IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෙඩින් කාඩ් එකේ මිස්ට ඇන්ඩ් මිසිස් පටලැවී ජංජාලයක්

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
රටේ වැඩි දෙනෙකුගේ භාෂාව සිංහලයි. එහෙත් ලිපි ලේඛන, ආරාධනා පත්‍ර, දැන්වීම්  පුවරු ආදිය වැඩි ප්‍රමාණයක් ලියැවෙන්නේ ඉංග්‍රීසි බසිනි. එනිසා ඇතැම් අය අසීරුවට පත්වන අවස්ථාද   දැක ගත හැක.


එසේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද මංගල ආරාධනා පත්‍රයක් ලැබීම නිසා දෙපාර්ශ්වයක් අතර සිදුවන්නට ගිය හිත් අමනාපයක් අනූ නවයෙන් බේරුණු පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


නාගරික ප්‍රදේශයක ජීවත්වන මවුපිය දෙපළක් තම දියණියගේ විවාහ මංගල්‍යය සඳහා තම ඥාති හිතවතුන්ට ආරාධනා ක⁣ළේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ආරාධනා පත්‍ර තැපෑලෙන් යැවීමෙනි.


      දකුණේ කඳුකර ගම් පියසක ජීවත් වන තම නැන්දණිය සහ මාමාද මේ වැදගත් අවස්ථාවට සහභාගි කරවා ගැනීමට මනාලියගේ මවුපියන්ට බලවත් අවශ්‍යතාවක් ඇති විය. පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව උත්සවයට සහභාගි කරවා ගත හැකි පිරිස සීමිත වූ බැවින් නැන්දණියගේ පවුලේ සෙසු අය මඟහැර නැන්දණියට සහ මාමාට පමණක් ආරාධනා කිරීමට තීරණය කළ මනාලියගේ මවුපියන්  ඔවුන් දෙදෙනාට ආරාධනා පත්‍රයක් යවන ලෙස දියණියට උපදෙස් දී ඇත.


මංගල දිනය කෙමෙන් කෙමෙන් ළං විය. තැපෑලෙන් ආරාධනා පත්‍ර යැවූ සෑම දෙනාටම දුරකතනයෙන් අමතා ඔවුන්ගේ පැමිණීම තහවුරු කර ගැනීමද අවශ්‍ය විය.


ඒ අනුව මනාලියගේ මව නැන්දණියටද දුරකථනයෙන් අමතා ආගිය තොරතුරු, දුක සැප විමසා නැන්දෙ එහෙනම් හරි නේ, දෙන්නම එනව නේ?”‍ යැයි ඇසීමට සිතුවා පමණි.  දුරකථනය දෙදරවමින් නැන්දම්මා දෝස් මුරයක් එල්ල කළාය.


‘‘අනේ අනේ කෙල්ලගෙ මඟු‍ලට මම හොඳ නෑ. මාම විතරයි හොඳ උඹලට නේ”‍ යනුවෙන් කියාගෙන යන්නට විය.
ඒ චෝදනාව ඇසීමෙන් ඇය බලවත් සේ නොසන්සුන් වූවාය.


‘‘නෑ, නෑ, නැන්දෙ ⁣දෙන්නටම ආරාධනා කරල ඇත්තෙ”‍ ලේලිය යටහත් පහත්ව කීවාය .


‘‘දෙන්නටම නම් මගේ නමත් තියෙන්න එපායැ, තියෙන්නෙ සිරිසේන කියල මාමගෙ නම විතරයි නේ.”‍ නැන්දම්මා  කේන්තියෙන් කීවාය.


කුමක් හෝ වැරැද්දක් සිදුව ඇතැයි සිතූ ඇය දුරකථනය  විසන්ධි නොකරම දියණිය කැඳවූවාය. ‘‘ඇයි මොකෝ ඔයා සීයට විතරක් ආරාධනා කළේ, ආත්තම්මගෙ නම නැතෙයි කියන්නෙ මේ”‍ 


‘‘එහෙම තමා අම්මෙ ඉංග්‍රීසියෙන් ලියන්නෙ, මම ලිව්වෙ මිස්ටර් ඇන්ඩ් මිසිස් සිරිසේන කියල. දියණිය පැහැදිලි කළාය.
  යළිත් නැන්දණිය ඇමතූ ලේලිය කාරණාව පැහැදිලි කිරීමට උත්සාහ දැරුවාය.


‘‘අනේ,  අපි දන්න ඉංගිරිසියක් නෑ බං, මාමත් දෙවෙනි කැලෑසියට විතරක් ගිය මනුස්සය නේ, එයැයි තමයි කාඩ් එකත් මට පෙන්නල කිව්වෙ සිරිසේන කියල විතරයි ලියල තියෙන්නෙ, ඔහේගෙ නම නෑ කියල”‍

සිදුව ඇති පටලැවිල්ල තේරුම් ගත් ලේලිය නැන්දම්මාට කරුණු පැහැදිලි කර දී දෙදෙනාම මංගල උත්සවයට සහභාගි වන බවට පොරොන්දු කර ගත්තාලු‍.



අදහස් (0)

වෙඩින් කාඩ් එකේ මිස්ට ඇන්ඩ් මිසිස් පටලැවී ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site