IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රිළවාට කොකා පෙන්නුවාම රිළවාත් නියම ගේමක් දීලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
පොල් වත්තක සිටින රිළා රංචුවක් වායු රයිෆලයක් පෙන්වා එළවමින් සිටිය දී එක් රිළවෙක් කුරුම්බා කෝම්බයක් වයෝවෘද්ධ පුද්ගලයකුගේ හිසට දමා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල නගරයට තරමක් දුරින් පිහිටි කඳුකර ප්‍රදේශයට අයත් ගමකි. මෙම ගම්මානයේ 78 හැවිරිදි සිව් දරු පියෙක් වයෝවෘද්ධ බිරිඳ සමග ජීවත් වෙමින් සිටියි.


මෙම සිව් දරු පියාගේ දරුවෝ තිදෙනෙක් විවාහ වී පිට පළාත්වල ජීවත් වෙති. බාල පුතා මහ ගෙදරට ආසන්න නව නිවසක් තනාගෙන බිරිඳ දරුවන් සමග ජීවත් වන අතර. මහ ගෙදර නිවසේ පදිංචිව සිටින්නේ වයෝවෘද්ධ යුවළ පමණි. මෙම යුවළ පදිංචිව සිටින ඉඩම අක්කර 4 ක පමණ පොල් ඉඩමකි. ඉඩමේ සාමාන්‍යයෙන් පොල් ගස් 160 ක් පමණ මෙම වයෝවෘද්ධ පුද්ගලයා තරුණ අවධියේ දී සිටුවා තිබුණි.


මෙම පොල් ඉඩමේ ගස්වල කුරුම්බා ගෙඩි කෑමට දිනපතා 40ක් පමණ සමන්විත රිළා රංචුවක් පැමිණෙති. මෙම රිළා රංචුව එළවා දැමීමට දින පතා වයෝවෘද්ධ පුද්ගලයා විශාල මුදලක් වැය කර අහස් කූරු, රතිඤ්ඤා, දල්වා පත්තු කර විසි කර දමා තරමක් දුරට අසල්වැසි වතුවලට රිළා රංචුව එළවා දමයි. 


මීට දින කිහිපයකට පමණ ඉහතදී උදේ පාන්දර ආ රිළා රංචුව එළවා දැමීමට වයෝවෘද්ධ පුද්ගලයාට අහස් කූරු හෝ රතිඤ්ඤා නොතිබුණි. කීප වරක් කෑ ගසා රිළවු රංචුව එළවා දැමීමට උත්සාහ කළ ද කිසිම පලක් නොවීය. අල්ලපු නිවසේ තිබුණු වායු රයිෆලයක් ඉල්ලා ගත් වයෝවෘද්ධ පුද්ගලයා වායු රයිෆලය කර තියාගෙන යළි පොල් වත්තට පැමිණියේය. වායු රයිෆලය රිළවකු දෙසට එල්ල කරන අවස්ථාවේ දී එක් රිළවෙක් කා අතේ තිබුණු කුරුම්බා කෝම්බයක් බිමට විසි කර දැමීය.  කෝම්බය වයෝවෘද්ධ පුද්ගලයාගේ හිසේහි වැදුණි. ඔළුව අත ගගා ළඟ තිබුණු පොල් ගස දෙස බලන විට එක් රිළවකු වයෝවෘද්ධ පුද්ගලයා දෙස ඇස් දෙක ලොකු කරගෙන බලා සිටින අයුරු දුටුවේය. 


 වයෝවෘද්ධ පුද්ගලයා ඔළුව අත ගාමින් යළි වායු රයිෆලය ද කරේ තියාගෙන නිවෙසට ගොස් සිදු වුණු ඇබැද්දිය පිළිබඳ වයෝවෘද්ධ බිරිඳට පැවැසුවේ දැඩි වේදනාවෙනි. 


බිරිඳ කහට කෝප්පයක් පානය කිරීමට සලස්වා දී වයෝවෘද්ධ සැමියාගේ හිසේ වේදනා ආලේපයක් ගා පිරි මදිද්දී යළි රිළවුන්  එළවීමට නොයන ලෙසත් තිබෙන පොල් ගෙඩියක් කා ජීවත් වෙමු යැයි වයෝවෘද්ධ බිරිඳ තිදරු පියාට යෝජනා කර ඇතැයි ද වාර්තා වෙයි.



අදහස් (0)

රිළවාට කොකා පෙන්නුවාම රිළවාත් නියම ගේමක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site