IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ලොකුවට උපහාර උ​ෙළලක් තියා නූඩ්ල්ස් පැකට්ටුවක් තෑගි දීලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 
පළාත් පාලන ආයතනයක කැළි කසළ අංශයේ සේවකයකුගේ විශ්‍රාම යාම නිමිත්තෙන් උපහාර තිළිණයක් ලෙස ඉතා අලංකාරවත් ලෙස සැරසූ විශාල පෙට්ටියක දමා රුපියල් හැටක් වටිනා ක්ෂණික නූඩ්ල්ස් පැකට් දී නාගත් ප්‍රාදේශීය මහජන නියෝජිතයකු පිළිබඳ අපූරු පුවතක් දකුණෙන් වාර්තා වේ. 


තමා සමාජ සත්කාරක සේවාවල නිරත වන බව හේ සමාජ ජාල ඔස්සේ නිතර නිතර පුවත් මැව්වේය. වැඩිමනත් ඔහු පුවත් මැව්වේ කාගේවත් අවධානයට යොමු නොවූ පිරිස්වලට උපහාර සේවාවල නිරතවන බව පෙන්වමිනි. නගරයේ කැළි කසළ සේවාවල නිරතව විශ්‍රාම යන අය වෙනුවෙන් උපහාර පිදීම මේ අතර ප්‍රධාන තැනක් හිමි වී තිබිණ. 


එදා ඔහුගේ උපහාරයට බඳුන් වූයේ වසර විසි පහකටත් වඩා නගරයේ කැළි කසළ ඉවත් කර විශ්‍රාම ගිය ඉතාම අහිංසක කම්කරුවෙකි. මේ අවස්ථාවට එම කම්කරුවා සේවය කළ අංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට ද ආරාධනා ලැබ තිබුණේය. මෙය සුවිශේෂී වූ උපහාර උළෙලක් නිසා ඔහු ද එයට සහභාගී වී සිටියේය. 


මේ මහජන නියෝජිතයා කම්කරුවාගේ සේවය අගයා ලොකු කතාවක් කොට ඔහුට උපහාර ලෙස තිළිණයක් ද ප්‍රදානය කළේය. එය ඉතා අලංකාර ලෙස සැරසු විශාල පෙට්ටියකි. 


බොහෝ අය සිතුවේ එය ඔහු වෙනුවෙන් කළ සේවාව වෙනුවෙන් ලොකු වටිනාකමක් ඇති තිළිණයක් කියාය. ස්තූති කතාවකින් පසු උපහාර උත්සවය නිමා විය. 


ඒ සැණින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ අපූරු උපහාර උත්සවය පිළිබඳ පුවත් ප්‍රචාරය විය. එයට ආ ප්‍රතිචාර සංඛ්‍යාවද විශාලය. ඉන් බොහෝමයක් ඔහු කළ මේ ක්‍රියාව අගයා ය. 


ඊට පසු දින උපහාර ලැබූ කම්කරුවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවීමට පැමිණියේ රුපියල් හැටක් වටිනා ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් අතින් අරගෙනය. මේ තමාට ඊයේ උපහාර ලෙස ලැබූ ත්‍යාගය ලෙස ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පෙන්නුවේ තවත් පිරිසක් අභියසදීය. මේ අහිංසකයන් විකුණා සමාජ මාධ්‍ය ජාලයෙන්  පිම්බීමට උත්සාහ දරන මෙවැනි මහජන නියෝජිතයන් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඇති වූයේ කියන්න බැරි තරම් කනගාටුවකි, කෝපයකි. 


සමාජ මාධ්‍ය ජාලය ඔස්සේම ඔහුගේ මේ උපහාර උළෙලේ දී අහිංසක කම්කරුවට ලබා දුන් තිළිණය ගැන ද ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඔහුට හොඳ කියූ අයම ඔහුගේ ලෙලි ඇර තිබුණේ මේ පිළිබඳව සැම දෙනාම දැනුම්වත් කරවමිනි. 

 



අදහස් (1)

ලොකුවට උපහාර උ​ෙළලක් තියා නූඩ්ල්ස් පැකට්ටුවක් තෑගි දීලා

gamini wasantha Friday, 07 May 2021 07:04 AM

ඔය වගේ අහිංසක මිනිසුන් මුලාකරන කාලකණ්ණින්ට ඔක්කොම ඉස්සරහ කුණු බිත්තර ගහලා එළවන්න ඕනෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 98 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site