IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මළගෙදරට දුන්න සීනී තේ කොළ පාර්සලය කරපිංචා පාර්සලයක් වෙලා

(බිංගිරිය වික්ටර් සෝමවීර)
දුරකතනයෙන් කරනලද දැනුම් දීමකට අනුව වයඹ පළාත්ට අයත් ප්‍රදේශයක සිට මළගෙදරක පැමිණි හිතවතකු සීනි තේකොළ පාර්සලය වෙනුවට කරපිංචා කොළ හා ඇඹුල් කෙසෙල් අැවරියක් සහිත පාර්සලයක් මළ ගෙදරකට ලබාදුන් පුවතක් සත්කෝරළයට අයත් ප්‍රදේශයකින් වාර්තාවේ.


 වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.


 කොවිඩ් 19 වසංගතය රට පුරා පවතින අවස්ථාවක මළගෙවල්වලට යාමට බොහෝ දෙනෙක්  අකමැතිය. පළාත් අතර සංචරණ සීමා පනවා තිබෙන හෙයින් වයඹ පළාතෙන් පිට පළාත්වල අයටද එම පළාතේ අවමගුල් උත්සවවලට සහභාගිවීම අපහසුය. පසුගිය දිනෙක වකුගඩු රෝගය වැළඳුන වයෝවෘද්ධ කාන්තාවක් කිසිවකු බලාපොරොත්තු  නොවූ පරිදි මියගොස් තිබිණි.


 රෝග ලක්ෂණ හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොතිබුණ අතර ප්‍රදේශයේ සිටින පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් ඇයට ප්‍රතිකාර කළේ රෝගය ඉක්මණින්ම සුවවේවි යන බලාපොරොත්තුවෙනි. නමුත් රෝගය වඩාත් උත්සන්න වී ඇය ප්‍රධාන රෝහලක් වෙත රැගෙන යාමට පවුලේ අයට සිදුවිය. කෙසේ වෙතත් ඇයට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නට හැකිවූයේ දින දෙකක කාල සීමාවක් පමණි. රෝගී කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය කොතෙක් උත්සාහ කළත් රෝගියා රෝහලේදීම මියගොස් තිබුණි.


මෙම මරණය පිළිබඳව මහත් සංවේගයට පත්වූ පවුලේ අය අසල්වාසීන්ට මෙන්ම හිතවතුන්ට නෑදැයින්ට දුරකතන ඇමතුම් මගින් ඇයගේ අවසන් කටයුතු  සිදුකරන දිනය පිළිබඳව  රෝහලේ සිටම දැනුම් දුන්නේය.


කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් පවතින නිසා වඩාත් සෞඛය ආරක්ෂිතව පැය විසිහතරක කාලයක් තුළ අවසන් කටයුතු සිදුකරන ලෙස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබාදී තිබිණි. මෘත දේහය භූමදානය නොකර ආදාහනය කිරීමට පවුලේ අය අදහස් කොට තිබුණි. එසේ කිරීම කාලය ඉතිරි කර ගැනීමටද පහසුවක් විය. අවමඟුල් උත්සව කටයුතුද ඉතාමත් චාම් අයුරින් සිදුකෙරිණි. සාමාන්‍යයෙන් අවමඟුල් උත්සවයට පැමිණෙන අය අත්‍යවශ්‍ය කුමන හෝ දෙයක් රැගෙන ඒම මළගෙවල්වලදී දැකගත හැකි දෙයකි.


වැඩි වශයෙන් හාල්, පොල්, සීනි, තේකොළ, බිස්කට්, කිරිපිටි පැකට් ආදිය මළගෙවල්වලට එන අය රැගෙන එනු ලබයි. මෙසේ පැමිණි අය අතර එක් හිතවතකු කරපිංචා කොළ හා කෙසෙල්  ඇවරියක් සහිත පාර්සලයක් එම මළගෙදරට රැගෙනවිත් තිබිණි.  පසුව ඔහු දුරකතන ඇමතුමක් ලබාදෙමින් සිදුවූ වැරැද්දට මහත් කනගාටුව පළකරමින්  මළ ගෙදර අයගෙන් සමාව ඉල්ලා සිටීමට තරම් කාරුණික වී තිබුණි. මම අතින් වැරදීමක් වුණා. අපේ ගෙදර අරගෙන යන්න ගත්ත කෙසෙල් ඇවරියයි කරපිංච ටිකයි දමාගත්තු පාර්සලය අමතක  වීමකින් තමයි මළගෙදරට දීල තියෙන්නෙ. සීනි තේකොළ පාර්සලය අපේ ගෙදර තියනව දැකලයි මම කෝල් කළේ. ඒ ගැන වැරදි විදියට හිතන්න එපා යනුවෙන් හිතවතා දුරකතන ඇමතුමක් ලබාදෙමින් පවසා තිබුණි. 

 



අදහස් (2)

මළගෙදරට දුන්න සීනී තේ කොළ පාර්සලය කරපිංචා පාර්සලයක් වෙලා

sam Sunday, 19 September 2021 05:36 AM

අවංක මනුස්සයෙක්. තමන් අතින් සිදුවුන වැරැද්ද පිළිගෙන සමාවත් ගැනීම උතුම් ක්‍රියාවක්.

:       0       8

zeylanicusMonday, 20 September 2021 11:04 AM

අත්‍යාවශ්‍යම ගමනක් හැර වෙන ගමන් යන්න එපා කියද්දී පිට පළාතක තියෙන අවමංගල උත්සවයකට ගියේ එ්කනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site