IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මෝහිණීට බය වී මඩවළක වැටිලා

(මාවරල පී.එස්.මද්දුමගේ)
හොල්මන් කථා ගැන රුහුණේ ගම්බද ජනතාව බලවත් විශ්වාසයක සිටින අතර, හොල්මන් වලින් ජනතාවට කරදර පීඩා ගෙන දෙන බවටද  මතයක්  පවතී. මේ කථාව  මිතුරන් දෙදෙනෙකුට හමු වූ, හොල්මනක් ගැනය.


දන්කොළුව ගම්මානය මාර්ග පහසුකම් නැති  නොදියුණු  ගම්මානයකි. පටු පාරකින් ප්‍රධාන මාර්ගයට යායුතුව තිබුණි. ගමේ බොහෝ දෙනෙක් පාරම්පරික  සිරිත් විරිත් වලට මුල් තැන දෙමින්   යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම ගැන බලවත් ඇදහීමකින් කාලය ගත කළහ.

ලෙඩක් දුකක් වැළඳුනහොත් පා ගමනින් කිලෝ මීටර කිපයක් දුර ගොස් ඩිස්පෙන්සරියකට යා හැකිය. බොහෝ දෙනෙක් උණ හෙම්බිරිසාවකට හෝ උණකට බේත් ගැනීමට නොගොස් ගමේ කට්ටඩි මහතා ළඟට ගොස් තෙල් මතුරා ගැනීම හෝ කසායක් සකස් කර බීමට හෝ මේ ගම් වැසියෝ පුරුදුවී සිටියහ.


ගමේ කීප දෙනකු රජයේ රැකියාවල යෙදී සිටියද, ඔවුන් රැකියා සදහා යාම්-ඊම් කළේ  පාපැදියකින් හෝ යතුරුපැදියකිනි. දුෂ්කර මාර්ග කොටස තුළ ගමන් කර ප්‍රධාන පාරට ගොස්  බස් රථයකට නැග ගැනීම ඒ අය සිරිතක් කරගෙන තිබුණි. එක්තරා මිතුරන් දෙදෙනෙක් සෑම දිනකම තම රැකියාව සදහා පාපැදියකින් යාමට ඒමට පුරුදුවී සිටියහ. මොවුන් රැකියාව නිමා වී නිවසට පැමිණෙන විට හොඳටම බිම් කළුවර  පරිසරය ගිලගනිමින් තිබිණි. සමහර දිනක අතිකාල සේවය කරන්නට සිදු වූ දිනට මොවුන් රාත්‍රී අට නවය වන විටත් කළුවරේම පා පැදියෙන් පැමිණෙන්නේ ඔවුන් සතු ජංගම දුර කථන වල විදුලි පන්දම් ආධාරයෙනි.


එක් පුර අටවක දිනක ට ආසන්න සතියේ දිනෙක සේවය සදහා ගිය මිතුරන් දෙදෙනා, රෑ බෝ වී නිවෙස් කරා එමින් සිටියහ. පසළොස්වක පෝය ආසන්නවෙමින් තිබූ නිසා යාන්තමට මෝදුවන සඳ එළියද මෙදින පැවැතියද, වැහිබර වළාකුළු නිසා එළියද බොදවී තිබුණි.


අඳුරේ එන මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකු  දුර  තියා  දුටු දෙයින් තිගැස්සිණි. “ඒයි අන්න හොල්මනක්. මෝහිණියද කොහෙද පාර මාරු වුණා. දරුවෙකුත් වඩාගෙන ගැහැනියක් පාර මාරු වෙලා ගියා. යයි අනෙක්  මිතුරාට කීය.


“කෝ බන් මං දැක්කෙ නෑ. අනෙකාගේ පිළිතුර විය.හොල්මන ගැන  විමසීමට පාරේ ඈතට දෑස් දැල්වූ පාපැදිය පැදගෙන ගිය මිතුරා, වළක වැටී පාපැදියෙන් දෙදෙනාම බිමට ඇද වැටුනේ විශාල ශබ්දයක්ද නගමිනි. මෝහිණීගේ දිෂ්ටිය නිසා මේ අනතුර සිදු වුනායයි, මොවුන් දෙදෙනා බියට පත්ව මහ හඩින් විලාප නගා “අපට මෝහිණී ගැහුවෝ’’ කියමින් බෙරිහන් දුන්හ. 


ඒ අසල නිවෙසක ගෙහිමියා මේ ශබ්දය ඇසී වහා එතනට දුවගෙන ඇවිත් විදුලි පන්දම දල්වා, සොයා බලන විට  මිතුරන් දෙදෙනා  මඩ වළක වැටී සිටින අන්දමත්, පාපැදියේ පැඩල් එකකට එක් අයෙකුගේ කකුල තුවාල වී ඇති බවත් දැක ගත් ගෙහිමියා, ඔවුන් නැගිටුවා, “කුමක් සිදු වූයේදැ?’’ යි විමසීය.


මිතුරන් දෙදෙනා හොල්මන දුටු අයුරු විස්තර කර දුන්හ.


කථාව ඇසූ ගෙහිමියා මහ හයියෙන් සිනා සී “මගේ පුංචි දරුවට සසලෝල උණ හැදිල හිටියෙ. මම කුඹුරට ගිහින් එනවිට රෑ බෝවන නිසා බිරිඳ දරුවන් එක්ක කට්ටඩි ගුරුන්නාන්සෙ ළගට ගිහින් තෙල් සාත්තුවක් කරගෙන ආවා. එයා දැන් ගෙදරට ආවෙ. ඔයගොල්ලො දැකල තියෙන්නෙ දරුවත් එක්ක එන මගේ නෝනා. බය නැතුව ගිහින් තුවාලයට බේත්ටිකක් දාගන්න. යයි පැවැසීය. මිතුරන් දෙදෙනා එකිනෙකාගේ මුහුණු ලජ්ජා සහගත ඉරිව්වකින් බලාගත් අතර ගෙහිමියාට ස්තුති කර නිවෙස් බලා යාමට පිටත්වූහ.
පියසේන මද්දුමගේ ගොමිල මාවරල

 



අදහස් (0)

මෝහිණීට බය වී මඩවළක වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site