(හසලක සුනිල් ඒකනායක)
රැකියාවට යන්න චරිත සහතිකය දුන් දා සුදුසු රැකියාවක් ලැබී රටට දැයට යහපත් පුරවැසියෙකු වේවා! යැයි තමන්ගේ දෙපා නැමදි තරුණයාට පැවසූ අයෙකුට ඔහුට රාජ්‍ය අංශයක රැකියාව ලැබී වසර 12කින් පසු තමන්ට ආශිර්වාද කළ අය තමන් කවුදැයි කියා විමසා සිටි පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
මෙයට වසර 12කට පමණ පෙර ඔහු රාජකාරි කරනු ලැබුවේ හසලක ප්‍රදේශයේ දුෂ්කර කොට්ඨාසයකය. ඔහු සිය කාර්යාලයේ රැඳී සිටින විට එම කොට්ඨාසයේ අවුරුදු 20ක් පමණ වයසැති තරුණයකු පැමිණ පැවසුවේ තමන්ට රාජ්‍ය අංශයේ රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂණයකට කැදවා ඇති බවත් එයට සහතිකයක් අවශ්‍යවී ඇති බවත්ය.
දෙවරක් නොසිතු ඔහු සහතිකය ඉතා හොඳින් සකස් කොට තරුණයා අතට දුන්විට තරුණයාද සහතිකය රැගෙන නිලධාරියාගේ දෙපා නැමද පිටත්වීමට සූදානම් විය.
එහිදී නිලධාරියා තරුණයාට ආශිර්වාද කරමින් පැවසුවේ “ඔබ හොඳ හැදියාවක් ඇති තරුණයෙක්. ඔබ අදහන ආගම අනුව ඔබට දෙවියන්ගේ ආශිර්වාදය තිබෙනවා. මේ රැකියාව ඔබට නිතැතින්ම ලැබීමට මමත් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. “මොන රැකියාව ලැබුණත් තම මවුපියන්, ඥාතින් සහ ගම අමතක කරන්න එපා.” යනුවෙන්ද පවසා තිබේ.
ගෙවී ගියේ වසර 12ක පමණ කාලයකි. ඔහු මෙදින කිසියම් කටයුත්තකට මහනුවර නගරයට පැමිණ නගරයේ ආපන ශාලාවකට ගොඩවූයේ දිවා ආහාරය ගැනීම සඳහාය.
ඉහත කී තරුණයා එනු දුටු මිතුරන් දෙදෙනා ඔහු වෙත ගොස් “ආ කොල්ලා දැන් හැඩ වෙලානේ. ඉතිං කොහොමද මචං තොරතුරු.” කියා විමසා ඔවුන් සමඟ සිටි නිලධාරියා පෙන්වා “ආ මචං මේ සර් උඹ අඳුනනවද බලපන්.” කියා විමසා තිබේ. එහිදී එම තරුණයා නිලධාරියා දෙස බලා “ම්හ් මට මතක නෑ. පොර කවුද කියලා.” කියා ඇත.
එම වදනින් තිදෙනාම අන්දමන්ද විය. කරකියා ගත හැකි කිසිවක් නැත. එක් අයෙක් එවිට පැවසුවේ “මචං මේ අර සර්නේ. මතකද උඹ රස්සාවට යන්න සහතිකය ගත්තේ යැයි පවසා තිබේ. “ආ මේ එයාද? හා හොඳයි. මචං මට වැඩ වාගයක් තියෙනවා. මට පරක්කු වුණා. මම යනවා” යැයි කියමින් ආ කටයුත්තද පසෙක දමා ආවටත් වඩා වේගයෙන් ඔහු පිටත්ව ගියේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
රස්සාවට යන්න චරිත සහතිකය දුන් සර් ගෙන්ම ‘තමා කවුදැයි’ අහලා