IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලක්ෂ 4ක් හොරා ගත්තත් අයිතිකරුගෙන් හොරාට සමාව

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
එක්තරා පෞද්ගලික ආයතනයක සේවය කරන සේවිකාවක් විසින් වංචනික ලෙස ලබාගත් තම ආයතනයේ ගනුදෙනුකරුවකුගේ බැංකු කාඩ්පතක් භාවිත කර රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා භාණ්ඩ ලබාගෙන තිබියදී එම කාඩ්පත් හිමියාගේ කාරුණික භාවය නිසා නීතිය ඉදිරියට නොගොස් තමා ගත් භාණ්ඩවල වටිනාකම ආපසු ගෙවා රැකියාවත්, තත්ත්වයත් බේරාගත් සේවිකාවක පිළිබඳ පුවතක් අගනුවරට ආසන්න නගරයකින් වාර්තාවේ.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


රජයේ උසස් රැකියාවක් කර විශ්‍රාම ලබා සිටින ඔහු සිය ගනුදෙනු සඳහා නිතර භාවිතා කළේ තම බැංකු කාඩ්පතය. එම බැංකු කාඩ්පතින් කරන සෑම ගනුදෙනුවක්ම අවසානයේ ඒ පිළිබඳ සටහනක් ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණි.


ඉකුත් දිනෙක නිවසේ සිටියදී හිටිහැටියේ ඔහුගේ ජංගම දුරකථනයට එවැනි පණිවුඩ කිහිපයක්ම ලැබුණි. එය කියවා බැලූවිට ඔහුට, තම බැංකු කාඩ්පත භාවිතා කර ඒ වනවිට එදින රුපියල් හාරලක්ෂ තිස් හතර දහසක භාණ්ඩ ලබාගත් බව එම පණිවුඩ අනුව පෙනී ගියේය.
ඔහු වහාම සිය මුදල් පසුම්බිය පරීක්ෂාකර බැලූ විට ඔහුගේ බැංකු කාඩ්පත එහි නොවීය. සිය පුතාවත් කාඩ්පත රැගෙන ගොස් මෙම ගනුදෙනු සිදුකළාදැයි සිතූ ඔහු වහාම ඒවනවිට රැකියා ස්ථානයට ගොස් සිටි පුතාගෙන් මේ ගැන විමසීය. එහෙත් පුතා මේ ගැන කිසිවක් දැන සිටියේ නැත.


විශ්‍රාමිකයා වහාම අදාළ බැංකුවට කතාකර එම කාඩ්පතින් ගනුදෙනු  කිරීමේ පහසුකම අත්හිටුවීය. ඊට පසු තම ගිණුමේ ගනුදෙනු පිළිබඳව සවිස්තර වාර්තාවක් එම බැංකු ශාඛාවෙන් ලබාගත්තේය.


එය විමර්ශනය කිරීමේදී පෙනීගියේ මෙම කාඩ්පත භාවිතා කර වෙළඳසැල් කිහිපයකින් භාණ්ඩ ලබාගෙන ඇති බවය. ඒ අතර අගනුවර පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ හතරක රන්හාණ්ඩ ලබාගෙන තිබුණි.


ඒ අනුව එම ආයතනවලට ගිය මෙම කාඩ්පත හිමියා ඔවුන්ට සත්‍යය පවසා එම ආයතනවල සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කර බලා එම දත්ත ලබාගත්තේය. සිද්ධිය පිළිබඳව තොරතුරු ඇසූ එම එක් වෙළෙඳසැලක සිටි සේවිකාවක් මේ දර්ශනවල සිටින තරුණිය ගැනත් ඇය මෙම ගනුදෙනු සඳහා පැමිණියේ සිය මව සමග බවත් හෙළි කළේය.


 එසේම මෙම කාඩ්පත සිය පියාගේ බවත් පියා මේ ගනුදෙනු ගැන වැඩි කැමැත්තක් නැති බවත් වෙළඳසැලේදී පැවසූ බවද හෙළිවිය. එම තරුණිය පිළිබඳව සියලු තොරතුරු හෙළිකරගත් කාඩ්පත් හිමියාට සිහිපත් වූයේ මෙම වංචාකාර සේවිකාව සේවය කරන්නේ නගරයේ වූ පෞද්ගලික ඔසු ශාලාවක බවත් තමන්ද නිතර බෙහෙත් ලබාගන්නේද මෙම ඖෂධ ශාලාවෙන් බවත්ය.


නගරයේ පිහිටි මෙම ඖෂධ ශාලාවට මීට දින කිහිපයකට පෙර ගොස්  තමන්ට අවශ්‍ය බෙහෙත් කිහිපයක් ලබාගත් බවත් එම ගනුදෙනුව අවසානයේ තම කාඩ්පත මෙහි අමතකව ගිය බවත් ඔහුට සිහිපත් විය.


පසුව මෙම විශ්‍රාමිකයා සිය පුතාද සමග ගොස් එම සේවිකාවට මෙම සියලු තොරතුරු පවසා තමන් නීති මගින් කටයුතු කළහොත් ඇයගේ රැකියාවද අහිමිවන බව තේරුම් කරදී දින දෙකක් ඇතුළත තමන්ගෙන් වංචනික ලෙස ලබාගත් මුදල් තම බැංකු ගිණුමේ තැන්පත් කරන ලෙස පවසා ඇත.


විශ්‍රාමිකයා බැංකු කාඩ්පත තම ආයතනය තුළ අමතකව ගොස් තිබුණ බවත්, තමන් මේ සියලු දේවල් කළේ තම මෑණියන්ගේ ඉල්ලීමට බවත් පැවසූ එම සේවිකාව මේ පිළිබඳව සමාව ගෙන ඊට පසුදාම ඇය ලබාගත් රුපියල් හාර ලක්ෂ තිස්හතර දහසක මුදල බැංකු කාඩ්පත් හිමියාගේ ගිණුමට තැන්පත් කර සිය රැකියාවත් බේරාගෙන නින්දාවෙනුත් ගැලවී ඇත. 

 



අදහස් (0)

ලක්ෂ 4ක් හොරා ගත්තත් අයිතිකරුගෙන් හොරාට සමාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site