(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සිඟමනේ පැමිණි යාචකයකුට මුදලක් දීමට මාරු සල්ලි නැති බව පැවසූ විට යාචකයා දුන් පිළිතුරින් අන්දමන්ද වූ පුද්ගලයකු පිළිබඳව නාගරික ප්‍රදේශයකින් වාර්තා විය.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු බස් රථයකට නැග ඇත්තේ නිවෙස බලා යාමටය. එදින ඔහුගේ පඩි දිනයද විය. ටික වේලාවක් ගත වෙද්දී බස් රථයට යාචකයකු ගොඩ විය. “අනේ මට කන්න මොනවා හරි ගන්න කීයක් හරි දෙන්න” යැයි අත පාමින් බස් රථයේ සියල්ලන් අසලටම යාචකයා පැමිණ ඇත. කීයක් හරි ලබා දෙනකම් එක් එක් මගියා අසල යාචකයා රැඳී සිට ඇත.
අන්තිමට අප කියන තැනැත්තා අසලට පැමිණි යාචකයා මහත්තයා මට කීයක් හරි දෙන්න. හරි බඩගිනියි” යැයි පවසා ඇත. හිත උණු වන පුද්ගලයකු වන ඔහුට යාචකයාට කීයක් හෝ දෙන්නට සිතුන ද මාරු කාසි නැතිවීම මහත් ප්‍රශ්නයක් විය.
මං ළඟ තියෙන්නේ පන්දාහේ නෝට්ටු” යැයි මෙකී තැනැත්තා පවසා ඇත. එවිට යාචකයා “හරි සර් මට දෙන ගාන කියන්නකෝ මං මාරු කරල ගන්නම්” යැයි පවසමින් දහසේ, පන්සියයේ නෝට්ටු මිටියක් එළියට ගෙන ඇත. අන්දුන් කුන්දුන් වූ ඔහු “යකඩෝ, මේ මිනිහා කන්නේ තරු පහේ හෝටල්වලින්” යැයි පවසමින් යාචකයා එළවාගෙන ඇත.
2025 ඔක්තෝබර් මස 08
1685
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1416
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
507
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යාචකයාගේ උත්තරෙන් මහත්තයාට තරු පෙනිලා