IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රස්සාවෙන් පැන්ෂන් යද්දී අයිස්ක්‍රීම් හොද්දකින් නාගෙන

(උණවටුන - ඩී.ජී. සුගතපාල)


මැදිවියේ කතක් වූ ඇය මසුරුය. දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක රජයේ කාර්යාලයක රැකියාව කළ ඇය කාර්යාලයට පැමිණියේ ඒ අසලම කුලියට ගත් කාමරයක සිටය. ඇගේ ගමට කාර්යාලයේ සිට කිලෝමීටර හැට හැත්තෑවකි. ඇයගේ තනතුර ගම් පළාතේ කාර්යාලවල නොතිබූ හෙයින් එම දුෂ්කරක්‍රියාව කිරීමට ඇයට සිදුවිය.
මසුරුකම නිසාම ඇය පුළුවන් තරම් සෙස්සන්ගෙන් වෙන්ව ජීවත් වූවාය. එම කාර්යාලයේ වැඩි පිරිසක් නොවූහ. තනිවම ජීවත්වීමට ඇය සිතුවේ සෙස්සන් සමග කුළුපඟ වුවහොත් කෑමට බීමට වියදම් කිරීමට සිදුවේයැයි සිතූ හෙයිනි. ඇය තේ බීවේ තනිවමය. කුඩා බිස්කට් පැකට්ටුවක් ගෙන ලාච්චුවට දමා දිනකට එකක් බැගින් ගෙන කෑවා මිස ඇය සෙස්සන් සමග එය බෙදා හදා නොගත්තාය. ඇයගේ මසුරුකම තදින්ම දන්නා හෙයින් සෙස්සන්ට ද එය අරුමයක් නොවීය.
නියමිත කාලයට පෙර විශ්‍රාම යෑමට ඇය සිතුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කළ යුතුව තිබූ හෙයිනි. විශ්‍රාම යාමට ඇය ඉල්ලීමක් කළාය. වසරක් එක හමාරක් ඇතුළතදී ඇයට විශ්‍රාම ලිපිය ලැබිණි.
“ඔයා අවුරුදු විසිහතක් තිස්සේ හිටපු රජයේ සේවයෙන් අද විශ්‍රාම යනවා. ආයේ එන්නේ නෑනේ. අඩුගානේ අයිස් ක්‍රීම් එකක්වත් ගේන්නකෝ...” සෙස්සෝ යෝජනා කළහ. ඒ එය ලැබේ යැයි අපේක්ෂාවෙන් නොවේ. එකතකින් ඇයට සරදම් කිරීමටය.
ලජ්ජාවෙන් ගැලවෙනු වස් ඇය අසල වෙළෙඳසැලකට ගොස් අයිස්ක්‍රීම් ලීටරයක් ගෙනාවාය. එදින හිටියේ තුන් හතර දෙනකු පමණි. එහෙයින් අයිස්ක්‍රීම් ලීටරයෙන් කාලක්වත් අඩු වූයේ නැත.
සවස 4.30 ට විතර සියලු ලියකියවිලි බාරදී ඇය තම බෑගය අතට ගත්තාය. විශ්‍රාම ලිපිය ලැබී දෙතුන් දිනක් ගතවී තිබූ බැවින් ඇය කාමරයද බාර දී තිබිණි. එහෙයින් එදිනම ඇයට ගමට යාමට සිදුවිය.
කාර්යාලයෙන් එළියට බැසීමට පෙර ඇය අයිස්ක්‍රීම් පෙට්ටිය ඔසොවා බැලුවාය. එහි කාලක්වත් අඩු වී නැති බව ඇයට දැණුනි. ෂොපින් මල්ලකට අයිස්ක්‍රීම් පෙට්ටිය දමාගත් ඇය බසයකට ගොඩ විය.
ගමනට දෙතුන් පැයකි. ඇය නින්දකට වැටිණි. එක්වරම ඇය අවදි වුණේ සීතල යමක් තම දෙකකුල් ඔස්සේ ගලා යනු දැනීමෙනි.
ඇය කලබල වී විපරම් කළාය.
“දෙයියෝ සාක්කි!” ඇයටම කියවිණි. ෂොපින් බෑගයේ අයිස්ක්‍රීම් හොද්දකි. පෙට්ටියේ මූඩිය ගැලවී ගොසිනි. දෙකකුල් ඔස්සේ ගලා ගොස් තිබුණේ දිය වූ අයිස්ක්‍රීම් ය.
වෙන කරන්නට දෙයක් නැත. බසයෙන් තවදුරටත් ගමන් කළ නොහැකිය. බසයෙන් බැස ඇය ඉතිරිය ත්‍රිරෝද රථයෙන් ගියේ තමන්ගේ මසුරුකම නිසා වෙච්ච අලාභය සම්බන්ධයෙන් තමන්ටම සාප කරමිනි.

 



අදහස් (2)

රස්සාවෙන් පැන්ෂන් යද්දී අයිස්ක්‍රීම් හොද්දකින් නාගෙන

sampath Saturday, 11 December 2021 12:00 AM

රජයේ කන්තෝරුවල ඉන්න අයට ලොකු වැටුපක් නෑ ,මේකෙන් පෙන්නුම් කරන්නේ ඒ අයගේ සැබෑ තත්වයයි.කාර්යාල වලට හොඳට අඳින්න පළඳින්න ඕන.ඒ වගේම මගුල් ගෙවල් වල මල ගෙවල් ,උත්සව කෙලවරක් නෑ .ඒ මදිවට උපන්දින සාදා , ණය. මීවා එක්ක මේ මිනිස්සු මහා පීඩනයකින් ඉන්නේ .නම්බුව බේරගන්නත් ඕනේ, සොච්චමෙන් ජීවත් වෙන්නත් ඕන. මේවාට සරදම් කරන්න එපා .

:       0       2

වීරවිජේMonday, 13 December 2021 05:10 PM

වැටුපක් දෙන්න වැඩ කරන අයට විතරක්.. පුටු රත්කරන අයව ගෙදර යවලා.. කෝවිඩ් නිසා අවුරුදු 2ක් රාජ්‍ය සේවකයින් ගෙදර... තමන්ගේ රාජකාරිය ආයතනයට මේ අවුරුදු 2 ඇතුලේ මෙයාලා මොන වගේ සේවයක්ද කළේ..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site