IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


රා බොන්න ගිහින් අලි අමාරුවක වැටිලා


කඹුරුපිටිය විශේෂ – කේ. අජිත්


එක්තරා ආයතනයක ප්‍රධානියකු ගමකට ගොස් කිතුල් ගසකට නැග කිතුල් රා බී ගසෙන් බැසීමට යාමේ දී සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.

දකුණු පළාතේ පිහිටි කාර්යාලයකි. එහි කාර්ය සහායක ග්‍රාමීය පෙදෙසක සිට රැකියාවට පැමිණි හිත හොඳ තැනැත්තෙකි. ඔහු බොහෝ දිනවල කාර්යාලයේ හිතවතුන් සඳහා කිතුල් පැණි, කිතුල් හකුරු රැගෙන ආ අතර‍ එය ඔහුගේ ආර්ථිකයට ද මහඟු‍ පිටුවහලක් විය.

පසුගිය දිනෙක ස්ථාන මාරු ලැබ එහි පැමිණි ප්‍රධානියාට කිතුල් පැණි බෝතලයක් ලබා දුන් අවස්ථාවේ “පැණි විතරද, කිතුල් රා නැද්ද” යනුවෙන් මද සිනහවක් පාමින් ඔහුගෙන් විමසීය. ප්‍රධානියා සමග හිතවත්වීමට මෙය කදිම අවස්ථාවක් ලෙස සිතූ ඔහු “සර් අපේ ගෙදර එන්න. හොඳ කිතුල් රා බොන්න පුළුවන්. ගමේ දොළෙන් නාන්නත් පුළුවන්” යනුවෙන් ආඩම්බරයෙන් පැවැසීය.

කලකින් උදාවන අවස්ථාව ගැන ප්‍රධානියා ඉතා සතුටට පත් වූ අතර කිතුල් රා මතක් වී තලු‍ මරන ඔහු දුටු සේවකයාට සිනා පහළ විය. ආරාධනාව ඉතාම සතුටින් පිළිගත් ආයතන ප්‍රධානියා ප්‍රමාද නොකරම ඊළඟ සති අන්තයේ දිනෙක උදෑසනින් ගමනට පිටත් විය. නිවසට ළඟාවත්ම දුරතියා දුටුවේ සේවක මහතා කිතුල් මල මැදීමට සූදානම්ව සිටින බවයි. ආයතන ප්‍රධානියා සුහඳව පිළිගත් සහායක නිවස තුළට පැමිණෙන ලෙස පැවසීය. එහෙත් තමාට ද කිතුල් ගස අසලට යෑමට අවශ්‍ය බව පවසා දෙදෙනාම පිටත් වූහ. 

හැරපට ඔස්සේ ගසට නඟින ඔහු දෙස නොඉවසිල්ලෙන් බලා සිටී ප්‍රධානියා බාධා කිරීම් නොතකා ගසට ගොඩවූයේ එය උස අඩු කිතුල් ගසක් වීම හේතුවෙනි. “සර් බහින්න මම මුට්ටිය බිමට ගන්නම්. ගහේදි බොන්න හොඳ නැහැ. මුදුන් මලේ රා සැර වැඩියි”. යනුවෙන් පැවසුව ද ඔහු පොල් කටුව ගෙන රා බොන්නට විය. එහෙත් නොසිතූ ලෙස ඉතා ඉක්මනින් මත් වී කැරකෙන්නට වූයෙන් ඔහුට දෙවියන් සිහිවිය. බලාපොරොත්තු නොවූ මෙම සිද්ධියත් සමග සේවක මහතාද මහත් බියට පත් වී ප්‍රධානියාට වැටෙන්නට නොදී ගසට තබා අල්ලා ගෙන ඊට නුදුරින් පිහිටි නිවසට කතා කොට කඹයක් ගෙන්නා ප්‍රධානියා ගසට තබා බැඳ තැබිය. ඔහුගේ වෙරි හිදෙන තුරු පැය ගණනක් බලා සිටීමට සේවකයාට සිදු වූ අතර ගමේ කිහිප දෙනකු කැඳවා ඔවුන්ගේ ද උදව් ඇතිව ප්‍රධානියා බිමට බස්ස වනවිට ගස මුල බොහෝ දෙනෙක් රැස්ව සිටියහ. එය දුටු ප්‍රධානියාට හීන් දාඩිය දමන්නට වූ අතර ලැජ්ජාවෙන් මුහුණ රතු විය.

කඩිනමින් සේවකයාගේ නිවසට පැමිණි ඔහු දිවා ආහාරය ද නොගෙන තම නිවස කරා ගියේ තම ජීවිතයට අමතක නොවන පාඩමක් ද ඉගෙන ගනිමිනි.



අදහස් (0)

රා බොන්න ගිහින් අලි අමාරුවක වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site