IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වැඩපළක කොරෝනා පයිප්පෙන් ගෙදර ටැංකිය පුරෝගෙන

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත )
 කොරෝනා ව්‍යසනයෙන් ආරක්ෂාවීමට ආයතනය ඉදිරිපිට සවිකර තිබූ ජල කරාමයෙන් මාස ගණනාවක්ම අසල්වැසියකු රාත්‍රී කාලයේදී  සිය නිවසේ සියලු‍ ජල අවශ්‍යතා සපුරාගත් පුවතක් වාර්තාවේ.


           මේ ආයතනය ඉදිරිපිට ජල කරාමය සවිකළේ කොරෝනා ව්‍යසනය මේ රට පැමිණි දා සිටය. ඒ සිය ආයතනයට එන අයගේ දෙඅත් සෝදාගෙන ඒමටය. දිවා කාලයේ පමණක් විවෘතව තිබෙන මේ ආයතනය රාත්‍රියේ වසා දමනු ලබයි. එසේවුවද ආයතනය ඉදිරිපිට තිබෙන ජල කරාමය එසේම තැබූවේ එය වෙනත් අයකු අවභාවිතා නොකරාවී යන්න සිතූ නිසා විය යුතුය.


කොරෝනා ආරම්භයත් සමගම සිය ආයතනයේ ජල බිල නොසෑහෙන්න වැඩිවීම පිළිබඳව ආයතන ප්‍රධානියා ඇතුළු එහි කාටත් එය ලොකු ප්‍රශ්නයකි. ඒ නිසාම ජල නල කාර්මිකයින් ගෙන්වා පරීක්ෂා කළේද අහ්‍යන්තර ජල නළයක් පුපුරා වතුර පොලවට යනු ඇත්දැයි යන්න සැකය පෙරදැරි කරගෙනය. එහිද දෝසයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා මෙය එම ආයතනයට උභතෝකෝටික ප්‍රශ්නයක් වී තිබිණ.  මේ අල්ලපනල්ලේ ආයතන ප්‍රධානියා හදිසි රාජකාරියකට ගොස් මධ්‍යම රාත්‍රියේ නිවස කරා එමින් සිටියදී යමින් ගමන් සිය ආයතනයද බැලීමට ගියේය. එහිදී වතුර බිල ඉහළ යාමට හේතුවද අනාවරණය කර ගත්තේය.


 හැමෝම නිදිගත් යාමේ මේ ආයතනයට ආසන්නයේ නිවැසියකු එහි එළියේ සවිකර තිබූ ජල කරාමයට බටයක් ගසා ඔහුගේ නිවසේ වතුර ටැංකිය පුරවමින් සිටි අයුරු ඔහුට දැකගන්නට ලැබුණි.


 මේ ආයතනය  නගර මධ්‍යයේ පිහිටා නොතිබීමත් එහි මුරකරුවකු නොසිටීම හා සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවි නොකර තිබීමත් අසල්වැසියාට මේ සඳහා ඉනිමං බැඳීමක් වී තිබුණි.



අදහස් (0)

වැඩපළක කොරෝනා පයිප්පෙන් ගෙදර ටැංකිය පුරෝගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site