(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මගුල් උත්සවයේදී මංගල යුවළට රැග් එක දීමට සුදානම් වූ පිරිසකට මනාල යුවළ එක්ව රැග් එක දීමේ පුවතක් මොරගොල්ලාගමට නුදුරින් පිහිටි රජරට ප්‍රදේශයේ ගම් සීමවෙකින් අපට අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.

මනාලියගේ නිවසේ පැවති මංගල උත්සවයෙන් අනතුරුව හෝටලයක එදින රාත්‍රිය ගත කළ මනාල යුවළ පසු දිනයේ මනාලයාගේ නිවසට කැඳවාගෙන ඒමේ උත්සවයකි.
මනාලියගේ පාර්ශ්වයේ අය හෝටලයට පැමිණ එතැන්සිට මනාල යුවළ කැටුව මනාලයාගේ නිවසට ළඟාවීමට නියමිතව තිබුණි.
මනාලයාගේ හිතවත්හු පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා එම නිවසේ සිට අතුරු මාවත පසු කරමින් ප්‍රධාන මාවත දෙසට ගමන් කළහ.
පැමිණෙන මනාල යුවළ මෝටර් රථයෙන් බස්සවා ඔවුන් සැරසූ බක්කි කරත්තයක මනාලිය වාඩිකරවා මනාලයාට ඇදගෙන යාමටත්, තවත් තැනක සැරසූ විල්බැරෝවක මනාලයා හිඳුවා මනාලියට තල්ලු කරගෙන යාමටත් සියල්ල සැලසුම් කළහ.
බොහෝ පිරිස එය දැකගැනීමට ඒ වටා ඒකරාශීවී සිටියහ. නැකැත් හෝරාව ආසන්න වෙනවිට මෝටර් රථය හා මනාලියගේ පාර්ශ්වයේ උදවිය එහි ළගා වූ නමුත් මංගල යුවළ දක්නට නොලැබිණි.
කලබලයට පත් හිතවතුන් ඒ ගැන සොයා බැලීමේදී ඔවුනට දැනගන්නට ලැබුණේ මනාලයා මනාලිය බස්සවාගෙන අතුරු පාරකින් හොර රහසේ මනාලයා නිවසට ගොස් ඇති බවය.
ඒ අනුව රැස්ව සිටි පිරිස මනාල යුවළ දකින්නට එහි දිව ගිය අතරේ රැග් එක දීමට සුදානම් වූ පිරිසද බක්කි කරත්තය හා විල්බැරෝව මහමග දමා එහි ගොස් තිබේ.
මනාලයාගේ නිවසේ බක්කි කරත්තයක් හා විල්බැරෝවක් නැති නිසා හිතවතුන් එය ගෙනැවිත් තිබුණේ අවට ගම්මානයකින්ය.
රැග් එක දීමට බැරි වුවත් ඔවුන් ගෙනා බක්කි කරත්තය හා විල්බැරෝව මහමග දිගේ තල්ලු කරගෙන අයිතිකරුවන්ට බාරදීමට දුර ගෙවා යාමේදී ගමේ උදවියගෙන් ඔවුනට හූ වරුසාවක් එල්ලවීමට නියමිතව තිබු බැවින් ලැජ්ජාවෙන් බේරීමට රැග් කණ්ඩායම කුලී ගෙවා ඒවා තැරෑව්කරුවන්ගේ මාර්ගයෙන් එහි යැවීමට පියවර ගත් බව ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්නට ලැබුණි.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රැග් එක දෙන්න ගිය අය රැග් වී හූ වරුෂාවක්...
dias Wednesday, 29 May 2019 09:22 AM
මෙවැනි වැඩ කරනවුන්ට හොඳ පාඩමක්.