IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


රිළා රංචුවක් ඇවිත් ගැබිනියගේ විටමින් බෝතලය බීලා

මහනුවර නගරයේ උඩවත්ත රක්‍ෂිතය ආසන්නයේ රජයේ ආයතනක කලකට පෙර සිදුවූ සිද්ධියකි. මෙම ආයතනයේ රාජකාරි කටයුතු සඳහා වෙනත් රජයේ කාර්යාලයකින් නිලධාරි පිරිසකට දින කීපයක් එන්නට සිදුවිය. ආගන්තුක නිලධාරි නිලධාරිනියන්ට රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් පිළියෙළ කෙරිණි. ඔවුන්ට රාජකාරිය ඉටුකිරීමට සුදුසු ස්ථානයක් සේම බඩුබාහිරාදිය තබා ගැනීම සඳහා වෙනත් කාමරයක් සූදානම් කෙරිණි.

පැමිණි නිලධාරි පිරිස සිය ආම්පන්න වෙන්කර, දී ඇති කාමරයේ තබා රාජකාරියේ නියැළුණහ. පෙරවරු කාලයේ රාජකාරි කළ පිරිස අනතුරුව තේ පානය කිරීම සඳහා කාමරයට ඇතුළුවූහ.  ගොඩනැගිල්ලට පිටුපසින් වූ උඩවත්ත කැලයෙන් ආ රිලා රංචුවක් කාමරයට රිංගා එහි තිබූ මෙවලම් සීසීකඩ ඇදදමා අලාභහානි කර තිබුණි. කාමරයේ ජනේලයක පියනක් අඟුලූ නොවැටී තිබීම නිසා රිළවුන් කාමරයට ඇතුළුවී තිබිණි. රිලවුන් රැගෙන ගිය භාණ්ඩ අතර ගර්භණී අවස්ථාවේ පසුවූ නිලධාරි මහත්මියක විසින් රැගෙන ආ  විටමින් බෝතලයක් ද විය. වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කිරීමට නියමිත විටමින් බෝතලයට සිදුවූ දෙය ගැන නිලධාරිණිය ළතැවිල්ලට පත්ව සිටියාය.

මෙදිනට නියමිත රාජකාරි කටයුතු අවසන් කළ නිලධාරි පිරිස සවස යළි කාමරයට ආවේ සිය බඩුබාහිරාදිය රැගෙන යාමටය.

ඔවුන් දුටුවේ අපූරු දසුනකි.

රිලා රංචුවේ පැටවු බිහිකිරීමට ආසන්න තත්ත්වයේ පසුවු රිලවියක තවත් පැටවුන් කීපදෙනකු සමග විටමින් බෝතල අතැතිව එය පානය කරමින් සිටි අයුරු දුටු පිරිසට සිනහව පාලනය කරගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවූහ.



අදහස් (0)

රිළා රංචුවක් ඇවිත් ගැබිනියගේ විටමින් බෝතලය බීලා

කසුන් Wednesday, 03 September 2014 11:22 AM

අනේ මන්දා මේ රිළවු? (නි)

:       0       0

සරත් Wednesday, 03 September 2014 11:54 AM

රිළා අම්මාගේ පින කියන්නේ ඕකටනේ. අපේ මාතාවට තව විටමින් එකක් ගන්න බැරි නැහැනේ. (නි)

:       0       0

චින්තක Thursday, 04 September 2014 04:10 AM

පහන්, නියම කතාව (අ)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 10:17 AM

මට තියෙන ප්‍රශ්නය තමයි,වසා තිබු විටමින් බෝතලය ගැබ්බර රිලවිය ඇරගත්තේ කොහොමද කියන එක? (නදී)

:       0       0

මංජුල Thursday, 04 September 2014 08:19 PM

නියම කතාවක් තමයි (නි)

:       0       0

විරාජ් Saturday, 06 September 2014 03:54 AM

සුගුනවති අක්කේ,මේ ගොල්ලෝ බොරු ලියනවා ඇත්ත වගේ. (නදී)

:       0       0

ධම්ම Wednesday, 03 September 2014 05:58 AM

මහනුවර අධ්‍යාපන කාර්යාලය තිබුනේ ඔය කියන හරියේ. බොහෝ විට රිලවුන් වහලයේ උළු කැට උස්සා එබී බලා නැවත උළු කැට වසා තබා යනවා. අප හරියට රාජකාරී කරනවාදැයි බලනවා වගේ. (නදී)

:       0       0

රන්ජිත් Saturday, 06 September 2014 05:23 AM

මේ අහිතකර රසායන වලින් එම අහිංසක සතුන්ට හානියක් නොවේවා. රිලවුන්ට අමුතුවෙන් විටමින් අවශ්ය නැහැ. උන්ගේ ආහාර රටාව සමබරයි (නදී)

:       0       0

නයන Wednesday, 03 September 2014 06:09 PM

ඇත්තටම හිනාගියා. (නි)

:       0       0

පහන් Wednesday, 03 September 2014 08:07 AM

වදුරු රැල කිව්වහම මට කතාවක් මතක් උනා මුනුබුරෙක් දවසක් සීයට කිව්වලු ෆිල්ම් එකක් ඇවිල්ල තියනවා බලන්න යමුද කියලා. සීය කිව්වලු මට මොන බයිස්කෝප් ද බන් උබට ඕනේ නම් බලා ගනින් කියලා. ඒ පාර මුණුබුරා කිව්වලු සීයේ ඒ චිත්‍රපටියේ කතාව තියෙන්නේ වදුරු රැලක් එක්ක ජීවත් වෙන ලස්සන ගෑනු ළමයෙක් ගැන. චිත්‍රපටිය අවසාන වෙනකල්ම ඒ ළමය ඇදන් ඉන්නේ පුංචි කොළ අතු කෑල්ලක් විතරයි කියලා. මෙන්න සීය කියනවලු ''හා හා යමන් එහෙනම් කාලෙකින් වදුරු රැලක් දැක්කෙත් නැහැ " (නදී)

:       0       0

ලක්ශේ Thursday, 04 September 2014 01:00 PM

නිරෝගී රිලා පැටවූ ලැබේවි නේද? (නි)

:       0       0

අන්තෝනි සුනිල් Wednesday, 03 September 2014 08:15 AM

ගිය ආත්මයේ දොස්තර කෙනෙක්වද්ද? (නි)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 01:33 PM

ලියන්නා කෙසේ ලිව්වත්, කියවන්නා සිහිබුද්ධිය ඇතුව කියවා, තාර බර ඇර, තේරුම් ගත යුතුයි. (නදී)

:       0       0

සුගුනවති Friday, 05 September 2014 05:28 PM

අනේ අම්මප මේ අයට වෙන ලියන්න දෙයක් එත්තේම නැද්ද (අ)

:       0       0

දිල් Tuesday, 09 September 2014 08:48 AM

චමින්ද, වතුර කරාම ඇරලා, වතුර බීලා යන රිළවු මම දැකලා තියනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site