(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
අගනුවර සිට දුර පළාතක පිහිටි අවමංගල නිවසකට කුලී වාහනයකින් ගිය මිතුරන් පිරිසක් අතරේ සිටි අයෙක් ගිය වැඬේ පැත්තක තබා හොරෙන් එම නිවස අසල බූරු පොළකට ගොස් පැරදී අතේ මිටේ තිබූ දේත් අහිමිකරගෙන ආපසු පැමිණි සිද්ධියකි මේ.
සිද්ධිය මෙසේය. අගනුවර වැඩපොළක රැකියාවක් කරන මිතුරන් පිරිසකි. රැකියාව කරන මිතුරකුගේ සමීප ඥාතියකු හදිසියේ මරණයට පත්වූ බව ඇසූ මිතුරන් එහි යාමට කතිකා කරගෙන කුලී වෑන්රියකින් එහි ගොස් ඇත.
මෙම ගමන සඳහා රාත්‍රි කාලය තෝරාගෙන එදිනම රැයේ ආපසු ඒමටට ද මිතුරෝ තීරණය කළහ.
ඒ අනුව අගනුවරින් බැහැර තිබූ මෙම අවමංගල්‍ය නිවසට රාත්‍රියේ ගිය මිතුරන් කෙටි වෙලාවක් එහි රැඳී සිට ශෝකය පළකර ආපසු ඒමට සැරසී ඇත.
පිරිස සමග ගිය අයකු ගිය තැනක් හොයාගන්නට නොහැකි වී ඔහු සොයද්දී අසල තිබූ බූරුපොළකට එබිකම් කර බලද්දී මිතුරා එහි සිටිනු දැක මවිතයට පත්ව ‘මචං එළිවෙන්න ළඟයි යන්නේ නැද්ද?” කියා විමසූ විට ගාණක් දිනල ඉන්නේ තව ටිකයි. එනවා ඉක්මනට කියා ඇත.
මිතුරා ගාණක් හම්බකරගෙන එනු ඇතැයි සිතූ අනෙක් මිතුරන් මද වෙලාවක් බලමු දිනලා අපිටත් මොනවහරි කරයිනේ කියා ඇත. එහෙත් අලුයම වනතෙක්ම මිතුරා නොපැමිණි නිසා නැවත සොයද්දී මිතුරා වේගයෙන් එනු දැක මොකද වුණේ දිනුවද කියා විමසා ඇත. දිනුවා තමයි අතේ මිටේ තිබුණ ඒවත් සුද්දයි ඔහු පවසා ඇත.
ඕකනේ අපි කියන්නේ ඕවට යන අය ගොඩ යන්නේ නෑ කියලා. දැන් ඉතිං යමං මොනව කරන්නද කියා මිතුරන් ආපසු ඒමට පිටත්ව ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මළ ගෙදර ගිය මිතුරා බූරු පොළකට රිංගා සේසතම නැතිකරගෙන