(හේවාහැට එම්. දසනායක)
වසර විස්සක් පමණ එකට පවුල් කෑ සිය සැමියා හා තරුණ වියේ පසුවන දරුවන් දෙදෙනා අතහැර මුහුණු පොතෙන් හාද වූ නවීන පන්නයේ මනමාලයෙකු සමග සරණ ගිය කාන්තාවක පිළිබඳ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.
මේ කතාවට පාදක වන කාන්තාවගේ සැමියා කලක් විදේශගතව සිට මෙරටට පැමිණ තම දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින් ධෛර්යය සම්පන්නව ව්‍යාපාර කටයුතුවල යෙදුණු අයෙකි.
බිරිඳගේ නමට ඇති ඉඩමේ කුඩාවට තිබූ නිවස වෙනුවට නවීන පන්නයේ නිවසක් ඉදිකොට ව්‍යාපාර කටයුතුවල පහසුව සඳහා යාන වාහනද මිලදීගෙන දියුණු වන්නට දිවා රෑ නොබලා කටයුතු කළ ඔහුටත් නොදැනීම වගේ සිය පවුල් සංස්ථාවට තිබූ බැඳීම ලිහිල් වන්නට පටන් ගෙන ඇත.
උදෑසනම නිවසින් පිටවී බිම්කරුවල වැටුණු පසු නිවසට පැමිණෙන සැමියාගෙන් නොලැබෙන සෙනෙහස සොයා මුහුණු පොතෙන් හමුවුණු පෙම්වතා සමග ඇය අලුත් ලොවකට පියඹා ගොස් ඇත්තේ සැමියාගේ සියලු වස්තුව තමන් සතු කරගනිමිනි.
අවසානයේ කෙසේ හෝ මෙම අසම්මත පෙම් හබය පොලිස් පොතේ ලියවුණු අතර දෙපාර්ශ්වයම පොලීසියට ගෙන්වා විසිරී ගිය මේ පවුල යළිත් ඒකරාශි කරන්නට නිලධාරීහු දැඩි උත්සාහයක නිරත වූහ.
වරදට සමාවදී සිය බිරිඳ යළිත් නිවසට කැඳවාගෙන යන්නට ආයාචනය කළ සැමියාගේ හා තම කුසින් බිහිකළ දරුවන්ගේ ඉල්ලීම පවා මායිම් නොකළ මෙම කාන්තාව යළිත් සිය අලුත් පෙම්වතා සමග අත්වැල් පටලාගෙන පොලීසියෙන් පිටව ගියේ පරීක්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරීන්ගේ පවා ඇසට කඳුළක් එක් කරමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වරදට සමාව එපාකී බිරිඳ නැවුම් පෙම්වතා එකක් අලුත් කැදැල්ලේ