IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රෑ මුර සේවයේදී නයා පෙණය පුප්පයි

(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
දඹුල්ල ප්‍රදේශයේ ඵක්තරා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියකු රාත්‍රී කාලයේ නිදිමතේ ගොස් නයෙකුගේ ඇඟට මූත්‍රා කිරීමේ පුවතක් වාර්තාවේ.


කා සමගත් ඉතා සුහදශීලී මෙම ආරක්ෂක නිලධාරියා රාජකාරි කරන දිනවලට ඵහි සේවය කරන සේවකයෝ ඔහුත් සමග කාලය ගත කිරීමට ඇලුම් කරති.


උදේ රාජකාරියට පැමිණෙන සේවකයන්ට සුභ උදෑසනක් කියා සුහදශීලීව පිළිගන්නා මෙම නිලධාරියා අඩි හතර හමාරක් පමණ උස අයෙකු වීමත් ඔහුගේ අහිංසකකම නිසාත්  කවුරුත් ඔහුට ආදරය කරති.


දිනක් මෙම නිලධාරියා රාත්‍රී මුර සේවයේ යෙදී සිටි අවස්ථාවක ඔහුට මඳ වේලාවක් නින්ද ගොස් ඇත. පසුව ඇහැරුණු ඔහු කඩිනමින් තම ඉහළ නිලධාරියකු පැමිණෙතැයි බියෙන් ගසක් ළඟට ගොස් මූත්‍රා කර ඇත. ගස ළඟ සිටි නයෙක් මූත්‍රා ඇඟට වැටෙනවාත් සමග ඵක පාරටම අඩියක් පමණ ඉස්සී පෙනය පුප්පා ඇත.


ඵවිටයි ඔහු දැනගෙන තිබෙන්නේ නයකුගේ ඇඟට මූත්‍රා කළ බව. නිදිමතේ සිටි ඔහු ඉක්මනින් පොල්ලක් ගෙන නයා මරන්න සූදානම් වෙනවාත් සමග ඵම ස්ථානයට පැමිණි සේවකයෙකු නයාට පාඩුවේ යෑමට ඉඩ හැර ඇත. 


ඔහු රාත්‍රි කාලයේ දී නිදාගන්නා බව සියලු සේවකයන් දන්නා ප්‍රසිද්ධ  රහසකි. මේ පිළිබඳව එම ආයතනයේ ප්‍රධානියා පවසා ඇත්තේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා කතාවක් තිබෙන නිසා මින් ඉදිරියට රාජකාරි කරන වේලාවේ නිදා නොගන්නා ලෙසය.

 



අදහස් (0)

රෑ මුර සේවයේදී නයා පෙණය පුප්පයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 564 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 719 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site