කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
දකුණු පළාතේ එක්තරා නගරයක පාසලක් අසල තිබූ ආපන ශාලාවකි. හොඳින් හැඳ පැළඳගත් වැදගත් යැයි සිතිය හැකි තිදෙනකු මෙම ආපන ශාලාවට පැමිණියේ දිවා ආහාරය ලබා ගන්නා අටියෙනි.

ඉඩපහසුකම් තිබූ තැනක් බලා මේසයක් වටා හිඳගත් ඔවුන් හට දැකගත හැකි වූයේ තම මේසයේත් අවට මේසවලත් වටපිටාවෙත් කරක්ගසන මැසි කැලකි. වරෙක මැස්සෝ අසල මේසයට ගෙනැවිත් තිබූ ආහාරවල වසති. තවත් වරෙක සිමෙන්ති පමණක් අතුරා ඇති පොළොවෙහිද තවත් වරෙක පැමිණ සිටි අයගේ ශරීරයෙහිද ලැගුම් ගනිති.
මෙම ස්ථානයෙහි ඇති අපිරිසුදු බව තේරුම්ගත් එක් අයකු පැවසුවේ අපි වෙන කඩයකට යමු කියාය. ඒත් අනෙක් අය පැවැසුවේ මේ වෙලාවේ තවත් තැන් හොයන්න බැහැ මෙතැනින්ම කාල යමු යනුවෙනි.
පැමිණි එක් අයකු වේටර් ළමයා අමතා දරුවා මේ මේසයේ හරියට මැස්සන් වහනවානේ කියනවාත් සමඟම පොඩ්ඩක් ඉන්න සර් කියමින් ප්‍රසිද්ධ මැසි මදුරු නාශකයක් ගෙනැවිත් මේසය පුරා ස්ප්‍රේ කර හැරියේය. ඉන්පසු ඔහු දැන් හරියි කියමින් මේසය මතට ආහාර පාන ගෙනවිත් තැබුවේ කිසිම ගානක් නැතිවය.
මෙයින් මවිතයට පත් ඔවුනොවුන් මුහුණට මුහුණ බලා නැගී සිට හොටෙල් හිමියා හමු වී මේ බව පැවසුවේය. බය වෙන්න එපා මහත්තයෝ අපි එදා ඉඳලම මැස්සන්ට දැම්මේ මේ දියර තමයි. ඔහු ද ඊට උත්තර දුන්නේ කිසි ගණනකට නැතිවය.
ඒ වුණාට බලන්න මුදලාලි මේවයේ තිබෙන්නේ වසනෙ. අනෙක මේ කඩයට ගොඩක්ම එන්නෙ පාසල් දරුවන් නේද?
මෙයින් කේන්ති ගත් ඔහු ඔහේලට ඕනෑ නම් කන්න. නැත්නම් යන්න යනුවෙන් පවසනවාත් සමඟ පැමිණ සිටි අමුත්තකු බෑගයෙන් පොතක් ගෙන එහි යමක් සටහන් කර මුදලාලි අත තැබීය.
අපි දන්වන දවසට උසාවියට එන්න යැයි ඔහු පැවසීය.
අතට ගත් කඩදාසිය කියවා බැලූ ඔහුගේ ඉහමොළ රත් වූවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ නිල මුද්‍රාව දැකීමෙනි.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහත්තුරු තුන් දෙනයි: මැස්සයි කඩේ මුදලාලි උසාවි යවලා