IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලොක්කගෙ පුතාගේ ‘ලව් එක’ ගමේ කොල්ලට මාරුවෙලා

ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලු‍ම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණ.


රැකියාව පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට  දිස්ත්‍රික්කයක කෙළවර පිහිටි කම්හලකය. එම කම්හල පිහිටි ප්‍රදේශයේ සියයට අනුවකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ කර්මාන්තයයි. දිනපතා නිවසේ සිට රැකියාවට යාම අපහසු නිසා ඇයට කම්හල ආශ්‍රිතව නේවාසිකාගාරයේ සුව පහසු කාමරයක්ද ලැබිණි.


ඇය රැකියාවට ගොස් මාසයක් ගතවීමට පෙරම නොසිතු ලෙස වාසනාව ඇය වටා කැරකෙන්නට විය. ඒ කම්හල් කළමනාකරුගේ පුතාය. ඔහු විසි එක් හැවිරිදි තරුණයෙකි. ඔහු සමග හෝටල් කාමරවල ඇඳන් මත සිටින විට සුව පහසු යාන වාහන සුවිසල් නිවාස වතු නිලධාරින්ගේ සුහද හමු ඇයට මැවී පෙනෙන්නට විය.


මේ අතර දෙදෙනා දිනක් ගාල්ල නගරාසන්නයේ හෝටලයකට පැමිණයහ. හෝරා කිහිපයක් එහි ගතකිරීමෙන් පසු ඔහු මෝටර් රථයෙන් ඇය බස් නැවතුම් පොලට කැඳවාගෙන ආවේය. “දැන් කොහෙද යන්නේ” ඔහු ඇසුවේය.


“මම ගෙදර ගිහිල්ල හෙට එන්නම්. හුඟාක් කාලෙකින් ගියේ නැහැ”ඇය කිවාය.


පසුව ඔහු මෝටර් රථයෙන් පිටත්ව ගිය අතර ඇය බස් නැවතුම් පොලේ නතර වූවාය. ටික වේලාවකට පසු ඔහු ඇයගේ ජංගම දුර කතනයට කතාකර ඉන්නේ කොහේදැයි විමසීය. “මම මේ මහ වීදියෙ කඩේකට  ආවා. අම්මට ඇඳුමක් ගන්න.” ඇය කීවාය. එහෙත් එසේ කියා වැඩි වේලාවක් යන්නට පෙර පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඇය අසල නතර කළේය.


මෝටර් රථයෙන් බැස ගත්තේ මෙයට ටික වේලාවකට පෙර යහන් ගතව සිටි කම්හල් කළමනාකරුගේ පුතාය. අවාසනාවට මෙන් ඇය සිටියේ තවත් තරුණයෙකුගේ අත අල්ලා ගෙනය. මෙයට පෙර දැනහැඳින ගෙන සිටි එම තරුණයා සමග ඇය ගාලු‍ කොටුවට යමින් සිටියාය. මෝටර් රථයෙන් බැසගත් ඔහු “ඇයි මට බොරු කිව්වේ” කියමින් අත මිට මොලවා ඇයගේ මුහුණට වේගයෙන් පහරක් එල්ලකර මෝටර් රථයට නංවා ගත්තේය. ඇය සමග සිටි තරුණයා අන්ද මන්දවී බලා සිටියේය.


“මම ඔක්කොම බලාගෙන හිටියේ කව්ද ඒ හාදයා” ඔහු  ඇසුවේය.


“ඒ මම අඳුනන ගමේ යාලු‍වෙක්” ඇය කීවාය. ඇයගේ මුහුණ රතුවී ඉදිමී තිබිණ. පසුව ඔහු ඖෂධ ශාලාවකට ගොස් අයිස් බෑගයක් ගෙනැවිත් මෝටර් රථය තුළදීම ප්‍රථමාධාර දුන්නේය. ඉන්පසු ඇය නිවසට යන බව පවසා මෝටර් රථයෙන් බැස ගියාය. එහෙත් ඇය ගියේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයටය.

 

උණවටුන – ඩී.ජී. සුගතපාල



අදහස් (0)

ලොක්කගෙ පුතාගේ ‘ලව් එක’ ගමේ කොල්ලට මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 23 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site