(තිහගොඩ - උපසේන ලියනගම)
වඩු කර්මාන්තයේ නියැලුණු තැනැත්තකුගේ බිරියට ‘ඇවිදින හදවතක්’ තිබීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහිර පළාතේ ගහකට ගහක් හමුවෙතැයි කියන උප නගරයකිනි.
ඔහු වඩු කර්මාන්තයේ නියැලි මැදිවියේ පුද්ගලයකු වූ අතර බිරිය පෞද්ගලික ආයතනයක සේවය කොට කොරෝනා උවදුර නිසා ගෙදරම නතර වූ මැදිවියේ කාන්තාවකි.
ඇයට පපුවේ ආබාධයක් ඇති විය. පපුවේ වම්පස රිදෙන බවත් මෙය හෘදයා බාධයකැයි තමා සිතන බවත් කී විට සැමියා කීවේ හදවත ඇත්තේ දකුණු පස නිසා බය නැතිව තමන්ගේ වැඩක් පලක් කරන ලෙසටය. ඇය එසේ කළ අතර රෝගී තත්ත්වය කෙමෙන් අඩුවිය.
සතියකට පසුව දිනෙක ඇයට යළිත් පපුවේ වේදනාවක් ඇතිව ඒ බව සැමියාට කීවේ පපුව අතගාමිනි. මේ සැරේ නම් දකුණු පැත්ත රිදෙන්නේ ඇය දුක් බරව කීවාය.
‘පිස්සුද හදවත තියෙන්නේ වම් පැත්තේ. ඕක හදවතේ වේදනාවක් නෙවි. බය වෙන්න එපා’ සැමියා කී විට ඇය යක්ෂාරූඪ වූවාය.
වම් පැත්ත රිදෙනවා කීවම හාට් එක දකුණු පැත්තේ කිව්වා. දකුණු පැත්ත රිදෙනවා කීවම ඒක වම් පැත්තෙ කියනවා. මගේ හදවත සතිපතා ඇවිදින එකක් දැයි සැමියාගෙන් ඇසූ විට ඔහු නිරුත්තර වුනාලු.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වඩු බාස්ගේ බ්රිඳට ‘ඇවිදින හදවතක්’