එක්තරා රූපවාහිනි රූපලාවන්‍ය වැඩසටහනකට සවන් දුන් මෙම ප‍්‍රදේශයේ සිවුදරු මවකට දින ගණනක් වෛද්‍ය ප‍්‍රතිකාර ලබන්නට සිදුවී යැයි අසන්නට ලැබුණි. එම කතා පුවත මෙසේය. මෙම ප‍්‍රදේශයේ සිවුදරු මවක් එක්තරා රූපවාහිනියක රූපලාවණ්‍ය වැඩසටහනක් නරඹමින් සිටියාය.
එහිදී කියැවුණේ මුහුණේ පිරිසුදු බව රැකගැනීම ගැනය.
මෙය අසා සිටි කාන්තාව නිවෙසට ගෙනවුත් තිබූ රූපවාහිනි වැඩසටහනේ කියැවූ ද්‍රව්‍ය රාත‍්‍රී කාලයේ හොඳින් මුහුණේ උලා නින්දට ගියාය. පසුදින අලූයම ඇය අවදිවන විට මුහුණ ඉදිමිලාය. ඇයට ඇයව හඳුනාගත නොහැකි තරමටම මුහුණ ඉදිමිලාය. කළ හැකි කිසිවක් නොවූ ඇය මුහුණ රෙද්දකින් වසාගෙන වෛද්‍යවරයකු වෙත ගියාය.
වෛද්‍යවරයා ඇගේ මුහුණ දැක කීවේ විෂබීජයක් හේතුවෙන් මුහුණ ඉදිමී ඇති බවකි. ඇයට වෛද්‍යවරයාගේ ගාස්තුවත් ඔසුසලේ බෙහෙත්වලටත් රුපියල් දහසකට වැඩි මුදලක් වැය කෙරුණි. ඇගේ මුහුණේ ඉදිමුම බැස ගියේ දින හතරකට පසුවය.
2025 ඔක්තෝබර් මස 08
1322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1242
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රූපලාවණ්‍ය වැඩසටහනේ විදියට ක‍්‍රීම් ගාන්න ගිහින් මුහුණ නාලූ කරගෙන
දුමින්ද Wednesday, 09 September 2015 05:07 AM
සමහර රූපවාහිනී වෛද්‍ය- රූපලාවන්‍ය වැඩමුළු වෙළඳ වැඩමුළු පමණි.(ම)
පිටබැද්දර ජයා Wednesday, 09 September 2015 01:19 PM
සත් කෝරළෙත් ඉන්නේ හඳට ගල්ගහපු අයද මන්දා? රූපවතී කියන්නේ ළමයිනේ, එයාගේ යාලුවෙක් ඉංග්‍රීසි කියවන්න බැරි නිසා වැරදි ක්‍රීම් එකක් මුහුණේ ගාලා වෙච්ච ඇබැද්දියක් ගැන. (නි)
ගාමිණී රණවක Wednesday, 09 September 2015 05:24 AM
ස්වභාවික දේවල් තමයි හොඳ.(ම)
රුවනි Wednesday, 09 September 2015 01:28 PM
ඇයි ශ්‍රියා දන්නෙ නැද්ද රූපවතී අක්කා ශඩ්භාෂා පරමේශ්චර කියලා? (නි)
නලීන් Wednesday, 09 September 2015 01:31 PM
මොකද මන්දා, මට හිතෙන්නෙම මේ අලකලංචිය රූපවති ලංකාවේ හිටපු කාලයේ වෙච්ච එකක් කියලාමයි (නි)
රෙජි-සිඩ්නි Wednesday, 09 September 2015 05:41 AM
ස්වභාවයෙන් ලැබී තියෙන ලස්සන වැඩියෙන් ලස්සන කරගන්න ගියාම ඔය වාගේ දේවල් වලට තමා මුහුණ දෙන්න වෙන්නේ.(ම)
රූපවති Wednesday, 09 September 2015 06:03 AM
එතකොට මොනවද වුණේ උලාගෙන තියෙන්නේ කියල නැද්ද..?පිටරටකදී මම දන්නා කෙනෙක්...ශ්‍රී ලාංකික කාන්තාවක් කියවීමේ නොහැකියාවට (අ)
ශ්‍රියා Wednesday, 09 September 2015 08:42 AM
මොනවාද මේ රුපවතීගේ අපබ්‍රංස .(අ)
චින්තක Wednesday, 09 September 2015 08:42 AM
දවල් වරුවට චැනල් වල උපදෙස් දෙනවා බෙහෙත් ගැන කරල් ගැන . මේ අය කිසිම දැනුමක් නියමිත ලෙස ලබා ගත අය නෙවි . නිලියෝ නිවේදිකාවෝ. මිනිස්සු රැවටෙනවා දොස්තර කියල. (අ)
බමුණු ආරච්චි Friday, 11 September 2015 10:07 PM
මොනවාද මේ රූපවතීගේ අපබ්‍රංශ? ඕවා ගණන් ගන්න එපා (නි)
සංජීව - හොරණ Wednesday, 09 September 2015 08:44 AM
කාන්තාවොනෙ දෙයියනේ! හදන්න බැහැ. (නි)
තමර Friday, 11 September 2015 10:11 PM
හොඳ වැඩේ! (නි)
සුජීව ප්‍රංශය Thursday, 10 September 2015 04:57 PM
මුහුණේ ලස්සන හදවතේ තිබෙනවා නම්... (නි)
ශ්‍රියා Wednesday, 09 September 2015 09:25 AM
රුපවතී, කියන දෙයක් අන්ඩර දෙමලෙන් කියන්නේ නැතුව තේරෙන බාශාවකින් කිව්වානම් ..(අ)
රුවනි Wednesday, 09 September 2015 09:40 AM
අප්පේ සිව්දරු වෙලා ඔහොම රූපවාහිනිය බල බලා මූණ අල්ලගෙන දඟලන්න වෙලාවක් තියෙනවාද? අපිට මේ එක් දරු වෙලා ගෙදර වැඩ ටික කරලා රැකියාවටත් ගිහින් හවස ගෙදර එනකොට මූණක් කියලා දෙයක් තියෙනවාද කියලා දැනෙන්නේ නැති තරමට මහන්සියි (බ)
හේමන්ත Wednesday, 09 September 2015 06:57 PM
රූපවතීට බෙහෙත් ගන්නම වෙනවා. දිගටම ඔහොම හිටියොත් ලෙඩේ තවත් බරපතල වෙනවා.. (නි)
අප්පුහාමි Wednesday, 09 September 2015 07:28 PM
මෙච්චර කියනවා, ඒත් කවදාවත් හැදෙන්නෙ නම් නැහැ මෙයාලා (නි)
මොහොට්ටාල Wednesday, 09 September 2015 07:32 PM
අපේ කාන්තාවන් කවදා හැදෙයිද මන්දා? (නි)
ලක්ෂිත පැරිසිය Thursday, 10 September 2015 06:39 PM
රූපවතී ඔක්කොම දන්නවනේ බලනකොට (නි)
ප්‍රියා Thursday, 10 September 2015 03:41 AM
රූපවතී නම් ඕවා කරන්න එපා. (නි)
ධම්ම Thursday, 10 September 2015 11:16 AM
ඒ කාලේ සුර්යග්‍රහණ දිනයක අර යම්කිසි පානයක් බිව්වෙත් මේ වාගේම බවලත්තු තමයි. (නි)