IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


විධායක නිලධාරිනියට කඬේ ගිය සේවකගෙන් අපූරු පාඩමක්

(වියලූව වාර්තාකරු)
තමා සේවය කරන ආයතනයේ කනිෂ්ඨ සේවකයන්ගෙන් නිරතුරුවම තම පෞද්ගලික කටයුතු ඉටුකරගන්නට පුරුදු වී සිටි එක්තරා ඉහළ නිලධාරිනියකට අපූරු පාඩමක් ඉගැන්වූ එම ආයතනයේම කනිෂ්ඨ සේවකයකු පිළිබඳ පුවතක් වාර්තා වේ.


එම ආයතනයේ සේවකයකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.


ඇය ඉහළ නිලධාරිනියකි. ආයතනයට යාබද නිල නිවෙසකම පදිංචිව සිටියාය.


උදෑසන කාර්යාලයට පැමිණි මොහොතේ සිටම තම ආයතනයේ කනිෂ්ඨ සේවකයන්ට ඇයගෙන් ගැලවුමක් නොවුණි.


අනේ...... ටවුමට ගිහින් බබාට බිස්කට් එකක් ගෙනත් දෙන්න. ......අනේ මට බෝංචි 250ක් ගෙනත් දෙන්න....... ආදි වශයෙන් තමන්ට අවශ්‍ය දෑ මතක් වන වාරයක් පාසා ඇය සිය සේවකයන් නගරයට යැවීමට පුරුදු වූවාය. ඇයට ඇති ඇල්මට වඩා රස්සාවට ඇති ආදරය නිසා පහළ මට්ටමේ සේවකයෝ ද අකමැත්තෙන් වුවද ඇගේ ඉල්ලීම ඉටුකළේ කරන්නට අන් යමක් නොවූ නිසාය.


පසුගිය දිනක ද නිල නිවසේ සිටම තම ආයතනයේ කනිෂ්ඨ සේවකයකු ඇමැතූ ඇය අනේ මට ටවුමට ගිහින් රතු කැකුළු හාල් කිලෝ පහක් ගෙනත් දෙන්න යැයි පවසමින් සේවකයා අත රුපියල් දහසේ කොළයක් තැබුවාය.


මේ කරච්චලයෙන් බේරුමක් නැති බව දත් සේවකයා ද දාහේ කොළය රැගෙන නගරයට ගියේ අද නම් ඇයට හොඳ පාඩමක් උගන්වනවා යනුවෙන් තම හිතවතුන්ට ද පවසමිනි.


රතු සහල් වෙනුවට හිතාමතාම රතු සීනි කිලෝග‍්‍රෑම් පහක් මිලට ගත් හෙතෙම අනතුරුව සීනි ටිකත් රැුගෙන ආපසු ආයතනය වෙත ආවේ නගරයේ නවතා තිබූ කුලී රථයකිනි.


සීනි මල්ල නිලධාරිනිය අත තැබූ හෙතෙම එතනින් පිටව ගියේ ”මැඩම් ත‍්‍රීවිලර් එකටත් සීයක් දුන්නා මෙන්න ඉතිරි සල්ලි” යැයි ඇඟ පතට නොදැනීම පවසමිනි.


දැන් ඇය, ඔහුගේ තබා ආයතනයේ කිසිවකුගේවත් මුහුණක් බලන්නේ නැතිලූ. සේවකයන් කඬේ යවන්නේත් නැතිලූ.



අදහස් (0)

විධායක නිලධාරිනියට කඬේ ගිය සේවකගෙන් අපූරු පාඩමක්

රෙජි-සිඩ්නි Friday, 27 February 2015 01:44 AM

ඇයි මෙයා මහත්තයා නැති නෝනා කෙනෙක්ද? (නදී)

:       0       0

ශාන් සෞදි Thursday, 26 February 2015 12:35 PM

ඕකට විමල්ව අල්ලා ගත්තා නම් පන තියනකන් කඩේ යවන්න තිබුනා (නදී)

:       0       0

අශේන් Sunday, 01 March 2015 10:55 PM

මේ වගේ ලොක්කෝ නිසා කාර්යාල සේවකයෝ තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැහැ. මේවගේ වැඩ නිසා කාර්යාල විනය පිරිහෙනවා (නි)

:       0       0

සමන්ති Thursday, 26 February 2015 02:48 PM

මෙය මානසික රෝග ලක්ෂණයකි . (අ)

:       0       0

ජානු Sunday, 01 March 2015 02:12 AM

තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරිද? (නි)

:       0       0

යහම්පත් Friday, 27 February 2015 07:15 AM

ඔය කඩේ යවන එකට හොඳ කට්ටිය තමා දේශපාලන බංකොලොත් කාරයන් ළඟ තබා ගැනීම , කියන්න කලින් කඩේ යනවා ඔවුන් (නදී)

:       0       0

ජෝයි ගොඩ්රි Tuesday, 03 March 2015 06:16 PM

මේ නෝනාගේ මහත්තයා නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

පද්මේන් Thursday, 26 February 2015 09:46 AM

අවශ්‍යම දෙයකට යවලා කීයක් හරි අතට දුන්නානම් ඒ මිනිස්සු කැමැත්තෙන් කරයි.(දිල්)

:       0       0

ලක්ෂමන් Thursday, 05 March 2015 05:00 AM

නෝනා ලස්සන නම් පෝලිමට කඩේ යන්න ලැහැස්ති වෙයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 608 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 515 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site