IMG-LOGO

විපතක් වළක්වද්දී බඩකට පුරා ගුටිකාලා ගහපු අයම සමාවත් අරන්

(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
නොසැලකිලිමත්කමින් සිදුවීමට ගිය මහ විපතක් වළක්වා ගැනීමට උත්සාහ ගත් අයෙකුට ඉවක් බවක් නැතුව පහර දීමේ සිද්ධියක් මහනුවර නගරාසන්නයෙන් වාර්තා වේ.


 සිද්ධිය මෙසේය. කුඩා දරුවන් තිදෙනා සමගින් සිය ත්‍රිරෝද රථයෙන් ඔහු මහනුවර නගරයට පැමිණියේ නිවසට අවශ්‍ය අඩුම කුඩුම මිලදී ගැනීමේ අරමුණෙනි.


 තම බිරිඳගෙන් ලැබුණු ලැයිස්තුවට අනුව ඒ සියල්ල එකම වහලක් යටින් මිලදී ගැනීමට නොහැකි බව දත් ඔහු තැන තැන තම ත්‍රිරෝද රිය නවත්වමින් අවශ්‍ය කළමනා ලබා ගැනීමට යුහුසුළු වූවේය.


 කෙසේ නමුත් එසේ නවතා ගිය ත්‍රිරෝද රිය එක් ස්ථානයකදී පසුපසට යෑමට පටන්ගෙන ඇත්තේ එහි සිටි දරුවන්ගේ මර ළතෝනි හඬ මධ්‍යයේය.


 ඒ සමඟම ඒ ආසන්නයෙන් ගමන් කළ තරුණයකු වහා ත්‍රිරෝද රියට නැගී  එය නවතා දැමීමට උත්සාහ කර තිබේ. ඒ මොහොතේම දරුවන්ගේ කෑගැසීම ඇසී අදාළ ත්‍රිරෝද රථ හිමිකරු ද එතැනට දිව ආ පසු ඔහුට වැටහී ඇත්තේ තම දරුවන් තිදෙනාද සමගින් එම ත්‍රිරෝද රිය පැහැර ගැනීමට එම තරුණයා උත්සාහ ගන්නා බවකි.


 එම දර්ශනයෙන් කුපිත වූ ඔහු තරුණයාට දිගට හරහට පහර දීමට පටන්ගෙන ඇත්තේ  එම දරුවන්ගේ හැඬීමද තවත් තීව්‍ර කරවමිනි.


කෙසේ නමුත් එම සිදුවීම මුල සිට දුටු අවට පිරිස් අදාළ තරුණයා වහා ඔහුගෙන් මුදාගෙන සිදුවූ සියල්ල පැවැසීමෙන් පසු ත්‍රිරෝද රථ හිමිකරු තම දරුවන්ගේ නාමයෙන් තමාගෙන් සිදුවූ වරදට සමාව අයැද දණ ගසා වැඳ ගිය බව වැඩිදුරටත් අනාවරණය වේ.

 



අදහස් (0)

විපතක් වළක්වද්දී බඩකට පුරා ගුටිකාලා ගහපු අයම සමාවත් අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 65 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 668 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site