හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
රාජකාරි කටයුත්තකට යැයි සේවා ස්ථානයෙන් බැහැරව අනියම් බිරිය බැලීමට ගොස් ඇයගේ නිවෙසේ සිටි සුනඛයා සපාකෑමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ගන්නට සිදුවූ නිලධාරියකු පිළිබඳව අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
ඔහු බිරිය සිය කාර්යාලය අසලින් බස්සවා දිනපතා රාජකාරියට යන යුවලක සැමියාය. දෙදෙනා සරසවි ප්‍රේමයකට අනුව විවාහ වූ යුවළකි. දෙදෙනාගේ සේවා ස්ථාන දෙක අතර කිලෝමීටර් පහළොවක් පමණ දුරක් තිබෙන අතර ඉන් සැමියා සේවය කරන්නේ ග්‍රාමීය ප්‍රදේශයකය.
සුපුරුදු පරිදි එදිනද බිරිය කාර්යාලය අසලින් බස්සවා සැමියා සේවයට ගොස් ක්ෂේත්‍ර රාජකාරියක් යැයි පවසා කාර්යාලයෙන් බැහැරට පැමිණ යතුරු පැදියේ නැගී අනියම් බිරිය වාසය කරන නිවෙසට ගියේය. නිවෙසේ කිසිවකුත් නොමැති වීමෙන් ඇයට දුරකතන ඇමතුමක් ගෙන සිටිනා තැන විමසා නිවෙසට නුදුරින් පිහිටි ඇය වැඩකරමින් සිටි වගාබිමට ගොස් ඇතැයි පැවසේ.
වගා බිමෙහි ඇති සෙවණ ඇති ගසක් යට දෙදෙනා පෙම්බස් දොඩමින් සිටිද්දී අසල්වැසි කාන්තාවක කොරටුව දෙසට පැමිණෙන ආකාරය දැක දෙදෙනාම කලබලයට පත්වූහ. පෙම්වතා කඩිනමින් නිවෙස දෙසට දිව ගිය අතර නිවෙසේ සිටි සුනඛයා එක්වරම ඔහුගේ ඇඟට පැන සපා කෑවේය. බිම ඇදවැටුණු ඔහු කරකියාගත දෙයක් නොමැතිව කෑගසද්දී කොරටුවේ සිටි කාන්තාවෝ දෙදෙනා එතැනට ආහ.
සුනඛයා සපාකෑම නිසා දෑත්වලටත් කකුල් දෙකටත් බරපතළ තුවාල සිදුව ලේ වැගිරෙමින් සිටි පෙම්වතා නිවෙස තුළට රැගෙන ගොස් අසල්වැසියකුගේ ත්‍රිරෝද රථයකින් රෝහල වෙත රැගෙන ගියත් රෝහලේ ජලභීතිකා එන්නත නොමැති නිසා වෙනත් රෝහලකට මාරුකර යැවීය. එයින් සිදුවූයේ තවත් දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමය. නිලධාරියකු සුනඛයකු සපා කෑම නිසා රෝහල්ගත කර ඇති බව ආයතන ප්‍රධානියාට රෝහලෙන් දැනුම්දීම නිසා සිද්ධිය පෙම්වතාගේ කාර්යාලය පුරා පැතිර ගියේය.
සුනඛයා සපාකෑම සිදුවූ ප්‍රදේශය වෙනත් දිස්ත්‍රික්කයකට අයත් එකක් බැවින් රාජකාරි ස්ථානයෙන් බැහැර යාමේ හේතුව ප්‍රධානියා දැනගත්තේය. එදින සිට පූර්ව අනුමැතියකින් තොරව නිලධාරින්ට බැහැර යාම ඔහු විසින් තහනම් කරනු ලැබීය.
බිරිඳ ද සිද්ධිය දැන ගැනීම නිසා ඇයද සිය මහ ගෙදර ගිය අතර පෙම්වතා වෙනත් කාර්යාලයකට මාරුවීමක් ලබාගෙන ගියද දිස්ත්‍රික්කයේ සියලුම ආයතනවල කතාව ඒ වන විටත් පැතිරගොස් තිබුණි.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජකාරි වෙලාවේ හොර ගමනක් ගියාම බල්ලෙක් පාඩමක් උගන්වලා