IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


යතුරුපැදියේ තෙල් පරිස්සමට ගිහින් උන්න මළා නැතිවෙලා

කිව්.ආර්. කේතයෙන් යතුරු පැදියට ලබාගත් සීමිත ඉන්ධන ප්‍රමාණය සතියක් පරිස්සම් කරගන්නට ගොස් අසීමිතව තිබූ නෑසහෝදරකම පළුදුවූ පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ.


මේ කාන්තාව සියලු‍ම කාර්යයන් කර ගත්තේ යතුරු පැදියෙනි. කිව්.ආර්. කේතයට සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය මදිවේ යයි සිතූ ඇය එය පරිස්සම් කරන්නට උපරිම මහන්සියක් ගත්තාය. ඒ නිසාම සිය යතුරු පැදියේ ඉන්ධන සොරකම් කරාවී යන්න පිළිබඳව ඇය හොඳ සෝදිසියෙන්  පසු වුවාය.


ඇය නගරයට යන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවකටය. මාර්ගයේ යතුරු පැදිය නොදා ගිය ඇය කිට්ටු නෑයෙකුගේ නිවසේ එය දමා යාමට සිතා ගත්තාය. ඒ අනුව ඇය එහි නිවසට යතුරු පැදිය ගෙන ගියාය. එහි සිටියේ නිවැසි පුතාය. ‘‘ආ ආන්ටි මොකද මේ තකහනියක්ම ?’’ ඔහු ඇසුවේය. 


‘‘මම මේ බයිසිකලේ දාල යන්න බැලු‍වේ  කිව්.ආර්. එකට ගත්ත තෙල් ටික හොරකම් කළොත් ඉතිං සතියක්ම හබක්නේ පුතා’’ යයි ඇය කීවිට ‘‘හා ඒකත් ඇත්තනේ’’ යයි නිවැසි පුතා කීවේය.


‘‘හා ආන්ටි බයිසිකලය මිදුලේ දාන්න එපා ගේ පිටි පස්සෙම දාමු’’යයි කී පුතා ඒ සඳහා ඇයට උදව් කළේය.


ඒ ආසන්නයේම වෙළෙඳ සලකට ගිය ඇය හදිසි අවශ්‍යතාවකට දුරකතන ඇමතුමක් ගන්න සොයා බලනවිට සිය ජංගම දුරකතනය යතුරු පැදියේ කැබිනයේ බව සිහියට නැගිණි. යතුරු පැදිය ආසන්නයේම තිබූ බැවින් ජංගම දුරකතනය රැගෙන ඒමට ගිය ඇයට නිවැසි නෑදෑ පුතා සිය යතුරු පැදියෙන් තෙල් අදිනවා දුටුවිට දෙවියන් සිහිවිය.


‘‘මොකද පුතා ඔය කරන්නේ යයි කෑගසමින් ගිය ඇයට ඔහු කීවේ’’ අනේ ආන්ටි මගේ බසිසිකලේ තෙල් නැතිව නැවැතිලා තෙල් ඇබින්දක් ගන්නයි මේ හැදුවේ යයි ඔහු කීවේය.


ඒ වනවිටත් ඔහු තෙල් බෝතල් භාගයක් ඇද තිබෙනු දක්නට ලැබූ ඇය යතුරු පැදිය එතනින් රැගෙන ආවේ ආයේ ඉතිං අපේ නෑකම් අදින් ඉවරයි කියමින් පුපුර පුපුරමිණි.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

යතුරුපැදියේ තෙල් පරිස්සමට ගිහින් උන්න මළා නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site