IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


වැටකෙයා ගාලේ ප්‍රේමයට දුෂ්ඨයෝ පැනලා

ඇය දහ අට හැවිරිදි තරුණියකි. ඇයගේ අනෙකුත් යෙහෙළියන් මෙන් ඇය ද නිවසට හොරා ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගියාය. පංති යන බව පවසා හෝ වෙනත් අවශ්‍යතාවකට යන බව පවසා හෝ ඉඩක් ලද විටෙක පෙම්වතා සමග මුළු ගැන්වීමට ඇය ආසා කළාය.


එදින සවස ද ඇය මුහුදු වෙරළට ගියේ පෙම්වතා හමුවීමටය. ඔහු දුටු ඇයගේ සතුට ඉහවහා ගියාය. දෙදෙනා මුළු ගැන්වීමට සුදුසු තැනක් බැලූහ. දෙදෙනා සෙමින් සෙමින් වැටකෙයියා පඳුරක් තුළට රිංගා ගත්හ. ටික වේලාවක් පෙම්සුව විඳිමින් සිටින විට බලාපොරොත්තු නොවූ ලෙසට දුෂ්ඨයින් එකෙක් නොව දෙදෙනෙක්ම ඔවුන් වෙත කඩා පැන්නහ.


“අපි හමුදාවේ... ගන්නවා හැඳුනුම්පත්” තරුණිය හොඳටම බියට පත්වූවාය. දුෂ්ටයන් දෙදෙනා පෙම්වතා එම ස්ථානයෙන් ඉවත් කොට ඇයට යෝජනාවක් කළහ.


“අපි එක්කත් එන්න ඕන නැත්නම් ගෙදරට කියනවා. දෙනව ෆෝන් නොම්බරය” දුෂ්ඨයින්ගේ ඉල්ලීමට බිය වූ ඇය තම දුරකතන අංකය දුන්නාය. දුරකතන අංකය ලබා ගත් දුෂ්ඨයෝ පිටව ගියහ.


පසුදින ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. “ඔයා අද එන්න ඕන” ඇමතුම දුන්නේ කවුද කියා ඇය හඳුනා ගත්තාය. සිදුවීමට යන දෙය තවදුරටත් සඟවා සිටීම නුසුදුසු බව දැනගත් ඇය සිද්ධිය අම්මාට පැවසුවාය. පසුව දෙදෙනාම නැවතුනේ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේය.


පොලිසියේ උපදෙස් පරිදි ඇය ඔවුන්ගේ ඉල්ලීමට එකඟ බව පවසා දුරකතනයට ඇමතුමක් දුන්නාය. ඒ අනුව ඔවුන් දෙදෙනා ඇය හමුවීමේ අරමුණින් පිටත් වූහ. එහෙත් බලාපොරොත්තු නොවූ ආකාරයට මාර්ග බාධකයක දී දෙදෙනා හික්කඩුව පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූහ.

(උණවටුන ඩී.ජී. සුගතපාල)



අදහස් (1)

වැටකෙයා ගාලේ ප්‍රේමයට දුෂ්ඨයෝ පැනලා

randi Tuesday, 02 July 2019 11:33 PM

කෙල්ලට මේ තරමින්වත් මොලයක් තිබ්බ එක ලොකු දෙයක් , තවත් අම්මට හැංගුව නම් මහා විනාශයක් වෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site