IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


යතුරුපැදියේ තෙල් බේරාගන්න ගිහින් බයිසිකලය කරේ තියාගෙන ඇවිත්

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
තෙල් සොරකමෙන් යතුරු පැදිය තල්ලු‍ කරන්නට සිදුවෙතැයි සිතා පාපැදියෙන් ගොස් පාපැදිය කරේ තබාගෙන එන්නට සිදුවූ අයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.


එක්තරා දිනෙක සැන්දෑ කාලයේ නගරයට ගිය ඔහුට සිය යතුරුපැදිය තල්ලු‍ කරගෙන ඒමට සිදුවූයේ එහි තෙල් ටික හොරකම් කර තිබූ නිසාය. එදා කාපු කට්ටේ තරම නිසාම ඔහු සිතා ගත්තේ නගරයට තනිගමන්  සන්ධ්‍යාවේ යතුරු පැදියෙන් නොයන්නය. එයට විකල්පයක් සඳහා යතුරුපැදියෙන් පාපැදියට ඔහු මාරුවුණේය.


 පාපැදියෙන් නගරයට ගිය ඔහු එහි පසුපස රෝදයට අගුලු දමා සිය අවශ්‍යතාව සඳහා ගියේය. අවශ්‍යතාව ඉටුකොට ගෙන සිය නිවෙස කරා යාමට අගුලු දමා නවතා තිබූ පාපැදිය වෙත ආවේය. එහි ඉදිරිපස රෝදය ගලවාගෙන ගොස් තිබෙනු දුටු ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේ කරුණු දෙකක් නිසාය. එකක් මෙය සිය නිවෙස දක්වා කිලෝමීටර් තුන හතරක් කර තබා ගෙන යාමට සිදුවීම හා ඉදිරිපස රෝදය දැමීමට මුදල් නැති කාලයේ එදා පාපැදියක්ම ගතහැකි මිලක්වූ රුපියල් දහපහළොස් දහසක් තනි රෝදයක් දැමීමට වැයවීම නිසාය.


 ඉස්සරහ රෝදය නැතිව හති හල හලා පාපැදිය කරතබාගෙන එනු දුටු භාර්යාව සිද්ධිය ඇසූ පසු ඔහුට දෙස්දෙවොල් තිබ්බේ වතාවක් මට්ටු වුණ ඔහුගේ තවත් අඩුපාඩුවක් සපුරන අදහසිනි.

 



අදහස් (0)

යතුරුපැදියේ තෙල් බේරාගන්න ගිහින් බයිසිකලය කරේ තියාගෙන ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site