IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


යතුරුපැදියෙන් ‘හොර මඟුල’ මාට්ටු

(වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)
හතළිස් තුන් හැවිරිදි එක්දරු මවක හා පෙමින් වෙලී ඇති විසිඅට හැවිරිදි තරුණ විවාහකයකු රාත්‍රී කාලයේ තම පෙම්වතිය හමුවීමට සිය යතුරු පැදියෙන් ඇයගේ නිවසට ගොස් සිටිය දී බලාපොරොත්තු නොවූ සිද්ධියක් නිසා යතුරු පැදිය ද පෙම්වතියගේ ගෙමිදුලේ දමා පණ බේරාගෙන නි​ෙවසේ පෑල දොරින් කළුවරේම පලාගොස් ඇති සිද්ධියක් අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි කාර්යාල බල ප්‍රදේශයේ පිහිටි පොලිසියකින් වාර්තා වේ.


වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.


මැදිවියේ පසුවන රූමත් කාන්තාවක් වන එක්දරු මව තම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවිකාවකි. 28 හැවිරිදි තරුණ විවාහකයා ද එම ඇඟලුම් ආයතනයේම සේවකයකු ලෙස කටයුතු කරන්නෙකි.


ඇඟලුම් සේවකයා දුර බැහැර ප්‍රදේශයකින් පැමිණ ඇඟලුම් ආයතනය ආසන්නයේ නේවාසිකව සිටිමින් රැකියාවට යන එන අයකු බව ද පොලිසිය කියයි. 


මෙම 28 හැවිරිදි ඇඟලුම් සේවකයා හා හතළිස් තුන් හැවිරිදි ඇඟලුම් සේවිකාව අතර පෙම් සබැඳියාවක් ඇඟලුම් ආයතනයේදී ඇතිවී ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියයි.


ඇඟලුම් සේවිකාවගේ සැමියා රාත්‍රී කාලයේ නි​ෙවසට නොඑන බව පවසා දුර බැහැර ගමනක් ගොස් සිටිය දී ඇඟලුම් සේවිකාවගේ ඇරයුම මත ඇඟලුම් කම්හල් සේවකයා සිය යතුරු පැදියෙන් රාත්‍රී කාලයේ තම අනියම් පෙම්වතියගේ නිවසට ගොස් ඇත.


තම පෙම්වතා නි​ෙවසට පැමිණි පසු ඇඟලුම් සේවිකාව වැඩි ආරක්ෂාව සඳහා නි​ෙවසේ ඉදිරිපස දොර අගුල දමා වසා දමා ඇති බව ද පොලිස් නිලධාරීහු පවසති.


රාත්‍රී කාලයේ ආපසු නි​ෙවසට නොඑන බව පවසා නි​ෙවසින් බැහැරට ගොස් ඇති ඇඟලුම් සේවිකාවගේ සැමියා ඇඟලුම් සේවිකාව කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පරිදි රාත්‍රී කාලයේ නි​ෙවසට පැමිණ ඇති බව ද පොලිසිය පවසයි.


තම ගෙමිදුලේ යතුරු පැදියක් නවතා තිබෙනු දැක ඇති ගෙහිමියා වහා නි​ෙවසේ ඉදිරිපස දොර අසලට ගොස් දොරට කිහිප වරක් තට්ටු කර තම බිරියට කථා කිරීමේ දී විනාඩි දෙක තුනකට පසුව ඇඟලුම් සේවිකාව දොර විවෘත කර ඇති බව පොලිස් විමර්ශනවල දී හෙළිවී තිබේ.


ගෙමිදුලේ නවතා ඇති යතුරු පැදිය පිළිබඳව සැමියා තම බිරියගෙන් විමසීමේ දී එය ආපදාවකට ලක්ව දන්නා හඳුනන අයකු ගෙමිදුලේ නවතා ගිය බව බිරිය පවසා ඇතැයි පොලිසිය කියයි.


සිදුවී ඇත්තේ කුමක්ද යන්න වටහාගෙන ඇති ගෙහිමියා අංක 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකතනයෙන් වහා කථාකර අයිතිකරුවකු නොමැති යතුරු පැදියක් තම ගෙමිදුලේ ඇතැයි දැනුම් දී එදින රාත්‍රියේම ප්‍රදේශයේ පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කර ඇත.


යතුරු පැදිය පිළිබඳව කරන ලද දැනුම් දීමකට අනුව පොලිස් ජංගම රථයක් රාත්‍රී කාලයේම එම නි​ෙවසට ගොස් යතුරු පැදිය එම රථයේ පටවාගෙන පොලිසියට රැගෙන ගොස් ඇති අතර, යතුරු පැදියේ හිමිකරු නි​ෙවස තුළ සිට නිවසේ පෑල දොරින් කලුවරේම පණ බේරාගෙන පලාගොස් ඇති බව සිද්ධිය විභාග කිරීමේ දී හෙළි වූ බවද පොලිසිය කියයි.


ගෙහිමියා දැන් තම බිරිය අතහැර වෙනත් නිවසක පදිංචිව සිටින බව ද පැවසෙයි.



අදහස් (0)

යතුරුපැදියෙන් ‘හොර මඟුල’ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site