IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


වටේ ඇවිදලා ‘රටම’ කලඹලා

 

කොළඹට නුදුරු නගරයක, ගාලූපාර ආසන්නයේ පිහිටි වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ ආයතනයක් තුළ පසුගිය මැතිවරණ දිනයේ රාතී‍්‍ර කිසිවෙක් ඝාතනය කර ඇති බවට ලැබුන ආරංචියක් නිසා මහත් කලබලයක් නිර්මාණය විය.

මෙම ආයතනයේ සේවයට පසුගිය දිනක නවක පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙක් පැමිණියේය. ඔහු මෙම ආයතනයට මුලින්ම සේවයට වාර්තා කළේ මහ මැතිවරණය පැවති දිනයට පෙර දිනයේය. මේ පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා නවක ආරක්‍ෂක නිලධාරියා ඉතා සුහදව පිළිගෙන ඔහුට මේ ආයතනය තුළ ආරක්‍ෂාව සැපයීමේදී සැලකිලිමත් විය යුතු කාරනා පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. ආයතනයේ හතර මායිමද පෙන්නුවේය.

යම් ප‍්‍රශ්නයක් වේ නම් තමන් අමතන ලෙසට ජංගම දුරකථන අංකයද ලබාදුන්නේය. මැතිවරණ දිනයේ සවස වේලාසන ආයතනය වසා දැමූ අතර ඉන්පසු එහි සිටියේ මේ ආරක්‍ෂක නිලධාරියා පමණි. මැතිවරණය නිසා ආයතන සියල්ලම පාහේ සවස් වනවිට වසා දමා තිබිණ. කඩ බොහොමයක් වසා දමා තිබුණු අතර තේ කඩයක් දෙකක් පමණක් විවෘතව තිබිණ. වට පිටාව බැබූ විට පවතින්නේ සුසාන භූමියක වැනි පාළුවට ගිය බවකි. ඉඳහිට යන වාහනයක් දෙකක් නොවන්නට පාරම පාළුවට ගොස් ඇත.

මේක මහා මූසල පෙනුමක් යැයි නවක ආරක්‍ෂක නිලධාරියාට හැඟිණ. මෙහෙම පාළු පාරක් දිහා බලාගෙන ඉන්නවාට වඩා හොඳයි මේ බිල්ඩිම වටේ ඇවිදලා එනවා යැයි සිතූ ආරක්‍ෂක නිලධාරියා රාතී‍්‍ර අටට පමණ ගොඩනැගිල්ලේ ඉහළ මාලයට නැඟුණේය. සියලූ දොර, ජනෙල් වසා තිබේදැයි විදුලි පන්දම් ගසා පරීක්‍ෂා කර බැලූවේය. මේ අතර එක කාමරයක වීදුරු ජනේලයට විදුලි පන්දම එල්ල කරද්දි ඇතුළේ කිසිවකු ඉන්නවා ඡායාවක් මෙන් පෙනුණි.

වඩාත් හොඳින් එය තහවුරු කර ගැනීම සඳහා හේ විදුලි පන්දම කාමරය තුළට යොමුකර එබී බැලූවේය. පුද්ගලයෙක් බිම වැටී සිටී. සියලූ දොර ජනෙල් වසා ඇත. ඔහු මේ වැටී සිටින පුද්ගලයාට කතා කිරීමට උත්සාහ කළේය. දොර ජනෙල්වලට ගසා කතා කළේය. එහෙත් මේ පුද්ගලයා කිසිදු කතාබහක් නැත. දෙයියනේ මේ මිනිහා මැරිලාවත්ද? නැත්නම් කවුරු හරි මරලා සද්ද නැතුව දොර වහලා ගිහින්ද? අපොයි මට තමා මේවට උත්තර දෙන්න වෙන්නේ.

ආරක්‍ෂක නිලධාරියාගේ ඉහින් කනින් දාඩිය වැගිරෙන්නට විය. හේ වහා බිම් මහලට බැස වෙනත් ආයතනයක පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියකුට මේ බව කියා සිටියේය. ඔහුගේද උපදෙස් මත වහාම ආයතන ප‍්‍රධානියාට කතා කර පුවත සැලකර සිටියේය. ආයතන ප‍්‍රධානියා සිටියේ රූපවාහිනියෙන් මැතිවරණ ප‍්‍රතිඵල නරඹමිනි. තම ආයතනයේ ආරක්‍ෂක නිලධාරියා දැන්වූ පණිවුඩයෙන් කලබලයට පත් ආයතන ප‍්‍රධානියා මේ ගැන තම ආයතනයේ කළමනාකරුටද දන්වා පොලිසියටද දැනුම් දුන්නේය.

ආයතන ප‍්‍රධානියා පුහුණු මධ්‍යස්ථානයට එන විටත් ආරංචි කණ වැකුණු අවට බොහෝ පිරිසක් එහි ගේට්ටුව අසල රොක්ව සිටියහ. මැතිවරණයත් සමග කෙතරම් කාර්ය බහුල වුවත් පොලිසියද ඉතා ඉක්මනින්ම එහි පැමිණියේය.

වහා ආරක්‍ෂක නිලධාරියා පැවසූ කාමරය පරීක්‍ෂා කිරීමට පොලිසියත් සමග ආයතන ප‍්‍රධානියා, කළමනාකරු හා ආරක්‍ෂක නිලධාරියාද ඉහළ මහලට ගියහ. අදාළ කාමරයේ දොර හැර බැලූ විට එහි කිසිවෙක් බිම වැටී සිටිනු දැකිය හැකිවිය. එය දුටු කවුරුත් එකිනෙකාගේ මූණෙන් මූන බලා බිම බලාගත්හ. එහි වැටී සිටියේ සැබෑ මිනිසෙක් නොව වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේදී උපයෝගි කරගන්නා ති‍්‍රමාණ රූපී ෆයිබර් මිනිස් ආකෘතියකි.



අදහස් (0)

වටේ ඇවිදලා ‘රටම’ කලඹලා

ශාන් Monday, 31 August 2015 06:33 AM

සැලකිලිමත් වීම වැදගත් . . කෝ දකුණට බනින කට්ටිය (ම)

:       0       0

මොහොමඩ් Tuesday, 01 September 2015 07:00 AM

දකුණේ ඉන්නෙම මේ වගේ අයනේ (ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 31 August 2015 07:29 AM

මේ ආරක්ෂනයා දකුණේද කොහෙද ? දකුණේ කට්ටිය ඔහොම මනේ පුදුම කලබල කාරයෝ ........(ම)

:       0       0

ධම්ම Monday, 31 August 2015 07:43 AM

ති‍්‍රමාණ රූපී ෆයිබර් මිනිස් ආකෘතිය නිර්මාණය කළ ශිල්පියා අගය කළ යුතුයි. (බ)

:       0       0

අජන්ත Tuesday, 01 September 2015 01:59 AM

මේක අඳුරගන්න බැරිවෙලාද ඔහුට? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 31 August 2015 11:03 AM

අවංකවම, අකුරටම, රාජකාරිය කල ආරක්ෂක නිලධාරියෙක්. (ම)

:       0       0

අමාරිස් Thursday, 03 September 2015 12:52 AM

පැතුම් සහ මොහමඩ් ඉන්නේ උතුරුකුරු දිවයිනේද? (නි)

:       0       0

රෂින්ත Thursday, 10 September 2015 10:11 AM

ඕක තමයි කියන්නෙ ඕනැම දෙයක් ගැන හොඳට හොයල බලන්න කියලා. (අ)

:       0       0

පැතුම් තිරානගමගේ Tuesday, 01 September 2015 05:25 AM

දකුණේ නම් ඉන්නේ මෙහෙම අයම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 597 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 507 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site