු දිනයක් නිසා අම්මයි තාත්තයි ආසන්නයේ ඉන්නා බවය. ‘අනේ අද කොහෝම හරි එන්න’ යයි ඔහු ඉල්ලා සිටියේය. ඉතාම රහසින් ඇය කීවේ ‘හා හරි හරි, ඔයා කෝකටත් තැනට ඇවිල්ලා ඉන්නකෝ’ කියමින් ඉතා හදිසි බව පෙන්වමින් දුරකතනය විසන්ධි කළාය.


මේ ඇමතුම ලැබීමත් සමගම සිය දියණියගේ ජංගම දුරකතනය මවගේ බාරයට පත්විය. ඒ සමගම ඇයට නිවසින් බැහැරව යාම ද තහනම් කෙරිණ.


පෙම්වතා නියමිත වේලාවටත් කලින් නියමිත ස්ථානයට පැමිණ සිටියේය. ඔහුට නොපෙනෙන්න පෙම්වතියගේ මව ඔහු අල්ලා ගැනීමට ගියත් තමාට අඩි තුන හතරක් ඉදිරියෙන් එමින් සිටි පෙම්වතියගේ මව දුටු ඔහුට දෙවියන් බුදුන් සිහි වූයේය. ගාල කඩාගත් හරකකු මෙන් ඔහු දිව ගියේ එකත් එකටම උදේ දුරකතන ඇමතුම ලබාගෙන ඇත්තේ පෙම්වතිය නොව ඇයගේ මව බව සිහියට නගමිනි.


‘මොකෝ ගිය වැඩේ හරි ගියා ද’ යැයි පෙම්වතියගේ මව ගෙට ගොඩ වැදෙනු දුටු පියා ඇසුවේය. ‘කොහේද මම දැක්ක විතරයි ඌ ගාල කඩාගත්ත හරකා වගේ දිව්වනේ, කනට දෙකක් දෙන්න ඉස්සර වෙලා’ යයි කීවේ ඒ අවස්ථාවේ නිවසේ රැඳී සිටි අමුත්තන් ද අමතක කරමින්ය. ඒ නිසා අමුත්තන්ට ද ඇය නිවෙසින් පිටව ගිය කාරණය කියන්නට සිදුවිය.

 



අදහස් (0)

වැලන්ටයින් දා පෙම්වතිය වෙනුවට අම්මා ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site