(නිකවැරටිය ශ්‍රියාණි මංගලිකා)
ගමේදී දොස්තර මහතෙකු වීමට ගිය රෝහල් සුළු සේවකයකු හෙවත් කංකානම් කෙනෙකු මුහුණ දුන් සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා ප්‍රදේශයකින් වාර්තා වේ.
ඒ මෙසේය.
රෝහල් වැඩ ඇරී ගෙදර පැමිණෙන කංකානම පදමට බීගත් පසුව දොස්තර මහතෙකු ලෙස රඟපාමින් නන්දොඩවන්නේය. එම හේතුවෙන්ම ගමේ තරුණයන් ඔහුට ‘‘දොස්තර අයියා’’ ලෙස නමක් පටබැඳ තිබුණි.
මෙදිනද ඔහු හොඳහැටි බීමත්ව නිවසට පැමිණි පසුව සුපුරුදු ලෙස ඔහුගේ බිරිඳ බැන වදින්නට වූවාය. ‘‘නෑ...නැ.. මැණිකේ... හැම ලෙඩෙක්ම බේත් ගන්න එන්නේ මං ළඟටමයි. ඒකයි මේ රෑ වුණේ මහන්සි නිසා ටිකක් බීවා’’යැයි කියමින් බිරිඳද මග හැරියේය.
ඔහු නිවසට පැමිණි විට දොස්තර කෙනකු වීමට දොස්තර නළාව ලෙස වතුර උණු කිරීමට ගන්නා හීටරය බෙල්ලේ දමාගෙන ඔබ මොබ ඇවිදීම සිරිතය.
මෙදිනද පදම වැරදී සිටි මොහු හීටරය ද බෙල්ලේ දමාගෙන ගෙමිදුලේ ඇවිදිමින් සිටියේය. පාරේ ගිය තරුණයකු ‘‘හා... දොස්තර අයියා’’ යැයි කියාගෙන යනවිට එයින් උද්දාම වූ මොහු පිළිතුරු දෙමින් කියා ඇත්තේ ‘‘ඔව් මල්ලී මං මේ වාට්ටු රවුමේ යන ගමන්’’ යැයි කියා ඇත.
හීටරයද බෙල්ලේ දමාගෙන එදින නින්දට වැටුණ රෝහල් කාංකානම පසුදින අවදි වූයේ රැකියාවට යන වේලාව ද පසුව තිබියදීය. කඩිමුඩියේ අවදි වූ මොහු දඩි බිඩි ගා සූදානම් වී රෝහලට ගියේද හීටරය බෙල්ලේ දමාගෙන බව ඔහු දැන ගත්තේ වාට්ටුවට ද ගිය පසුවය.
‘‘මේ මොකද මේ හීටරයක් බෙල්ලේ දාගෙන’’යි කියමින් වාට්ටුවේ සිටි හෙද හෙදියෝ සිනාසෙන්නට වූහ. කාරණය වටහා ගත් කංකානම වහා හීටරය ගලවා අතට ගත්තේලු.
‘‘ මේ දවස්වල රටේ ලෙඩ රෝග වැඩි නිසා මම වතුර උණු කරලයි බොන්නේ. මාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මම හීටරයක් අරගෙන ආවා. යැයි රෝහල් කංකානම පිළිතුර දී ඇත්තේ තමාගේ ජාම බේරා ගැනීමට වුවද වාට්ටුවේ සිටි කාර්ය මණ්ඩලය හඬ නගමින් සිනා සී ඇත්තේ මොහුගේ ප්‍රකාශය සැබෑ මුසාවක් බව දැනගෙනය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රෝහල් කංකානමට ගෙදරදී ‘දොස්තර පදවියක්’