(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
උදව්පදව් කළ නෑ හිතවතුන් බලා සිටියදී ගමේ මැරයාගෙන් එල්ලවූ මැර ප්‍රහාරයෙන් දින කිහිපයක් ඉඳුල් බත් කෑ බැල්ලක විසින් පුද්ගලයකු බේරාගත් අපූරු පුවතක් දකුණු පළාතින් වාර්තා වේ.
හේ රහමෙර තොල ගා ගත් සැණින්ම මිනිහා නොමිනිහා වන්නේය. එදාට ගමේ කවුරු හෝ සමග ආරෝවක් ඇති කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි. ගමේ සිටින ඉබ්බන්, තලගොයින් හා කලවැද්දන් ඇතුළු මස් මාංශ බුදින්නකු නිසා ඔහුගේ ශරීර ශක්තිය අන් අයට වඩා වැඩිය. මේ නිසාම ඔහු සමග ගමේ කවුරුත් ආරෝවට නොයන්නේ ඔහුගෙන් පහර කෑමට ඇති බිය නිසාමය. මේ නිසාම ඔහු ගමේ චණ්ඩියා නොහොත් මැරයා බවට පත්වූයේ ඉබේටමය. ඔහුගේ මැරකම නිසාම ඔහු පොලීසියට ගිය වාර ගණන ද වැඩිය.
එදා ඔහුගේ ගොදුර බවට පත්වූයේ ගමේම සිටින අහිංසකම මිනිසාය. කාටත් උදව්වක් පදව්වක් කරගෙන පාඩුවේ ජීවත්වන කෙනාය. ඔහු මිනිසුන්ට පමණක් නොව සතුන්ටද එක සේ ආදරය කළේය. නිවෙසේ ඉතිරිවන ඉඳුල් බත් අහක නොදා දඩාවතේ යන බල්ලන් බළලුන්ට ඔහු දුන්නේ පින් සලකාය. වෙනත් කිසිදු බලාපොරොත්තුවකින් තොරවය. ඔහුගේ මේ සත්ව කරුණාව නිසාම දඩාවතේ ගිය එක් බැල්ලක් සිය සුරතලාම බවට පත්වූවාය. ඔහු යන එන තැනක මේ බැල්ල ගියාය. එමෙන්ම ඔහු සිටින තැන ඇය ද සිටියේ කුඩා කල සිටම සාදාගත් සතකු ලෙසය. මේ ආකාරයට මේ දෙන්නා අතර බැඳුණේ දිගු සබැඳියාවකි.
තමා ගැන පොලිසියට වැරදි තොරතුරු දුන්නේ යයි කියමින් ගමේ මැරයා මේ අහිංසක මිනිසාට තඩි බාන්න සූදානම් වූයේ ඔහු උදව් පදව් කළ ගමේ නෑ හිතවතුන් බලා සිටියදීය. ඒත් කිසිවෙක් ඔහු එයින් මුදවා ගැනීමට ඉදිරිපත් නොවූහ. තමා ඉතා අහිංසක බව පවසමින් පහරදීමට එපා යයි ඔහු මැරයාට වැඳ වැඳ කිව්වත් ඔහුගේ සිත කිසිසේත්ම උණු නොවීය.
මුසාවාද දොඩමින් මැරයා මේ අහිංසක පුද්ගලයාට පහර එල්ල කිරීමට පැන්නේ ගමේ උදවිය හොර රහසේ බලා සිටියදීය. ඒ එක්කම තමාට ඉඳුල් බත් දෙන සිය ස්වාමියාට යමෙක් පහර දෙනු දුටු අර බැල්ල බුර බුරා මැරයාගේ පස්ස පැත්තට පැන මස් කුට්ටියක් කටට ගත්තේ ඔහුගේ වෙරි සිඳවමින්ය. ‘බුදු අම්මෝ මම ඉවරෝයි’ කියමින් පස්ස නොබලාම මේ මැරයා දුවන තෙක්ම මේ බැල්ල ඔහු පසු පසම එළව එළවා ගියේ තමාට ඉඳුල් බත් දෙන සිය ස්වාමියාට කරන ගරු කිරීමක් ලෙසටය.
මිනිසුන්ට මොනතරම් උදව් පදව් කර තිබුණද විපතකදී ඔවුන් හැංගුණත් අහක දමන ඉඳුල් බත් දුන් බැල්ල තමා බේරා ගැනීමට පැමිණීම පිළිබඳව ඔහුට මිනිසුන්ට වඩා පහන් සිතක් මේ බැල්ල කෙරෙහි ඇතිවූයේය. ඒ නිසාම ඔහු මේ බැල්ල ආදරයෙන් වඩාගෙන සිප ගත්තේ මැරයාගෙන් තමා බේරා නොගත් ගමේ උදවිය බලා සිටියදීමය. එයින් හොඳ පාඩමක් ඉගෙන ගනිමින්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විපතේදී අහක බැලූ නෑයන්ට පාරේ ගිය බැල්ලක් පාඩමක් උගන්වලා
Chinthaka Tuesday, 02 March 2021 10:14 AM
සුනඛයා තරම් කෙළෙහි ගුණ දන්නා සත්වයෙක් මිහිපිට නොමැත.
sampath Wednesday, 03 March 2021 04:52 PM
මේ රටේ මිනිස්සු කොයිතරම් පිරිහිලාද? බය වෙලාද ඉන්නේ..? මහපාරේ මරලා දැම්මත් කිසිකෙනෙක් ඉදිරිපත් නොවන තත්වයට පත්වෙලා.. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් පොලිසිවලට යන්න වීම... නමුත් ජනතාව එකතු වුණොත් අපරාධ වළක්වන්න පහසුයි. අඩුම මේ වගේ එකක් වීඩියෝ කළා නම් සාක්ෂියක් වෙනවා. සතා හිටපු නිසා ඒ මනුස්සයා බේරුණා.