‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ යනුවෙන් ඇති ප්‍රස්ථා පිරුළ සිහිපත් කරන පොල් ලෙල්ලේ පාටින් පොල් හොරෙක් අල්ලා ගත් පුවතක් දකුණේ එක්තරා ගමකින් අසන්නට ලැබේ.
වාර්තාවන අන්දමට ඒ පුවත මෙසේය.

මේ දිනවල පොල් මිල ඉහළ නිසා පැහැණු පොල් ගස්වල තිබෙන්නට හැරීම එතරම් හොඳ නැති නිසා සිය ගෙවත්තේ වූ පොල්ගස් කිහිපයක පැසී තිබුණ පොල්ගෙඩි ටික කඩා තබන්නට ගැමියකුට අවශ්‍ය විය. ඔහුගේ වත්තේ වූ පොල්වල ලෙලි රන්වන් පාටය. වෙනදා පොල්කඩන්නා සති කිහිපයකින් මේ ප්‍රදේශයට පැමිණ තිබුණේ නැත. මේ ගැන අසල්වාසියකු සමග කතා කරමින් සිටිය දී ඒ අසලින් ගිය රණා නැමැති ගමේ කුලීකරුවකු කියා සිටියේ තමන්ට පොල් ටික කඩාදිය හැකි බවය.
ඒ අනුව ඔහු එම ගෙවත්තේ වූ පොල් ගස් කිහිපයක පොල් කැඩුවේය.
” මහත්තය මේ කාලෙ පොල්වල ගණන්වල හැටියට මේ පොල් හොරු ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේ පොල්ටික පොහොර උරවල දාල ගේ පිටි පස්සෙන් තියමු.”
කුලීකරුවාගේ යෝජනාවට ගෙහිමියා ද කැමැති විය.
ඒ අනුව ගෙහිමියා ලබාදුන් හිස් පොහොර උරවලට ඊට ප්‍රමාණවත් පොල් දමා එම පොල් සහිත පොහොර උර කිහිපය නිවසේ පිටුපස කුලීකරු විසින්ම ඔසවාගෙන ගොස් තබා ඔහුගේ කුලිය ගෙන ගියේය.
පසුදා උදෑසන අවදිවූ ගෙහිමියා නිවෙස පිටුපසට ගොස් බලද්දී එහි පෙරදා සවස තබා තිබූ පොල්සහිත උර දෙකක්ම තිබුණේ නැත.
කිසිවකුට මේ ගැන නොපැවසූ ගෙහිමියා කඩ මණ්ඩියට යද්දී එක් කඩයක් අසල කාන්තාවක් පොල් ලෙලි ගසමින් සිටියාය. ඒ පොල් තමන්ගේ ගස්වල පොල් බව එම ලෙලිවල පාටින්ම ඔහු හඳුනා ගත්තේය.”
කොහෙන්ද නංගි මේ හොඳ පොල්ටික ගත්තෙ.” කියා ඔහු විමසද්දී ඇය කීවේ ” අද එළිය වැටෙන කොටම රණා තමයි මේ පොල්ටික ගෙනත් දීල සල්ලි අරන් ගියේ, යනුවෙනි.
ඔහු ආපසු නිවෙසට ගියේ එහෙනම් මුගේ ගැටේට මං අහුවුණායි සිතමිනි.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෙල්ලේ පාටින් පොල් හොරා හොයාගෙන