IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රෝහලේදී වෑන්රියකට බ්යවී කතුන් පිරිසක් හතරඅත දුවලා

(වලපනේ අරුණ ඩයස්) 
වලපනේ රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් සිය රාජකාරි කටයුතු සඳහා වෑන් රථයකින් රෝහලට පැමිණෙද්දි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණ සිටි කාන්තාවන් පිරිසක් කොරෝනා වයිරසය ආසාදිත වූ පිරිසක් නිරෝධායන ප්‍රතිකාර සඳහා වෑන් රථයකින් රෝහලට රැගෙන එනවා යැයි සිතා හිස් ලූ ලූ අත දිවයාමේ පුවතක් පසුගිය දිනක වලපනේ රෝහලින් අසන්නට ලැබුණි. 


ලොව පුරා පැතිර ගිය කොරෝනා වයිරසය අප රට තුළ සෑම ගම් ප්‍රදේශයකම පැතිර යාමත් සමග ජනතාව තුළ තමන්ටද ආසාදනය වේ යැයි මහත් බියක් ඇති අතර මේ නිසාම කොරෝනා වයිරසයෙන් බේරීම සඳහා විවිධ සෞඛ්‍ය ක්‍රම භාවිත කරමින් සිටින අතරතුර වලපනේ රෝහලද ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බවට ප්‍රදේශය පුරා ආරංචි පැතිර ගියේය. 


දිසා රෝහලව පැවැති වලපනේ රෝහල ප්‍රාදේශීය රෝහලක් බවට පත්වීමත් සමග නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල් වාට්ටුවල නතර වන නේවාසික රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කර යෑවීමක් නිසා හිස්ව පවතින රෝහල් වාට්ටු කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ මගින් පියවර ගෙන ඇත. 


කොරෝනා  ආසාදිතයන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට වලපනේ රෝහල පත් කරන බව දැනගත් ප්‍රදේශවාසී ජනතාව තමනටද ආසාදනය වේ යැයි සිතා රෝහලටයාමට මේ නිසා මහත් බියක් දැක්වූ අතර පසු ගිය දිනක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා උදෑසන රෝහලට ගොස් සිටි වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනතුරු රෝහල ඉදිරිපිට රැඳී සිටි කාන්තාවන් පිරිසක් රෝහලට වෑන් රථයක් පැමිණෙනවාත් සමගම හිස් ලූ ලූ අත දිවගොස් ඇත. 


මෙම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි කාන්තාවන් වෑන් රථය පැමිණෙනවාත් සමග හිස් ලූ ලූ අත දිව යන අයුරු දුටු හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ ගැන විපරම් කර බලද්දී මෙම වෑන් රථයෙන් ආසාදිතයන් නිරෝධායනය සඳහා රෝහලට රැගෙන එනවා යයි සිතා මෙම කාන්තාවන් දිව ගොස් ඇති බවට අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. 


පසුව මෙම වෑන් රථයෙන් රෝහලට පැමිණ ඇත්තේ රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලයේ පිරිසක් සිය රාජකාරි කටයුතු සඳහා රෝහලට පැමිණි බවට මෙම කාන්තාවන් පිරිසට අවබෝධ කර දීමෙන් පසු මෙම කාන්තාවන් පිරිස රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ගොස් ඇත. 

 



අදහස් (0)

රෝහලේදී වෑන්රියකට බ්යවී කතුන් පිරිසක් හතරඅත දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site