IMG-LOGO

වගා බිමේ තෙල් හොරා අමුතු ගැටේකට අහුවෙලා

(නාඋල - ඉන්දික අරුණ කුමාර)
සිය වගා බිමේ කලක් තිස්සේ සිදුවන කෘෂි රසායන ද්‍රව්‍ය සොරකම් කිරීමේ ක්‍රියාවකට අපූරු දඬුවමක් ලබාදුන් ගොවියකු පිළිබඳව නාඋලින් වාර්තා වෙයි. 


කලක් තිස්සේ කාටවත් බාධාවක් නැතිව ගොවිතැන් කටයුතු සිදුකරන මේ ගොවි මහතා කා අතරත් කතා බහට ලක්වන ගොවියෙකි. 


වගා කරන කුමක් හෝ අස්වැන්නක් ගමේ අය සමග බෙදා හදා ගන්නා මොහු පුළුවන් අයුරින් කාටත් උපකාර කරන්නෙකි. 


කෙසේ වෙතත් තමන්ගේ වගාවට යොදන කෘෂි රසායන ද්‍රව්‍ය ඉතිරි වුවත් ඒවා නිවෙසට රැගෙන යාමක් සිදුනොකරන මේ ගොවි මහතා ඒවා තමන්ගේ වගා බිමේ කොතනක හෝ ආරක්ෂාකාරීව තබා යන්නේ යළි ප්‍රයෝජනයට ගත හැකි වන පරිදිය. 


කෙසේ වෙතත් කලක් තිස්සේ සිදුවන මේ ක්‍රියාව දෙස බලා සිටි යාබද තවත් ගොවියකු සඟවා තබා යන කෘෂි රසායන ද්‍රව්‍ය හොර රහසේ රැගෙන සිය වගාවට යෙදීමට පටන් ගෙන තිබේ. 


තමන් සඟවා යන කෘෂි රසායන හිටි හැටියේ අතුරුදන් වන බව හොඳින් වටහාගත් ගොවියාද සැලසුම් සහගතව අපූරු වැඩක් සිදුකර තිබේ. 


තමන්ගේ ඉතිරිවන කෘෂි රසායන සොරාගන්නා හොරාට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතූ මේ ගොවියා වගාවට යොදා ඉතිරි වූ කෘෂි රසායන වල ඉතිරි කොටස් වෙනදා සුපුරුදු ස්ථානයේම සඟවා තැබුවේය. 


දින කිහිපයක් යන විට තමන් සැඟවූ කෘෂි රසායන එම ස්ථානයේ නොමැති බව වටහාගෙන ඔහුද පාඩුවේ සිටියේය. 


දින කිහිපයක් ගත වෙද්දි යාබද වගාවක් හිටි හැටියේ සම්පූර්ණයෙන්ම මැරී ඇති බව හේ දුටුවේය. 


සිද්ධියෙන් කර කියා ගත හැකි දෙයක් නොමැතිව වගාව දෙස බලා සුසුම් ලන ගොවියකු දෙස බලා ගොවියාද එතැනින් යන්න ගියේය. 


ඔහු සිදුකර තිබුණේ කෘමි නාශක බෝතලයට වල් නාශක කලවම් කර සඟවා තැබීම පමණි. වෙනදා පුරුදු පරිදි ගොවි බිමෙන් සොරාගත් තෙල් බෝතලය මතු පිටින් බලා තමන්ගේ වගාවට අනුන්ගේ තෙල් යෙදූ ගොවියාට සිදුවූයේ කවදාවත් බලාපොරොත්තු නොවූ දෙයකි.



අදහස් (0)

වගා බිමේ තෙල් හොරා අමුතු ගැටේකට අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site