IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


වැඩිහිටි නිවාසයේ නාකි පෙම්යුවළ හඳපානේ පැනගිහින්

(තිහගොඩ උපසේන ලියනගම)
වැඩිහිටි නේවාසිකාගාරයක සිටි වියපත් කාන්තාවක් එම නිවාසයේම සිටි මැදිවියේ පිරිමියකු සමග මිතුරුවී අලුත් ජීවිතයක් ගත කිරීමට මහ රෑ පැන යාමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හිරු බැසයන පළාතේ උපනගරයක වූ වැඩිහිටි නිවාසයකිනි.


කලින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආයතනයක සේවය කළ ඇය විවාහ වී සිටියේ හමුදා නිලධාරියකු සමගය. ඔහු යුද බිමේදී අතුරුදන් වීමෙන් පසු ඔහුට අයත්ව තිබූ සියලු දේපළ පවුලේ අය අත්පත් කර ගැනීම නිසා අසරණ වූ ඇය මෙම නේවාසිකාගාරයේ පිහිට පතා පැමිණ තිබිණි.


පසුකලෙක එම නිවාසයට ආවේ බිරිඳ විදේශගතවී ආපසු නොපැමිණීම හා එකම පුතු සමග ගැටුම් ඇති කර ගෙන අසරණ වූ මැදිවියේ අයෙකි.


මද කලකින්ම මේ දෙදෙනා අතර සබඳතාවක් ඇතිවිය. නේවාසිකාගාරයේ වුවත් මේ ගැන විවිධ තොරතුරු කීවත් පාලක නිලධාරියා ඒවා විශ්වාස කළේ නැත. එහෙත් පසුගියදා මේ දෙදෙනා වැඩිහිටි නිවාස කාර්යාලයට පැමිණ ඉල්ලා සිටියේ දෙදෙනාට එකම කාමරයක ජීවත්වීමට ඉඩසලසා දෙන ලෙසටය.


මේ ඉල්ලීමෙන් මහත් කෝපයට පත් පාලක නිලධාරී පාලක නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයට දැන්වූයේ මේ අසංවර ජෝඩුව වහාම ඉවත් කරන ලෙසය. එදින රාත්‍රියේ මේ දෙදෙනා නේවාසිකාගාරයෙන් පැනගොස් තිබුණේ තම තමන් සතු සියලුම ඇඳුම් හා බඩු භාණ්ඩ ද පොදි ගසා ගෙනලු.



අදහස් (4)

වැඩිහිටි නිවාසයේ නාකි පෙම්යුවළ හඳපානේ පැනගිහින්

lal Sunday, 18 November 2018 03:37 PM

ඔන්න වැඩිහිටි නිවාස පාලකයෝ .... ඔයිට වැඩිය මානුෂික විධියට ඔය ප්‍රශ්නය විසදන්න බැරිද ?

:       119       256

d.upulTuesday, 20 November 2018 07:27 AM

අපේ රටේ ලිංගිකත්වය යනු භයානක වරදක්ද?

:       1       83

Prasad Monday, 19 November 2018 09:00 PM

මෙහි ඇති වැරැද්ද කුමක්ද ? වියපත් වීම නව විවාහයකට, ප්‍රේම සම්බන්දයකට භාදාවක් වන්නේ කෙසේද? ඔවුන් දෙදෙනාටම නීත්‍යනුකුල විවාහයකට භාධාවක් නොමැතිනම් ඔවුන් ලැජ්ජාවට පත් කිරීමට හෝ විවේචනය කිරීමට කිසිවෙකුට අයිතියක් නැතිබව මාගේ පිළිගැනීම වේ. අනෙක් කරුණ නම්, සමාජයට හානියක් නොවන්නේ නම්, ඕනෑම වයසක අයෙකුට තමා සතුටට පත් වන ආකාරයට ජීවත් වීමට, ආදරය කිරීමට ඇති අයිතිය රාගය ලෙස අර්ථ නොදැක්වීමට අප මානුෂීය වියයුතු බව මගේ හැගීමයි.

:       1       250

vidya Tuesday, 20 November 2018 06:31 PM

ප්‍රසාද් ඔබ සුන්දර අදහසක් දක්වපු මිනිසෙක්. තනි වුනු මිනිසෙක් පමණයි මෙය දන්නේ...

:       1       110

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1628 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1394 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site