කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
අවශ්‍යම දේකට ගමනක් බිමනක් යාමට යතුරුපැදියේ ඉන්ධන ටික ඉතිරි කරගැනීමට යෙදු උපක්‍රමය වැරැදී අත්‍යාවශ්‍ය ගමනක්වත් යාමට නොහැකිව යතුරුපැදිය මහ රාත්‍රියේම කිලෝමීටර් දෙකතුනක් තල්ලුකර ගෙන ඒමට සිදුවූ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි.

ඔහුගේ අවශ්‍යම කාර්ය වූයේ දියණිය උපකාර පන්තියට දැමීමය. අනෙකුත් කටයුතු සඳහා ඔහු ගියේ පයිනි. නිවසට අවශ්‍ය බඩුමුට්ටු ගෙන ඒම ඇතුළු අනෙකුත් දෛනික අවශ්‍යතා ඒ අතර විය.
එදා සිය දියණිය නගරයේ උපකාර පන්තියට ගෙන ගොස් දැමුවේ පස්වරු හයටය. වෙනදා නම් දියණිය උපකාර පන්තියට දමා ඔහු නිවෙසට යන්නේය. මේ දිනවල පවතින උග්‍ර තෙල් අර්බුදය හමුවේ දින කිහිපයක් පෝලිමේ සිට යතුරුපැදියේ ටැංකිය පුරවාගත් නිසා ඔහු එදින නිවෙසට යතුරු පැදියෙන් නොගියේ තෙල් ටික ඉතිරි කර ගැනීමටය.
පන්තිය රාත්‍රී අටට අවසන් වෙන්න තවත් වෙලාව ඇති නිසාත් යතුරුපැදියේ තෙල් ටික ඉතිරි කර ගැනීමට තිබූ අවශ්‍යතාව නිසාත් ඔහු නගරයේ වෙෙළඳ සල් කිහිපයකට ගියේ යතුරුපැදිය උපකාර පන්තිය ආසන්නයේ මහමග නවතා තැබීමෙනි.
උපකාර පන්තියෙන් දියණිය අරගත් ඔහුට නිවෙස බලා ඒමට සිදුවූයේ ටික දුරකි. යතුරුපැදිය ඉබේම නතරවිය. ඔහු සිතුවේ යතුරුපැදියේ යාන්ත්‍රික දෝෂයක් යැයි කියාය. ඒ යතුරුපැදියේ ටැංකිය පිරෙන්නම තෙල් තිබූ නිසාය. දන්න ශිල්ප දා යතුරුපැදිය පණ ගැන්වීමට ක්‍රියා කළද එය කිසිදු හාවක් හූවක් නොමැතිව ගල් ගෙඩියක් මෙන් නිසොල්මනේමය.
යතුරුපැදිය සොලවා බැලුවේ ඔහු නිකමටය. එහි ටැංකියේ තෙල් වදිනා ශබ්දය නොඇසුණු ඔහුට දෙවියන් බුදුන් සිහිවිය තෙල් ටැංකියෙන් හොරාට ඇද ඇති බව ඔහුට තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගත නොවීය. තෙල් නැතිවූ හේතුව දියණියට පැවැසූ පසු ඔහුට ඇය හොඳටම දෙහි කැපුවේ දැන් ඉතින් බල බලා ඉන්නේ නැතිව යතුරුපැදිය තල්ලු කරගෙන යමුයි කියමිනි.
තාත්තයි දුවයි මහා රාත්‍රියේම යතුරුපැදිය නිවෙසට තල්ලු කරගෙන එනවිට යක්කු ගස් නගින වෙලාවත් ළංවෙමින් තිබුණාලු
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැඩි පරෙස්සමට ගිහින් තෙල් ටික පිනට දීලා
himal Thursday, 07 July 2022 08:41 AM
මේ මනුස්සයාගේ තෙල් ටික හොරෙක් ගත්තු එක වැරැදියි කියන්නේ නැතුව ඒක විහිළුවකට අරන්...