IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යතුරු පැදියෙන් මඟුලට ගිහින් විල්බැරෝවෙන් ගෙදර ඇවිත්

මංගල සාදයකට සහභාගී වී පදම ඉක්මවා සුරාව පානය කළ මැදිවියේ පසුවන්නකු තමන් පැමිණි යතුරුපැදිය වෙනුවට විල්බැරොවක් තල්ලු කරගෙන නිවෙසට ගිය සිද්ධියක් ගිරිබාව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබුණි. 


මේ විවාහ මංගල්‍යය ජයටම ගැනීමට නිවැසියන් කටයුතු යොදා තිබිණි. ගමේ ඥාති හිතවතුන්ට පමණක් නොව අසල්වැසි ගම්වල ඥාති හිතවතුන්ට ද ඒ සඳහා ආරාධනා කෙරිණි. 


ආරාධනාව අනුව අසල්වැසි ගමක හිතවතකු ද කල්වේලා ඇතිව දිවා භෝජන සංග්‍රහයට සම්බන්ධවීමට සිය යතුරුපැදියෙන් එහි ගොස් තිබේ. මංගල සාදය පැවැත්වූ නිවෙසට ආසන්නයේ වූ වෙනත් නිවෙසක යතුරුපැදිය නතර කළ ඔහු ඒ ටික දුර පා ගමනින් ගියේය. 


මංගල්‍යය පැවැත්වූ නිවෙසේ වැඩිහිටියෝ ඔහු සාදරයෙන් පිළිගත්හ. ප්‍රධාන මඟුල් මඬුවේ අසුන්ගත් හෙතෙම සිසිල් පැන් වීදුරුවක් ද හිස් කළේය. මඳ වේලාවකින් ගෙවත්තේ තැන් තැන්වල ඉදිකොට තිබූ කූඩාරමක් යටට හෙතෙම ඇදී ගියේය. මත්පැන් බෝතල්, කට ගැස්ම ආදිය මේසය මතට පැමිණෙන්නට විය. මේසය වටා තවත් හතර පස්දෙනෙක්ම වූහ. මත්පැන් බෝතල් එක, දෙක, තුන වශයෙන් හිස් වන්නට විය. ඔහුගේ පදම ඉක්මවා ගියේය. සෙස්සෝ දිවා භෝජනය භුක්ති විඳීමට පිටව ගියහ. ඔහු හිස මේසය මත තබාගෙන සැප නින්දකට අවතීර්ණ විය. 


“දැන් හවස හයයි. ගෙදර යන්න බැරි නම් ඇතුළට ඇවිත් නිදාගන්න” නිවැසියෙක් පැමිණ ඔහු අවදි කළේය. 


“නෑ... නෑ... ගෙදර යන්න පුළුවන්. මෝටර් සයිකලය අහවලාගේ ගෙදර තියෙනවා. මං යන්නම්” කී ඔහු බමන මතින්ම හුන් තැනින් නැගිට පාරට බැස යතුරුපැදිය නවතා තබා පැමිණි නිවෙසට ගියේය. යතුරුපැදිය අසලම විල්බැරෝවක් තිබී ඇත. හේ විල්බැරෝව ගෙන ‘කික්’ කොට තිබේ. එය ස්ටාට් නොවුණ නිසා තල්ලු කරන්න මාර්ගයට ගෙන තිබේ. මඟ දිගට ‘කික්’ කරමින් විල්බැරෝව තල්ලු කරමින් පාළු පාරක් හරහා හේ සිය නිවෙසට ගොස් තිබේ. 


මංගල උත්සවය පැවැති නිවසේ සිට ඔහුගේ නිවෙසට දුර කිලෝ මීටර් තුනහමාරක් පමණ වන බවත් මේ දුර විල්බැරෝව ත්ලලු කරගෙන යාමට පැය තුනක පමණ කාලයක් ගතවී ඇති බවත් දැන ගන්නට ලැබිණි. 


පසුදා අවදි වී බලන විට සිය යතුරුපැදිය නොමැති බවත්, නිවසේ නොතිබුණු විල්බැරෝවක් ඇති බවත් දැනගත් හෙතෙම සිදුව ඇති විපිරිසියාව මතකයට නඟාගෙන විල්බැරෝව ආපසු තල්ලු කරගෙනවිත් හිමිකරුට බාර දී යතුරුපැදිය ආපසු ගෙන ගොස් ඇත්තේ “බලාපන් මල්ලියේ විල්බැරෝව ස්ටාර්ට් කරන්න මඟ දිගට මං කික් කරලා මේ මගේ කකුලත් දැන් ඉදිමිලා” කියා පවසා ඇති බව එය අසා සිටියෙක් අප හා කීය. 
(ගල්ගමුව - නිහාල් ජයවීර)



අදහස් (0)

යතුරු පැදියෙන් මඟුලට ගිහින් විල්බැරෝවෙන් ගෙදර ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site