IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රෑට රෑට දොරට දාන තට්ටු හඬින් කසාදෙත් කැඩෙන්න ගිහින්

සුනඛයකු නිසා කසාදයක් බිඳ වැටීමට ගිය පුවතක් පසුගියදා නාඋලින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.
නාඋලට නුදුරු ගම්මානයක ඉතා සන්තෝසෙන් ජීවත් වූ කුඩා පවුලකි.


ස්වාමියා දිනපතා නිවසින් පිටව ගොස් විවිධ රැකියා කරමින් වසර ගණනාවක් තිස්සේ සිය පවුල පෝෂණය කිරීම සිරිතක් කරගෙන සිටියේය.


ඉඳ හිට හෝ ඇඟේ පතේ අමාරුවට හීනියට සප්පායම් වන හේ නිවසේ කිසිවකුටත් එය බාධාවක් වන සේ හැසුරුණේ නැත.
කලක් ගත වෙද්දි සිය බිරිඳට අනියම් සම්බන්ධයක් ඇති බව හිතවත් පිරිස් කීවත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් නොඇසුණු ගානට හිටියේ බිරිඳ පිළිබඳව පවත්නා දැඩි විශ්වාසය නිසාය.


දින කිහිපයක් තිස්සේ රාත්‍රියේ ඉදිරිපස දොරට යමෙකු තට්ටු දමන බව පසක් වූයේ සැමියා ද යම් කුකුසකින් පසුවන අතරතුරය.
බිරිඳට කිසිත් නොඅඟවා සිටි සැමියා ද පාරම්බා සිටියේ ගෙදරට එන එකා මොකාද යන්න අතටම අල්ලා ගැනීමටය. කෙසේ හෝ වෙනදා සුපුරුදු ලීලාවෙන් නිවසට පැමිණි සැමියා යම් යම් නෝක්කාඩු වචන කියමින් යම් යම් ඉගි පල කළේ රෑට රෑට නිවසේ ඇසෙන දොරට ගහන ශබ්දය පිළිබඳව බිරිඳට යම් ඇඟවීමක් කිරීමේ අරමුණිනි.


‘‘අනේ අල්ලගන්නවකෝ, මොකෙක්වත් මාව හොයාගෙන එන්නේ නෑ, තමුසෙගේ සැකේ දුරුවෙන්නත් එක්ක.’’
වෙනදා සුපුරුදු ලෙස මැදියම් රැය වෙද්දි නිවසට තට්ටු දමන හඬ ඇසුණු හෙයින්  දෙන්නා දෙමහල්ලෝ දරුවන්ට නොඇසෙන අයුරින් ආඩපාලි කියා ගත්තේ තරමක් කේන්තියෙනි.


කෙසේ නමුත් වරින් වර ඇසෙන තට්ටු දමන හඬ බොහෝ වේලාවක් පවතිද්දී සැමියා  හොඳ කළුවර පොල්ලක් අතැතිව පිටිපස්සා දොරොන් හිමිහිට එළියට ගියේ ගෙදර ඇවිත් තට්ටු දාන එකා මොකා ද යැයි සක් සුදක් සේ දැන ගැනීමටය.


පිළිකන්නේ සිට ඉදිරි පස දොර ආසන්නයට කළුවරේම පැමිණි ඔහුට කිසිවෙකුත් දක්නට නොලැබුණි. බොහෝ වෙලාවක් ඉදිරිපස දොරටුව දෙස පොල්ල ද අමෝරාගෙන හේ බලා සිටියේය.


දොර ආසන්නයේ වෙනදා මෙන් වැතිර සිටි බලු‍ තඩියා මේ බැව් දැක වෙනදා ලෙන්ගතු කම පාමින් නගුට වැණුවේය. ‘ටක් ටක්  හඬ නන්වමින් දොරෙන් ශබ්දයක් පිටවිය.


සිදුව ඇති කාරණාව හොඳින් අවබෝධ කරගත් සැමියා බිරිඳ නිදි අතරේ හොරෙන්ම ගෙට පැමිණ හීන් සිරුවේ ඇය ආසන්නයෙන්ම නිදා ගත්තේ හිත තුළ උපන් ලැජ්ජාවත් සමගය.

නාඋල - ඉන්දික අරුණ කුමාර

 



අදහස් (0)

රෑට රෑට දොරට දාන තට්ටු හඬින් කසාදෙත් කැඩෙන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site