IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


විධායක නිලධාරිනියගේ සාරිය අස්සට කටුස්සෙක් රිංගලා

විධායක නිලධාරිනියකගේ සාරිය අස්සේ කටුස්සකු රිංගා යාම නිසා සිදුවූ අකරතැබ්බයක කතා පුවතකි මේ. බස්නාහිර පළාතේ ආයතනයකි. නිලධාරිනිය කාර්යාලයේ ඔබ මොබ ඇවිදිමින් සිටියාය. 

කොහේදෝ සිට පැමිණි කටුස්සකු එකවරම නිලධාරිනියගේ දෙපා මුලින් සාරිය අස්සට රිංගා ඒමේ අත දිව යන්නට විය. මහත් බියට පත් වූ නිලධාරිනියගේ විලාප හඬින් සේවක සේවිකාවෝ මෙන්ම අනෙක් පිරිසද විමතියට පත් වූහ.

කටුස්සා ඉවතට ගැනීම ලේසි පාසු කටයුත්තක් නොවීය. සෙසු සේවිකාවෝද ඇගේ සහයට පැමිණියහ. වහාම විවේකාගාරයට ගොස් සාරිය ගලවා දැමූ පසු කටුස්සා නිරුපද්‍රිතව එළියට පැනගත්තාලූ.

දිවා ආහාර පැයේදී ඇය සෙසු නිලධාරිනියන් සමඟ පවසා ඇත්තේ ඊට පෙර දිනද ඔය කටුස්සා මල් පඳුර මත සිටිනු තමා දුටු බවයි.

”ඔයාට ඒ වෙලාවෙ බලාගන්න තිබුණෙ ඒ පිරිමි කටුස්සෙක්ද ගැහැනු කටුස්සෙක්ද කියලා’’ යැයි තවත් කටකාර විධායක නිලධාරිනියක් කී දෙයින් සියල්ලෝම කොක් හඬලා සිනාසෙන්නට වුණාලූ.



අදහස් (0)

විධායක නිලධාරිනියගේ සාරිය අස්සට කටුස්සෙක් රිංගලා

ලංකා තිලක් Wednesday, 30 July 2014 04:55 AM

මට අපේ ලැජ්ජා බයට හැදුනු බවලතියෝ ටික මතක් වුණා...කටුස්සා වැරදිලාවත් එයාලගේ රිංගුවා නම් මොන දෙවියන්ට කියන්නද? (නි)

:       0       0

මානි Thursday, 31 July 2014 04:28 AM

පරණ යාලුවෙක් වෙන්න ඇති (නදී)

:       0       0

දේවගේ ලලිත් Thursday, 21 August 2014 03:48 AM

කටුස්සා පාට වෙනස් කළේ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

පියුමාල් Tuesday, 29 July 2014 06:40 AM

දැන් කටුස්සාගේ තත්වේ මොකද ? අසරණ සතා මැරිලද ? (අ)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Tuesday, 29 July 2014 01:46 PM

කටුස්සෙක් හින්ද හොඳා,(අ)

:       0       0

සුමින්ද Wednesday, 30 July 2014 05:44 AM

දැන් කෝ කටුස්සා (නදී)

:       0       0

ශාන් Wednesday, 30 July 2014 05:57 AM

හොදටම විශ්වාසද ? (නදී)

:       0       0

කිංස්ලි Wednesday, 30 July 2014 12:41 PM

බයවෙන්න දෙයක් නැහැ එච්චර. (නි)

:       0       0

ධර්මා Wednesday, 30 July 2014 06:16 AM

අනේ මෙහෙම ආශාවක්..... (නි)

:       0       0

අසංක Tuesday, 29 July 2014 02:49 PM

කටුස්සා හිතාගන්න ඇති ආයෙනම් ජීවිතේ තියෙනකම් ඒ ආසාව පසුපස නම් යන්නෙ නෑ කියලා. (අ)

:       0       0

උපුල්්‍ Tuesday, 29 July 2014 02:52 PM

කුමුදිනි වත්සලා, මේක වෙන්න බැරි කතාවක් නෙමෙයි. අපේ කණ්ඩායමේ ළමයෙකුටත් මේක වුණා.අපි කියන්නේ කටුස්සට පව් කියල.....එයට කටුස්සි කියල කිව්වහම තද වෙනවා (අ)

:       0       0

අප්පුහාමි Tuesday, 29 July 2014 07:19 AM

ලබන ආත්මයේ කටුස්සෙක් වෙලා ඉපදේවා කියලා කීදෙනෙක් ප්‍රාර්ථනා කලාද දන්නේ නැහැ (අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 29 July 2014 03:16 PM

අනේ මම ඒ කටුස්ස වුනානම් .(අ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 29 July 2014 03:17 PM

කටුස්සට මෙනවා හිතෙන්න ඇති. (අ)

:       0       0

රාජ් Wednesday, 30 July 2014 06:35 AM

කටුස්සාගේ ෆොටෝ එකකුත් දමන්න (නි)

:       0       0

සත්‍යයා Wednesday, 30 July 2014 01:19 PM

ඕක ඇත්තටම කටුස්සෙක්ද නැත්නම් කටුසු වේශය ගත්ත වර්තමාන දේශපාලුවෙක්ද කියල හොයල බලන්න. (නදී)

:       0       0

උපුල් එරංග Tuesday, 29 July 2014 04:00 PM

ෂුවර් එකටම අනිත් දවසෙත් ඔය එක්කෙනා එතෙන්ට යනවා.(අ)

:       0       0

චමිල Tuesday, 29 July 2014 04:22 PM

කටුසා කොහොම අමාරුවෙන්ද දන්නේ නැහැ හිටියේ (අ)

:       0       0

ජයත් Wednesday, 30 July 2014 07:27 AM

නැහැ දැන් මෙතන විනය පරීක්ෂණයක් තියන්න යනවා සාමාන්‍ය සේවක කටුස්ස්සෙක් කොහොමද එයා විධායක සාරියක් අස්සට රිංගුවේ පූර්ව අනුමැතියකින් තොරව කියලා (නදී)

:       0       0

නිම් Wednesday, 30 July 2014 07:52 AM

කටුස්ස අාවම බලය පාවිච්චි කලාද දන්නේ නැහැ (නදී)

:       0       0

ජිහාන් Tuesday, 29 July 2014 08:26 AM

කටුස්සාට දෙයියන් බුදුන් සිහි වෙන්න ඇති. (අ)

:       0       0

සුනිල් මාපලගම Thursday, 31 July 2014 08:59 PM

කටුස්සා පන්නා ගන්න නිලදාරිනියගේ සාරිය ගලවද්දී අපේ කටුස්සන් මොන විදියට හැසිරුනාද ? මොනවා සිහියට නගා ගත්තද ? ගොඩාක් අයට කටුස්සෝ වෙන්න ආස වෙන්න ඇති (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Tuesday, 29 July 2014 08:32 AM

ඉතින් ඔය කටුස්සා නිතර මල් ගස් වලට වෙලා එයා දිහා බලන් ඉන්නකොට තේරුනේ නැද්ද මොකාටද එන්නේ කියල...(අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 July 2014 08:44 AM

මේකා නම් මහම මහා නරකම කටුසෙක් නැද්ද මන් අහන්නේ ?(අ)

:       0       0

ලලිත් - එස්.එල් Thursday, 31 July 2014 07:36 AM

මනමාල කටුස්සෙක්. ඌ දන්නේ නැතිව ඇති ගැහැණුන්ගේ තරම. (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Thursday, 31 July 2014 07:38 AM

මේ කටුස්සට පාට මාරු කරන්න බැරිව ඇති එ්කනේ අහු උනේ. (නදී)

:       0       0

තුසිත Tuesday, 29 July 2014 09:08 AM

"කටුස්සාගේ පින " (අ)

:       0       0

ගැමුණු Tuesday, 29 July 2014 09:17 AM

මෙහෙමත් පින්වන්ත කටුස්සෙක් ! (අ)

:       0       0

කුමුදිනි වත්සලා Tuesday, 29 July 2014 09:20 AM

මේක වෙන්න බැරි කතාවක් (අ)

:       0       0

චනිල් Tuesday, 29 July 2014 09:22 AM

උදව්වට කාර්යාලයේ කට්ටියත් උඩ පැනගෙන එන්න ඇති. (අ)

:       0       0

චින්තක Tuesday, 29 July 2014 09:25 AM

දැන් කටුස්සාගේ ගෙදර තොවිලයක් ලු. බය උන එකට නුල් බඳින්න. (අ)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 29 July 2014 09:29 AM

"අලිය පිටේ.. කටුස්සා" කියල අපි පොඩි කාලයේ අලියෙක් දකින විට කැ ගහනවා. ඇත් ගොව්වා රවනවා. අපිට මොකද අලියා බය කටුස්සාටලු. එහෙම එකේ නිලධාරිණිය බියවීම සාධාරණ හේතුවක්. පව්නේ පල් කරන එක.(නදී)

:       0       0

ජගත් Tuesday, 29 July 2014 09:30 AM

මේ කටුස්සා සරමක් අස්සට රිංගන්නේ නැතිව සාරියක් අස්සට රිංගපු එකනේ වැඩේ. (නදී)

:       0       0

සුදත් Tuesday, 29 July 2014 09:32 AM

මීට පස්සේ සාරිය මහා කරදරයක් කියල කාර්යාලයේ බවලතියෝ ඔක්කොම කොට සායවල් අඳින්න පටන්ගත්ත නම් මොකද වෙන්නේ ? එහෙනම් ඔක්කොම පිරිමි ටික කටුස්සා ඉන්න පැත්තට හැරිලා වඳින්න පටන් ගනීවි. (නදී)

:       0       0

සමන්ත Tuesday, 29 July 2014 09:28 PM

කටුස්ස හිතාගෙන ඇත්තේ ඕක මල් පඳුරක් කියලද? (අ)

:       0       0

අජිත් Thursday, 31 July 2014 09:02 AM

කටුස්සටඔක්ෂිජන් දෙන්න වෙලාලු.(අ)

:       0       0

වීරසිංහ Wednesday, 30 July 2014 02:19 AM

හීන්සැරය දෙවැනි කොටස ලියමුද ? (නි)

:       0       0

තිලක් Tuesday, 29 July 2014 11:02 AM

මහ නැහැදිච්ච කටුස්සෙක්. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 31 July 2014 02:19 AM

සාරිය ඇතුළේ ඉන්නකොට කටුස්සාට මොනවා හිතුනද දන්නෙ නැහැ (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 29 July 2014 11:30 AM

කටුස්සා පොලිස් අත්අඩංගුවට පත්වෙයිද? (නි)

:       0       0

තරිඳු Wednesday, 30 July 2014 03:05 AM

සමන්ත මල් පැදුර කෙසේ වෙතත් උෟ හිතෙන්න ඇති ආයෙත් වැහි වනාන්තර වලට රංගන්නේ නැහැ කියලා (නදී)

:       0       0

ගයාන් Wednesday, 30 July 2014 03:09 AM

කටුස්සා දැක්කේ මල් පඳුරක්ද කාන්තාරයක්ද දන්නේ නැහැ (නදී)

:       0       0

නන්ද Thursday, 31 July 2014 02:44 AM

කටුස්ස පිටවෙලා ගිහින්. ඌව තමන්ගේ ඇඳුම් අස්සේ තවමත් දාගෙන ඉන්නේ මේගොල්ලොනේ! මේ වගේ දේවල් වලට කටවල් ඇරෙන අය බොහොමයි. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 29 July 2014 11:32 AM

උණුසුම යන්නත් කලින් පත්තරේටත් ආරංචි වෙලා නේද? (නි)

:       0       0

සරත් Thursday, 31 July 2014 02:48 AM

කටුස්සා දැන් බැහැ කියනවාලුද? (නි)

:       0       0

සරත් Wednesday, 30 July 2014 11:20 AM

එඩිතර කටුස්සෙක්. එක දවසයි බලාහිටියේ. (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ Tuesday, 29 July 2014 12:03 PM

සමහර ආයතනවල වැඩවලිනුත් කටුසු වෙස් ගත් බවලත්තු ඉන්නවා (නි)

:       0       0

රොඩ්රිගෝ Wednesday, 30 July 2014 04:15 AM

කටුස්සා හින්දා හොඳයි. නයෙක් පොළ‍ඟෙක් වුණා නම්... (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Wednesday, 30 July 2014 12:05 PM

විධායක නිලධාරිනියට කටුස්සා සාරිය තුළට ආවම ඇතිවු බියම කටුස්සාටත් ඇතිවන්නට ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 622 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site