(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මතින් පදම් වී සිටි අයකු රාත්‍රියේ අසල තේ කඩයකට ගොඩවූයේ උණු තේ කෝප්පයක් බීමටය.
තේ කඩයේ හිමිකාරිය මැදිවියේ කාන්තාවකි. ඔහු කඩයට ගොඩවන විට විදුලිය විසන්ධි වී තිබුණි. කඩය ආලෝකවත් කිරීමට යාන්තමට ඉටිපන්දමක් දල්වා තිබුණි.
ඔහු කඩය හිමි කාන්තාව අමතා ‘අක්කේ පැණි වළල්ලයි ටී යාරයයි’ යැයි පවසා ඇත. කාන්තාව මුලින් පැණි වළල්ලක් දීසියක දමා ගෙනවිත් මේසය මත තබා පසුව කිරි තේ කෝප්පයක් ගෙනවිත් දී ඇත. තේ පානය කළ තරුණයා අදාළ මුදල ගෙවා පිටව ගියේය. ඊට ටික වෙලාවකට පසුව විදුලිය ද ලැබී ඇත. මේසය අස් කිරීමට පැමිණි කඩ හිමි කාන්තාව තමන් මදුරුවන් සඳහා දල්වා තිබූ මදුරු දඟරය අතුරුදන් වී ඇති බව දැක අන්දුන් කුන්දුන් වූවාය. කෙසේ වෙතත් දීසිය මත ඉතිරිව තිබූ පැණි වළල්ල දැක ඇයට කාරණය අවබෝධ වී තිබේ. තරුණයා පැණි වළල්ල බව සිතා මදුරු දඟරය කා ඇති බව ඇයට අවබෝධ වී තිබේ.
ඔහු රෝහල්ගත කර ඇති බව ඇයට පසුව දැන ගන්නට ලැබී ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ලයිට් ගිය අස්සේ පැණි වළලු වෙනුවට මඳුරු දඟර කාලා