IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලාබෙට දර ළිපෙන් උයන්න ගිය අලුත් මනමාලිගේ නාසය පිළිස්සිලා

(මොරගොල්ලාගම 
සිසිර කැලේගම)
ගෑස් වැඩි නිසා ලාභදායක ලෙසට දර ළිපෙන් කෑම පිසීමට ගිය තම බිරියට වෙච්ච කැළල මකන්නට සැමියා ගෑස්වලට වඩා වැඩි මුදලක් වැය කරන පුවතක් ඇතුගල්පුරවරය තුළ පිහිටි මෙරට තුන්වැනි රාජධානි පෙදෙසකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


ඇය සිදාදියේ උපන් රූමත් තරුණියකි.


තරුණ වියේ දී නිසි  වයස සම්පූර්ණ වූ ඇය ගම්බද පෙදෙසක ඉහළ තනතුරක් හොබවන තරුණයකු සමග විවාහ විය.


විවාහයෙන් පසුව ඇය සැමියාගේ නිවසේ වාසයට පැමිණියාය.


ටික දිනකින් ඔහු ස්ථාන මාරුවක් ලැබ කොළඹ සේවයට ගියේය.


නිවසේ සිටි නවක බිරියගේ තනියට නැන්දම්මා පැමිණියාය.


දෙදෙනා එහි ගෑස් භාවිතා කරමින් ඉහුම් පිහුම් කටයුතුවල නියැළෙති.


හිටි හැටියේ ගෑස් මිල ඉහළ යාම නිසා ගෑස්වලට තිත තබා දර ළිප භාවිතා කිරීමට නැන්දම්මා තීරණය කළාය.


සිදාදියේ සිටි ලේළියට දර භාවිතයෙන් දුම්ගසනා  ළිපේ ගින්දර අසුන්දර වුවත් නැන්දම්මාගේ මතයට ඇය අකැමත්තෙන් වුවද කැමැත්ත පළ කළාය.


ලිප් ගල් වෙනුවට යකඩ තහඩු තුනක් සවිකර ළිප හැදුවාය. වත්තෙන් සොයා ගත් පොල් පිති, පොල් කටු, පොල් ලෙලි හා දර භාවිතා කරමින් ගින්දරෙන් කෑම පිසින්නට නැන්දම්මා පියවර ගත්තාය.


එය බලා සිටි ඇය පසුදින පාන්දරින්ම නැන්දම්මාට පෙර අවදි වී ගින්දර පත්තු කර කෑම පිසිමින් සිටියාය.


ටික වේලාවකට පසුව ඇය නැගූ විලාපය නැන්දම්මාට සේම අවට නිවෙස්වලට ද  දෝංකාර දුණි.


 ඔවුන් වහ වහා කුස්සිය කරා  පැමිණි විට ඇය නාසය පුළුස්සාගෙන වේදනාවට පත්ව විලාප නගනා අයුරු දැක ගැනීමට හැකි වුණි.


ළිපට ළං වී පිඹිනා විට ලිප් ගල් වෙනුවට සවිකර තිබූ රත් වූ යකඩ කණුවල නාසය ගැටීමෙන් නාසයට පිළිස්සුම් තුවාල සිදු වී තිබේ.


ඇය රෝහල් ගත කෙරුණි. ඇයගේ තුවාලය  දැනට සුවපත් වී ඇතත් කැළල මැකී ගොස් නැත. එය සුවපත් කරන්නට සැමියා ඇය කැටුව විශේෂඥ වෛද්‍යවරුන් සොයා යන බවත්, ගෑස් එකකට නොව ගෑස් දුසිමකට වඩා වැඩි මුදලක් මේ වනවිට සැමියා ඒ වෙනුවෙන් කාබාසිනියා කර ඇති බවත් පවුලේ උදවිය පවසති.

 



අදහස් (1)

ලාබෙට දර ළිපෙන් උයන්න ගිය අලුත් මනමාලිගේ නාසය පිළිස්සිලා

sampath Monday, 01 November 2021 08:56 PM

නැන්දම්මලා මාමණ්ඩිලා කිට්ටු වුණා නම් විනාශයක්ම තමයි ඉතින්...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site